Connect with us

පුවත්

ජනපති ඉල්ලීමට චීනය කන්දෙයි; තෙල් ලීටර් මිලියන 10.6ක් නොමිලේ

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන රජයෙන් කළ ඉල්ලීමට අනුව ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සහ ධීවර කටයුතු සඳහා ඉන්ධන ලීටර් මිලියන 10.6ක් ලබාදීමට චීන රජය එකඟත්වය පළ කර ඇතැයි වාර්තා වේ.

චීන ආධාර යටතේ මෙරටට හිමිවන ඩීසල් ලීටර් ලක්ෂ 75ක් කෘෂිකාර්මික කටයුතු සඳහා නොමිලේ ලබාදීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කරයි.

ඉන්ධන තොගය දෙසැම්බර් මස වන විට මෙරටට ලැබීමට නියමිත බැවින් අස්වනු නෙළන අවස්ථාවේදී ගොවීන්ට එම ඉන්ධන ලබාදීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටී.

අදාළ ඉන්ධන ගොවීන්ට නොමිලේ ලබාදෙන බව ද අමාත්‍යවරයා සදහන් කළේය.

එමෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළේ, යම්කිසි ප්‍රදේශයක සී සෑම හෝ අස්වනු නෙළීමේදී ඉන්ධන සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම් දිස්ත්‍රික් ලේකම්වරු හමුවී ඊට පිළියම් යොදා ගත හැකි බවය.

පුවත්

පාර්ලිමේන්තුව හෙට රාත්‍රී 9.30 තෙක් පැවැත්වීමට තීරණයක්

Published

on

By

හෙට දිනයේදී පාර්ලිමේන්තුව රාත්‍රී 9.30 තෙක් පැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේදී තිරණය වී තිබේ.

ඒ අනුව පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය හෙට පස්වරු 5.30 සිට පස්වරු 9.30 දක්වා පැවැත්වීමට තීරණය වූ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.

Continue Reading

පුවත්

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න

Published

on

By

ඊයේ (දෙසැම්බර් 02) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය 

Continue Reading

පුවත්

මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දිවුරුම් දෙයි

Published

on

By

මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට පත් එස්. එම් නලීම්  මහතා අද (03) පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නේය.

ඒ කථානායක අශෝක රංවල මහතා ඉදිරියේදීය.

පසුගිය මහමැතිවරණට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඡන්ද 87,038ක් ලබා ගනිමින් ආසන 2ක් හිමි කරගත්තේය.

ඒ අනුව එම පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි වූ අතර එම මන්ත්‍රී ධුරය සඳහා ඒ මහතා නම් කිරීමට එම පක්ෂය තීරණය කර තිබුණි.

ඔහු මින් පෙර එරාවුර් නගර සභාවේ හිටපු සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved