Connect with us

පුවත්

ජනපති රට හදන්න ඩෑස්පෝරාවටත් ආරාධනා කරයි!

Published

on

දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා සක්‍රීය කාර්යභාරයක් ඉටු කිරීමට එක්වන ලෙස ඩයස්පෝරාවේ තරුණ තරුණියන් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවට ආරාධනා කර සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

යටත් විජිත පාලනයෙන් නිදහස ලබා වසර 100ක් සපිරෙන 2048 වසර වන විට ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්වනු ඇතැයි ද ඔහු කීය.

එම සියල්ල රඳා පවතින්නේ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා වූ කැපවීම මත බවත්, වැඩිදුරටත් පෙන්වා දුන් ජනාධිපතිවරයා එහිදී ලංකාවේ උපායමාර්ගික පිහිටීම භාවිතයට ගත යුතු බව ද සඳහන් කළේය. 

මහ බලවතුන්ගේ එදිරිවාදිකම් හෝ ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවට විවෘත වන ඉන්දියානු වෙළෙඳ පොළ ප්‍රවේශය හෝ අප්‍රිකානු වෙළෙඳ පොළ විවෘත වීමට බාධා ඇති විය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. 

ඕස්ට්‍රේලියාව, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය අතර මෑතකදී පිහිටුවන ලද “Aukus” ගිවිසුම, චීනය සහ ක්වාඩ් අතර තරගය වඩාත් තීව්‍රර කර ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ හාවඩ් විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරන ලද සම්මුඛ සාකච්ඡාවකට සූම් තාක්ෂණය ඔස්සේ එක්වෙමිනි. 

ඉන්දු පැසිෆික් කලාපය පිළිබඳ ආසියාන් ඉදිරි දර්ශනයට ශ්‍රී ලංකාව එකඟවන බව ද පැවසූ ජනාධිපතිවරයා ඉන්දු පැසිෆික් කලාපය එකිනෙකට වෙනස් සාගර දෙකකින් සමන්විත වන බවත් ඉන්දියන් සාගරයේ නාවික යාත්‍රා කිරීමේ නිදහස සහ මුහුද යට කේබල්වල ආරක්ෂාව සඳහා අපේ රට කැපවී සිටින බවත් එබැවින් ආසියා පැසිෆික් කලාපයේ විශේෂයෙන්ම තායිවානයේ ප්‍රශ්න ඉන්දියන් සාගරයට කාන්දු නොවීමට වගබලා ගැනීම ශ්‍රී ලංකාවේ අනාගතයට අත්‍යාවශ්‍ය බවත් සඳහන් කළේය.

ශ්‍රි ලංකාව ඉදිරි වසර 25 තුළ ඉන්දියන් සාගරයේ සෙසු රටවල් සහ දකුණු ආසියාව සමඟ එක්ව ඉදිරියට යමින් දැවැන්ත සංවර්ධන ඉලක්කයක් සපුරාගනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.

පුවත්

අයවැය හිඟය රු බිලියන 2,200ක්

Published

on

By

2025 සඳහා අයවැය යෝජනාවලිය අද (17) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

එහි සඳහන් වන්නේ 2025 සඳහා අදායම් ලෙස රුපියල් බිලියන 4,990ක් ලැබෙතැයි ඇස්තමේන්තු කරන බවත් වියදම් ලෙස රුපියල් බිලියන 7,190ක් ඇස්තමේන්තු කර ඇති බවත් ය.

ඒ අනුව අයවැය පරතරය රුපියල් බිලියන 2,200කි.

මෙම අගය දේශීය හා විදේශීය ණය ගැනීම් හරහා පියවා ගැනීමට නියමිතය.

කෙසේවෙතත් මෙවර රු. බිලියන 700ක ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් තබා ගනිමින් අයවැය ඉදිරිපත් කර තිබේ. 

Continue Reading

පුවත්

අයවැය කතාව – 2025

Published

on

By

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (17) පාර්ලිමේන්තුවේ දී සිය මංගල අයවැය කතාව පැවැත්වූයේය.

ජනාධිපතිවරයා විසින් පවත්වන ලද සම්පූර්ණ කතාව පහතින්

Continue Reading

පුවත්

බේස් නයිට් ක්ලබ් එකට විස්කි සප්ලයි කර ඇත්තේ ලක්පහන ඔටෝ

Published

on

By

වාහන අමතර කොටස් ආනයනය කරන මුවාවෙන් රුපියල් කෝටියකට ආසන්න වටිනාකමක් ඇති විදේශීය මත්පැන් ගෙන එන ලද නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේ පිහිටි ලක්පහන ඔටෝ (Lakpahana Auto) වාහන ආනයන කොටස් අලෙවි සමාගමේ කළමනාකාරවරයකු වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 59 හැවිරිදි එහි කළමනාකරු වශයෙන් කටයුතු කරන පුද්ගලයකු බව පොලිසිය කීය.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව එම ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී කේ. ඒ උදයකුමාර මහතාගේ සැලසුමකට අනුව දෙල්කඳ පිහිටි අදාළ වාහන අමතර කොටස් අලෙවි සමාගම පෙරේදා (15) වැටලීමට ලක්කර තිබිණි.

මෙහි මත්පැන් තොග වශයෙන් සඟවා තබා කොට්ටාව ප්‍රදේශයේ ව්‍යාපා රිකයෙක් විසින් කොල්ලුපිටි හා කොට්ටාවේ පිහිටි බේස් (BASE) රාත්‍රි සමාජ ශාලා වෙත රැගෙන යන බවට සිදුකළ මුලික පරීක්ෂණවලදී හෙළිව තිබේ.

තීරුබදු නොගෙවා මෙම මත්පැන් ආනයනය කිරීම මගින් රජයට විශාල ආදායමක් අහිමි කර ඇති බවත් සැකකරු විදේශීය මත්පැන් තොගය වැඩිදුර විමර්ශන සඳහා මිරිහාන මූලස්ථාන පොලිසිය වෙත බාරදී ඇති බවත් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය පවසයි.

පොලිස් මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved