Connect with us

පුවත්

ජනපති ගැන අසත්‍ය පුවතක්

Published

on

වැලිකඩ බන්ධනාගාරය පිළිබඳ අසත්‍ය වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම සම්බන්ධව බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා කරුණු දක්වා තිබේ.

වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙය ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්වූ බවට වන වීඩියෝවක් පසුගිය 15 වැනි දින යූටියුබ් සමාජ මාධ්‍ය තුළ සංසරණය වී තිබුණි.

මෙය අසත්‍ය වීඩියෝවක් බව මේ පිළිබඳ කරුණු දක්වමින් බන්ධනාගාර කොමසාරිස්වරයා පැවසුවේය.

එමෙන්ම ජනාධිපතිවරයා විසින් මෑත කාලයේ වැලිකඩ බන්ධනාගාරය හෝ වෙනත් කිසිදු බන්ධනාගාරයක නිරීක්ෂණ සංචාරයක් සිදුකර නොමැති බවත් වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙය සම්බන්යෙන් කිසිදු විමසීමක්ද කර නොමැති බවත් ඔහු සඳහන් කලේය.

ඔහු පැවසුවේ බන්ධනාගාර ක්‍රියාවලිය තුළ දෛනිකව රැඳවූවන් සඳහා ආහාර ලබාදීමේදී සලාක ලබා ගැනීමේ සිට නේවාසිකයින්ට ආහාර ලබාදීම දක්වා නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදුවන බවත් එය ආයතන ප්‍රධානීයාගේ අධීක්ෂණයටද ලක්වන බවය.

එමෙන්ම පිසින ලද ආහාර නේවාසිකයින්ට ලබා දීමට ප්‍රථම දෛනිකව බන්ධනාගාර අධිකාරීවරයා විසින් එම ආහාර ගෙන පරීක්ෂා කිරීමෙන් අනතුරුව ආහාර ලබා දීම සිදුකරන බවද ඔහු පවසයි.

කොමසාරිස්වරයා පැවසුවේ බන්ධනාගාර ආයතන තුළ යම් පටිගත කිරීමක් හෝ දර්ශන ලබාගන්නේ නම් ඒ සඳහා බන්ධනාගාර මූලස්ථානය මගින් විශේෂ අවසරයක් ලබාගත යුතු අතර මෙම සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන ලබා ගැනීමට කිසිදු මාධ්‍ය ආයතනයක් මගින් අවසර ලබා ගෙන නොමැති බවත් ඒ සඳහා රූගත කිරීමක් ද සිදුව නොමැති බවත් ය.

ඒ අනුව මෙම පුවත හා සම්බන්ද දර්ශන සියල්ලම වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙය හෝ වෙනත් කිසිදු බන්ධනාගාරයක් තුළ රූගත කළ දර්ශණයක් නොවන බව ඔහු පෙන්වා දෙයි.

ඒ අනුව එම යූටියුබ් නාලිකාව මගින් සිදුකර ඇති අසත්‍ය කරුණු හේතුවෙන් ජනාධිපතිවරයා හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව අපහසුතාවට හා අපකීර්තියට ලක් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත මේ වන විට පැමිණිළි කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved