Connect with us

පුවත්

ජනපති මන්ත්‍රීවරුන්ට තැබූ FB සටහන

Published

on

තමා සමග සිටි සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ස්තූතිවන්ත වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ, සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.

උපුටා ගැනීම
– මෙම ගමනේදී මා සමග සිටි සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මම ස්තූතිවන්ත වෙන්න කැමතියි. මුල සිටම මා සමග සිටි අයට විශේෂයෙන්ම කියන්නට ඕනි, ඔබේ සහය නිසා තමයි අපි සාර්ථක ආරම්භයක් ලබා ගත්තේ. රට දරුණු අර්බුදයක සිටියදී, පුරවැසියන් බලශක්තිය, ඉන්ධන, ඖෂධ සහ අත්‍යවශ්‍ය දෑ නැතිව අරගල කරද්දී, ඔබ මා ගැනත් මගේ සැලැස්ම ගැනත් විශ්වාස කළා. ජයගත නොහැකියි කියලා සමහරු විශ්වාස කළ අභියෝග හමුවේ ඔබ ගේ කැපවීම සහ විශ්වාසය අපිව දිරි ගැන්නුවා.

ඒ වගේම අපේ ප්‍රගතිය දැකලා, වෙනසේ කොටස්කරුවන් වීමට තීරණය කරලා මේ ගමනේ අතර මගදී අපිට එකතුවුණු මන්ත්‍රීවරුන්ටත් මම ස්තුති කරන්න කැමතියි.

උපුටා ගැනීම අවසන්

ජනාධිපතිවරයා එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ, මේ මොහොතේ තමන් සමග එක්වන පිරිස සාදරයෙන් පිළිගන්නා බවයි.

උපුටා ගැනීම

මේ වෙලාවේ අප සමග එක්වන අයව අපි සාදරයෙන් පිළිගන්නවා. ඔබේ සහය අපේ ගමන් මගේ සාර්ථකත්වය ගැන ඔබ තුළ ඇති විශ්වාසය ලෝකයටම පෙන්නනවා. පක්ෂ දේශපාලනය පසෙක ලා එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ඔබ තේරුම් ගෙන තිබෙනවා. එකට එක්ව අපට තව බොහෝ දේ කළ හැකියි. තවමත් අප සමග එක්නොවූ මන්ත්‍රීවරුන්ටත් මම කියන්න ඕනි, අපි ඔබවත් මේ ගමනේ කොටස්කරුවන් කරගැනීමට සූදානම්. සමෘද්ධිමත්, එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ අපේ මෙහෙවර තවමත් සිදු වෙමින් පවතිනවා, එය යතාර්ථයක් බවට පත් කිරීමට කැමති සෑම කෙනක්ම අපට අවශ්‍යයි. මේ ගමන පහසු එකක් නොවුණත්, අපි එකතු වීමෙන් රටට සහ මහජනතාවට අපේ යුතුකම ඉටු කරන්න පුළුවන් කියන එක මම විශ්වාස කරනවා. එකට එක්ව, අපි සමෘද්ධිමත්, එක්සත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරමු.
අපේ රටේ අනාගතය වෙනුවෙන් ඔබේ කැපවීමට සහ ඒ වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගැනීමට ඇති ඔබේ ධෛර්යය ගැන මම අවසාන වශයෙන් ඔබට ස්තුතිවන්ත වෙන්න කැමතියි.

උපුටා ගැනීම අවසන්

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved