Connect with us

පුවත්

ජනපති ලේකම් කාර්යාලයේ අතුරුදන් වාහන 13ක් ගැන තොරතුරු නැහැ – CID

Published

on

ජනාධිපති ලේකම් කාර්යාලය සතුව තිබී අස්ථානගත වී ඇතැයි කියන සුඛෝපභෝගී වාහන 13 ක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (16) දන්වා සිටියේය.

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් රථවාහන 29 ක් අස්ථානගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරන විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් එම කරුණු කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය වෙත දන්වා සිටියේය.

ජනාධිපති ලේකම්වරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අධිකරණය වෙත දන්වා සිටියේය.

මෙම විමර්ශනයට අදාළව ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්වරයකුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් දන්වා සිටියේය.

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත්ව තිබූ අස්ථානගත වූ වාහන 29 අතරින් වාහන 16 ක් අවසන් වරට භාවිත කරන ලද පුද්ගලයන්ගේ විස්තර මේ වන විට අනාවරණ කරගෙන ඇතැයි දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් එම වාහන අතරින් වාහන 13 ක් සම්බන්ධයේන කිසිදු තොරතුරක් නොමැති බව දන්වා සිටියේය.

අදාළ වාහන සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන මගින්ද තොරතුරු විමසා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් වැඩිදුරටත් දන්වා සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වා එහි ප්‍රගතිය ලබන මාර්තු 12 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළාය.

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved