Connect with us

පුවත්

ජනපති මිලියනයකින් රටවල් තුනකට ගියේ ගුවන්යානයේ ෆුට් බෝඩ් එකේ? – දිලිත් ජයවීර 

Published

on

තාරුණ්‍යයේ මල්වන් සිහින එක මිටට ගෙන බිඳ දමා ඇතැයි සර්වජන බලය පක්ෂයේ පත් කළ මන්ත්‍රි දිලිත්  ජයවීර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (27) පැවසීය.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමින් මේ බව කී මන්ත්‍රිවරයා මෙසේද කීවේය.

”මේ අයවැයේ නොදකින්නේ රට කිනම් දිශානතියක් කරාගෙන යනවා ද කියන කාරණය. ඒ වගේම නොදකින්නේ රට ගැන ඇති දර්ශනය. අපට දක්නට තියෙන්නෙ කරුණු තුනක් පමණයි. එකක් පසුගිය රජයන් කළ වැරැදි අවභාවිතයන් ගැන කතා කිරීම. ඊළඟට අයවැය යෝජනාවල තියෙන සමාජ සුබසාධන ලක්ෂණ. අනික් කාරණය තමයි මේ අයවැය කොහොමද ප්‍රගතිශීලී අයවැයක් වෙන්නෙ කියන එක. දැන් තියෙන්නෙ සමාජවාදී ආණ්ඩුවක් කියලා අපේ ගම්වල අහිංසක මිනිසුන් හිතාගෙන ඉන්නව. කොළඹට කිරි ගමට කැකිරි කියන කිරි කැකිරි ආර්ථිකය තමයි අපට දැනෙන්නේ. මම අහනවා මොන දෙයින් ද ගමේ අහිංසක මිනිහට මේ අයවැයෙන් යමක් ලැබුණෙ කියලා. ගමේ මනුස්සයව නිර්ධන පාන්තිකයව උඩට ගන්න මොනවද තියෙන යෝජනා කියලා . ඒ අයට අවශ්‍යයි දියුණු වෙනවා දකින්න. තමන්ගේ පුතා පොඩි කාරෙකක යනවා දකින්නට ආසයි. තාරුණ්‍යයට අවශ්‍යයි තමන්ගෙ සිහින ඉටු කරගන්න. ඒත් ඔවුන්ගේ සිහින යථාර්ථයක් වෙනවා වෙනුවට තියෙන සිහින ටිකත් නැති වෙලා.

වැටුණු ව්‍යවසායකයන් ගොඩ ගන්නට පියවර ගනිවි කියලා හිතුවා. වැටුණු ව්‍යාපාර කොහොමද බේර ගන්නෙ කියලා ඒ අය බලනවා. ඔවුන්ගේ අවශ්‍යතාව මේ අයවැයෙන් ඉටු වී නැහැ. මේ ගැන සංවාදයක් නැහැ. අවාසනාවකට වගේ පරණ පුරුදු ගුප්ත දේශපාලනය තවමත් ක්‍රියාත්මක වෙන්නේ. ඒ සැඟවුණු දේශපාලනය භාවිත කරමින් යන ගමනකින් රට ඉදිරියට යන්නේ නැහැ. දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා කියලා වියදම් අඩු කිරීම නෙමෙයි කළ යුතු වන්නේ. වියදම් අඩු කළ පමණින් රට ගොඩ යන්නෙ නැහැ. ධනය නිර්මාණය කළ යුතුයි. ධනය නිර්මාණය කිරීමට නම් ප්‍රාග්ධනය යෙදවීය යුතුයි. ප්‍රාග්ධනය නොයොදා වියදම් අඩු කළ පමණින් නාස්තිය අඩු කිරීමකින් පමණක් රට ගොඩ යන්නෙ නැහැ. හොඳම උදාහරණය තමයි විදෙස් ගමන් වියදම් අඩු කිරීම ගැන කීම. ජනාධිපතිවරයා මිලියනයක් වියදම් කරලා රටවල් තුනකට යන්නෙ කොහොමද කියලා මම දන්නෙ නැහැ. කොහොම ගියත් ෆුට් බෝඩ් එකේ එල්ලිලා ගියත් වියදම අඩු වුණේ කොහොමද කියලා මම දැනගන්න කැමැතියි. ඒ පමණින් ලාභය හට ගන්නෙ නැහැ. අපි සමස්තය තේරුම් ගත යුතුයි. අපි කොහොමද මේ විශාල අයවැය පරතරය පියවා ගන්නෙ. ගෙවන්න තියෙන ණය ගෙවා ගන්නේ. අපි කිසිසේත් අපිට බොරු කරගන්නට නරකයි. විවෘත සංවාදයක් තුළ මේ කරුණු ගැන අවධානය යොමුකිරීම වැදගත්. එන්පීපී වේදිකාවේ තාරුණ්‍යයට විශාල අපේක්ෂාවක් දුන්නා. විශේෂයෙන් රටට ඩොලර් ගෙනෙන තරුණයන්ට සියලු අවස්ථා දීලා තාරුණ්‍යයේ නිර්මාණශීලීත්වයට පණ දෙනවා කිව්වා. නමුත් ආදායම් බදු දෙපාර්තමේන්තුව හොරෙන් ගැහැව්වා ආදායම් බද්දක්. මෙතෙක් නොතිබූ සියයට පහළොවක බද්දක්. ඒ බද්ද වදින්නෙ තාරුණ්‍යයේ නිර්මාණශීීත්වයට. තාරුණ්‍යයේ මල්වන් සිහින එක මිටට අරගෙන බිඳලා දැම්මා. නිර්මාණශීලීත්වයෙන් ලබන ඉපැයීමටයි ඒ බද්ද ගැහැව්වෙ. ඒ සිහින බිඳ දැමීම ගැන කනගාටුයි. මේ දෙස බලලා විකල්ප යෝජනාවලියක් දෙන්න.”

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved