Connect with us

පුවත්

ජනපති ලේකම් කාර්යාලයේ පිරිසකට මාරුවීම් ?

Published

on

ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටා තිබූ අමාත්‍යාංශ ව්‍යපෘති කාර්යාල 38 ක සේවය කළ අමාත්‍යාංශ නිලධාරී සංචිතයට අනියුක්ත කරමින් ස්ථාන මාරු කිරීමේ නියෝගයන් නිකුත් වී ඇතැයි වාර්තා වේ.

එලෙස මාරු කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිස අතර ව්‍යපෘති කාර්යාල 38 අධ්‍යක්ෂක ජෙනරාල්වරුන්ද සිටින බවද සදහන්ය.

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් කල ව්‍යපෘති කාර්යාල 38, ඒ ඒ අමාත්‍යාංශවල පිහිටවනු ඇති බවත් ස්ථාන මාරු කිරීමේ නියෝගයන් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිස නව පත්වීමක් ලැබෙනු තුරු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නිලධාරී සංචිතයේ සිටිනු ඇති බවත් වාර්තා විය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවක අතිරික්තයක් තිබෙන බැවින් එහි සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නිලධාරී සංචිතයට අනියුක්ත කරමින් ස්ථාන මාරු කිරීමේ නියෝගයන් නිකුත් කළ බවත්, ඇතැම් වෘත්තීය සමිති කාර්යාල පවා ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටා තිබී ඇති බවත් සදහන්ය.

මෙහි අරමුණ රජය වියදම් ඉතිරි කර ගනිමින් අවම කාර්ය මණ්ඩලයක් යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය පවත්වාගෙන යාම බවද සදහන් වේ.

ස්ථාන මාරු කිරීමේ නියෝගයන් ලැබී ඇති එම නිලධාරී පිරිස අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, වෙළෙඳ පහසුකම් සහ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇතුළු විවිධ විෂය ක්ෂේත්‍රයන් පිළිබඳ සම්බන්ධීකරණ කටයුතු සිදුකර ඇති බවත් ඒ ඒ විෂයන්ට අදාළ අමාත්‍යංශ සමග සම්බන්ධීකරණය කිරීම එම නිලධාරී පිරිසේ රාජකාරිය වී ඇති බවත් වාර්තා වේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිලධාරී සංචිතයට මාරුවීමට පෙර ඔවුන් සතුව ඇති රාජකාරී ලිපිගොනු සියල්ල එම විෂය ක්ෂේත්‍රයන්ට අදාළ අමාත්‍යංශවලට බාරදී අවසන් කරන ලෙස එම නිලධාරී පිරිසට දැනුම් දී ඇති බවද සදහන්ය.

එම නිලධාරී පිරිස සම්බන්ධීකරණය කළ විෂය ක්ෂේත්‍රයන්ට අදාළ ව්‍යාපෘති කාර්යාල ඊට අදාළ අමාත්‍යාංශයන් වෙත පවරන බැවින් ඔවුන්ව ජනාධිපති ලේකම් කාර්යාලයේ රඳවා තබා ගැනීමට සාධාරණ හේතුවක් නොමැති බවද වාර්තා වේ.

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved