Connect with us

පුවත්

ජනපති – FUTA අතර හමුවක්

Published

on

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) අතර හමුවක්  ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (13) පෙරවරුවේ පැවත්විණි. 

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මේ වන විට මුහුණ දී ඇති ගැටලු පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කෙරුණු අතර ඒවාට ලබා දිය හැකි විසඳුම් පිළිබඳවද සාකච්ඡා කෙරිණි. 

මේ වන විට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට ඇතුළත්ව ඇති බැවින් එහි නිර්දේශ සහ පරාමිතීන්ට අනුව කටයුතු කිරීමට රජයට සිදුව ඇති බවද, ඒ අනුව වියදම් සීමාවන්ට යටත්ව ප්‍රමුඛතා හඳුනා ගනිමින් මෙවර අයවැය යෝජනා සකස් කර තිබෙන අතර, අධ්‍යාපනයට සහ සෞඛ්‍යට ප්‍රමුඛත්වය දී ඇති බවත්, මෙම අසීරු තත්ත්වය යටතේදී පවා රාජ්‍ය සේවයේ විශාලතම මූලික වැටුප් වැඩි වීම මෙවර අයවැයේදී සිදු කර ඇති බවත් මෙහිදී සඳහන් විය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ සියලු වෘත්තීකයන්ගේ ගැටලු පිළිබඳව රජයට මනා අවබෝධයක් ඇති බවත්, ඒ පිළිබඳ සංවේදීව කටයුතු කරමින් සියලුදෙනාගේ අයිතින් සුරක්ෂිත කිරීමට රජය කැප වී සිටින බවත්ය. 

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක යන මහත්ම මහත්මීන් සහ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ  සභාපති ආචාර්ය අනුරුද්ධ කරුණාරත්න, ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය  චාරුදත්ත. බී. ඉලංගසිංහ යන මහත්වරු ඇතුළු විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති දිවයිනට

Published

on

By

ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ලස් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

‍ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සමග 15 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක අමාත්‍යංශයට අයත් විශේෂ ගුවන් යානයකින් ඊයේ (02) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.

ඔවුන් පිළිගැනීම සඳහා මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

‍ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මෙම සංචාරය තුළ දී දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීම සහා ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳ අවධානය යොමුවනු ඇත.

ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව මෙම දුත පිරිස ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

අද කාලගුණය

Published

on

By

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (03) අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව පළාතෙත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය  දිස්ත්‍රික්ක යෙත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්!

Published

on

By

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති සටනට රීසා සරූක් ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කියා සිටී.

විපක්ෂයේ සියලු පක්ෂවල එකගතාව ඊට ලැබී ඇති බවද රහුමාන් මන්ත්‍රීවරයා සදහන් කර ඇත.

මෙතෙක් බලය පිහිටුවා නොමැති පළාත් පාලන ආයතනවල බලය ස්ථාපිත කර ගැනීම සඳහා විපක්ෂ පක්ෂ කිහිපයක් අතර පොදු එකඟතාවය ඇතිව තිබේ.

ප්‍රකට මැණික් ව්‍යාපාරිකයකුට අයත් කොළඹ කොල්ලුපිටියේ පිහිටි තරු හෝටලයක පහුගිය සතියේ පැවති සජබ – එජාප – ශ්‍රීලනිප හා පොහොට්ටු පක්ෂවල  නියෝජිතයින්ගේ විශේෂ රැස්වීමකදී එවැනි පොදු එකඟතාවයක් ඇතිකර ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා කර තිබිණ.  

එහිදී කොළඹ මහ නගර සභාවේ බලය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් එකඟතාවයක් ඇතිකර ගෙන තිබේ. ඒ අනුව නගරාධිපති ධුරය සමගි ජන බලවේගය වෙත ලබාදීමටත් නියෝජ්‍ය නගරාධිපති ධුරය එකසත් ජාතික පක්ෂය වෙත ලබාදීමටත් එකඟතාවයට පත්ව ඇත.

මේ අතර ජාතික ජන බලවේගය විසින් සිය නගරාධිපති ලෙස නම් කර ඇත්තේ රායි බ්‍රැල්තසාර් ය.

මූලාශ්‍රය – ද ලීඩර්

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved