Connect with us

පුවත්

ජනපති සිංගප්පූරුවෙන් ලංකාවට ඇවිත්

Published

on

සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණ තිබේ.

ජනාධිපතිවරයා ඇතුළු දස දෙනෙකුගෙන් යුත් දුතපිරිස ඊයේ (22) රාත්‍රී සිය සංචාරය නිමා කරමින් කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.

සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව්- 468 දරන ගුවන් යානයෙන් ජනාධිපතිවරයා ඇතුළු පිරිස දිවයිනට පැමිණ තිබුණි.

සිංගප්පූරු සංචාරය අතුරතුරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු ජනාධිපතිනිය, අග්‍රාමාත්‍යවරයා ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයින් හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සහන් කළ‌ේය.

එමෙන්ම පැරිස් සම්මුතියේ 6 වන වගන්තියට අනුව කාබන් හර කිරීම පිළිබඳ ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරු රජය අතර සහයෝගීතාව සඳහා වූ අවබෝධතා ගිවිසුමකට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා ඉදිරියේ අත්සන් තැබූ බව එම මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේය.

පුවත්

මිදිගම වෙඩි තැබීමක්

Published

on

By

ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ මිදිගම ප්‍රදේශයේදී අද (19) උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙක් මිය ගොස් තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ 38 හැවිරිදි මාළු ව්‍යාපාරිකයෙක් වන අතර ඔහු අහංගම ගොවියාපාන ප්‍රදේශයේ හෝටලයකදී පසුගිය අගෝස්තු 4 වනදා වෙඩි තබා ඝාතනය කළ අයගේ සහෝදරයා බවද පොලිසිය සඳහන් කලේය.

එම අවස්ථාවේදී මාළු මිලදී ගැනීමට පැමිණි තවත් දෙදෙනෙකුද වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ.

ඔවුන් ප්‍රතිකාර සඳහා මාතර මහරෝහලට ඇතුළත් කෙරුණි.

Continue Reading

පුවත්

මැතිවරණ රාජකාරි කටයුතු සඳහා විශේෂ දුම්රිය සේවාවක්

Published

on

By

ජනාධිපතිවරණ රාජකාරි වෙනුවෙන් කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර විශේෂ දුම්රිය වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව මැතිවරණ රාජකාරී සඳහා සහභාගී වන රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශයේ පිරිස් සඳහා මෙම දුම්රියන්වල ගමන් කළ හැකිය.

අද (19) සහ අනිද්දා(21) දිනයන්හීදී කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා උදෑසන 9.00ට එක් දුම්රියක් ධාවනය වීමට්ට නියමිතය.

කන්කසන්තුරයි සිට කොළඹ කොටුව දක්වා ද හෙට(20) සහ 22 වැනි දා විශේෂ දුම්රිය වාර 2ක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

මේ අතර මැතිවරණය පැවැත්වෙන 21 වැනි දා සාමාන්‍ය පරිදි සෙනසුරාදා දිනයට අදාළ දුම්රිය කාලසටහන ක්‍රියාත්මකය.

22 වන ඉරිදා දුරගමන් සේවා දුම්රියන් ක්‍රියාත්මක වන අතර කෙටිදුර දුම්රිය ධාවනයේ යම් අඩුවක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Continue Reading

පුවත්

ඡන්දෙට බාර් වහන දවස්

Published

on

By

ජනාධිපතිවරණය ලබන 21 වනදා පැවැත්විම හේතුවෙන් දින දෙකක් රටපුරා සියළුම සුරාසැල් වසා තැබෙන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව 21වනදා හා 22 වනදා දෙදින දිවයිනපුරා පිහිටි සියළුම සුරාසැල් වසා තැබෙනු ඇත.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved