Connect with us

පුවත්

ජනපති කිව්වත් ඇමති නලීන් හා පිරිස පොල්තෙල් වලින් ලිස්සලා

Published

on

මෙරටදී පිරිපහදු කරන පොල්තෙල් සඳහා අය කරන වැට් බද්ද අඩු කිරීම හෝ ඔවුන්ට වෙනත් සහනයක් ලබාදීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාට ඉකුත් සතියේ දැනුම්දී ඇතත්, එය මෙතෙක් සකස් කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය කටයුතු කර නැතැයි වාර්තා වේ.

අදාළ කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් වෙළෙඳ ඇමැති නලීන් ප්‍රනාන්දු මහතාගෙන් මාධ්‍ය කළ විමසීමේදී ඔහු පවසා ඇත්ත‍ේ අදාළ පත්‍රිකාව සකස් කර නොමැති බවය.

වෙළෙඳපොළේ පොල්තෙල් බෝතලයක මිල රුපියල් 550ක් දක්වා මේ වනවිට ඉහළ ගොස් තිබේ.

පිරිපහදු නොකරන ලද පොල්තෙල් ආනයනය කිරීමේදී වරායේදී ගෙවන බද්දට අමතරව, ඒවා රට තුළදී පිරිපහදු කිරීමෙන් පසුද වැට් බද්දක් ගෙවීමට සිදුවීම නිසා පොල්තෙල් කර්මාන්තය පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයිද, මේ නිසා පොල්තෙල් පිරිපහදු කර්මාන්තශාලා රැසක් වැසී ගොස් ඇතැයිද කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයේදී කියා සිටියේය.

පිරිපහදු කරන ලද පොල්තෙල් ආනයනකරුවන්ගෙන් වරායේදී අය කරන බද්දට අමතරව කිසිදු බද්දක් අය නොකරන බැවින් ඔවුන් පොල්තෙල්වලින් අධික ලාභයක් උපයන බවත්, මේ වනවිට එම පොල්තෙල් ආනයනකරුවන් වෙළෙඳපොළේ පොල් තෙල් මාෆියාවක් ක්‍රියාත්මක කරමින් සිටින බවට ද චෝදනා එල්ලවී තිබේ.

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved