Connect with us

පුවත්

ජනපති හා ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයින් අතර සාකච්ඡාවක්

Published

on

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක  මහතා නවදිල්ලි නුවර දී අද (16) පස්වරුවේ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් සමඟ සාකච්ඡාවකට  එක් විය.

ඉන්දියානු කර්මාන්ත සම්මේලනය විසින් සංවිධානය කරන ලද මෙම සාකච්ඡාවට ඉන්දියාවේ ප්‍රමුඛතම ව්‍යවසායකයන් සහභාගී විය.

ශ්‍රී ලංකාවේ ආයෝජනවලට ඇති හිතකර පරිසරය පහදා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන ලෙස ඉන්දීය ව්‍යවසායකයන්ගෙන් ඉල්ලා සිටියේය.

දෙරට අතර ආයෝජන සහ වාණිජ සම්බන්ධතා පුළුල් කිරීමේ අරමුණෙන් පැවති මෙම සාකච්ඡාවේදී ඩිජිටල්  ආර්ථික, සංචාරක, පුනර්ජනනීය බලශක්ති සහ තොරතුරු තාක්ෂණ යන  ක්ෂේත්‍ර පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි.

ඒ අනුව දෙරට අතර වෙළෙඳ කටයුතු මුල්කර ගනිමින් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡාවට ලක් විය. 

මෙහිදී ශ්‍රී ලංකාවේ අයෝජන අවස්ථා  කෙරෙහි යොමු වීමට ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් කැමැත්ත පළ කළ අතර ඒ සඳහා අවශ්‍ය ආයෝජන පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා රජය එකඟ විය.

කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාද  මෙම අවස්ථාවේදී සිය අදහස් දැක්විය.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

කුරුණෑගල ඉඩම් වංචාව පිටුපස හිටපු ජනාධිපතිවරු දෙදෙනෙක්

Published

on

By

නියෝජ්‍ය අමාත්‍ය සුනිල් රත්නසිරි මහතා අද (19) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ කුරුණෑගල අක්කර 1,000ක ඉඩම් ගනුදෙනුවකට හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු, හිටපු නියෝජ්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි මංජුලා දිසානායක මහත්මිය සම්බන්ධ වී ඇති බවයි.

මෙම ඉඩම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් බදු පදනම මත ලබාගෙන ඇති අතර, එය ඇපකරයක් ලෙස යොදාගෙන ලංකාපුත්‍ර බැංකුවෙන් ණයක් ලබාගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඔහු සඳහන් කළේ කෙසේ වෙතත්, එම ණය මුදල පැහැර හැර ඇති බවය.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ ඇයට පෙර සිටි තවත් හිටපු ජනාධිපතිවරයෙකු මාසික බදු මුදල අඩු කිරීමට සහ පසුව එය සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමට සම්බන්ධ වී ඇති බවය.  

Continue Reading

පුවත්

අභියාචනාධිකරණ‍යට  නව  සභාපතිවරයෙක් සහ විනිසුරුවරු දෙදෙනෙක්

Published

on

By

නව අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නලින් රොහාන්ත අබේසුරිය මහතා අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

මේ අතර මහාධිකරණ විනිසුරු, දොන් ෆ්‍රැන්සිස් හතුරුසිංහ ගුණවර්ධන සහ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය කාන්ත මද්දුම පටබැඳිගේ යන මහත්වරු  නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස අද (19) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Continue Reading

පුවත්

දුමින්ද දිසානායක යළි රිමාන්ඩ් (UPDATE)

Published

on

By

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එළඹෙන 26 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඔහුව අද (19) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව.

හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් දුමින්ද දිසානායක මහතා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.


(පෙර පුවත 2025 ජූනි 19 පෙ.ව.10.41 )

දුමින්ද අධිකරණයට

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (19) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබේ.

හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved