ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියුබාවේ සහ අමෙරිකානු සංචාරයක් සඳහා අද (13) අලුයම දිවයිනෙන් පිටව ගොස් තිබේ.
ජනාධිපතිවරයා ඇතුළු දුත පිරිස අද අලුයම 03.15ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ- 649 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව “අද දෙරණ” ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේය.
ඩුබායි සිට ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස වෙනත් ගුවන් යානයකින් අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.
ලබන 15 වනදා සිට 16 වනදා දක්වා කියුබාවේ හවානා නුවර පැවැත්වෙන ජී. 77 රාජ්‍ය නායක සමුළුවට ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිතය.
ඉන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 19 සිට 21 වනදා දක්වා අමෙරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන වාර්ෂික සැසි වාරයේ රාජ්‍ය නායක සමුළුව ඇමතීමට ද නියමිතව තිබේ.