Connect with us

පුවත්

ජනපති – එ.ජා. නේවාසික සම්බන්ධීකාරකවරයා අතර හමුවක්

Published

on

ලංකාවට එක්සත් ජාතීන්ගේ නව නේවාසික සම්බන්ධීකාරක ලෙස පසුගියදා පත් වූ මාර්ක්-ආන්ද්‍රේ ෆ්‍රැන්චෙ (Marc-André Franche) මහතා ඊයේ (24) පස්වරුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර ලිපිය ප්‍රදානය කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන හවුල්කාරිත්වය සම්බන්ධයෙන් එම මහතා සිය ප්‍රශංසාව පළ කර ඇති අතර, තිරසාර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රය සාක්ෂාත් කර ගැනීමේ අරමුණෙන් ශ්‍රී ලංකා රජය සහ ජනතාව සමඟ අඛණ්ඩව කටයුතු කිරීම සඳහා මෙරට සිටින එක්සත් ජාතීන්ගේ සංවිධාන කණ්ඩායමේ කැපවීම ද යළිත් සහතික කළේය.

වත්මන් තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකේය ජනතාව මුහුණ දෙන පීඩනයන් හා අභියෝග තේරුම්ගත් මාර්ක්-ආන්ද්‍රේ මහතා, මෙරට ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් ප්‍රශංසාව පළ කර තිබේ. වඩාත් අවදානමට ලක්විය හැකි අය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, තිරසාර ආර්ථික ප්‍රකෘතියක් සඳහා රජය සමඟ එක්ව කටයුතු කිරීමට එක්සත් ජාතීන් ගේ සංවිධානය කැපවී සිටින බවට ඔහු සහතික විය.

දේශගුණික වෙනස්වීම සම්බන්ධ න්‍යාය පත්‍රය පිළිබඳව ශ්‍රී ලංකාවේ ජාතික කැපවීම් මෙන්ම උතුරු – නැගෙනහිර පළාත් ඇතුළු ප්‍රජාවන්ගේ ජීවනෝපාය සහ යහපැවැත්ම වැඩිදියුණු කිරීමට උපකාරී වන සංහිඳියාව, මානව හිමිකම් සහ සංවර්ධන මුලපිරීම් ඉලක්ක කරගත් අඛණ්ඩ පියවරයන් පිළිබඳව මාර්ක්-අන්ද්‍රේ මහතා සහ ජනාධිපති වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සාකච්ඡා කර තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී ණය ප්‍රතිකර්ම කටයුතු සාධාරණ ලෙස සිදුකිරීම සහතික කිරීම සඳහා එක්සත් ජාතීන් ලබාදෙන සහය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කළ බවද පවසන ජනාධිපති මාධ්‍ය අංශය, ජනාධිපතිවරයා විසින් උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල සංවර්ධනය සහ ප්‍රතිසන්ධානය සඳහා වූ සැලසුම් මෙහිදී ඉදිරිපත් කළ බවද කියා සිටියි.

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved