Connect with us

පුවත්

ජනාධිපතිගේ මංගල ජන රැළිය අදයි

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මංගල ජන රැළිය අද අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

2024 ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන ජනාධිපතිවරයාගේ ජනරැළිය පැවැත්වෙන මහජන ක්‍රීඩාංගනය සූදානම් කිරීම පිළිබඳව මුදල් රාජ්‍යය අමාත්‍යය ශෙහාන් සේමසිංහ , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද දිසානායක , එස්.එම් චන්ද්‍රසේන යන මහත්වරුන් ඊයේ රාත්‍රියේ නිරීක්ෂණය කර තිබේ.

එතෙක් මෙතෙක් ඉතිහාසයේ අනුරාධපුරයේ පැවැත්වෙන විශාලම ජන රැළිය මෙය වන්නේ පක්ෂ රැසක් එක්ව මෙම ජනරැළිය සංවිධානය කරන බැවිනි.

මේ නිසාම අනුරාධපුර මහජන ක්‍රීඩාංගනය අතුරු සිදුරු නැතිව පිරී යනු ඇති බවත්,අති විශාල ජනතාවක් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මංගල ජන රැළියට සහභාගී වීමට නියමිත බවත් සංවිධායකයින් පවසයි.

මෙම රැළියට සහභාගීවන ජනතාවගේ ආරක්ෂාව හා ඔවුන්ට අවශ්‍යය පහසුකම් සැපයීම පිළිබඳවද කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

මේ අතර රට ආර්ථික ආගාධයකින් ගොඩ ගෙන නිවැරදි මාර්ගයේ ගෙනයන ජනපතිට කෘතගුණ දක්වන පළමු අවස්ථාව මෙය වන බවත්, ඒ මේ ආකාරයේ රැළි 100 ක් රට පුරා ඉදිරියේදී සංවිධාන වන බවත් ශෙහාන් සේමසිංග අමාත්‍යවරයා මාධ‍‍යය අමතමින් සඳහන් කලේය.

පුවත්

නීතිවිරෝධීව ගෙන්වන ලද මෝටර් රථයක් රේගු භාරයට

Published

on

By

තීරු බදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද මෝටර් රථයක් රේගු ආදායම් අධීක්ෂණ ඒකකය විසින් සිය භාරයට ගෙන තිබේ.

එම ඒකකය පැවසුවේ රුපියල් මිලියන 24ක පමණ වටිනාකමින් යුත් ටොයෝටා ප්‍රියස් වර්ගයේ නවීන මෝටර් රථයක් මෙලෙස ගෙන්වා ඇති බවය.

ජපානයේ සිට ගෙන්වන ලද බහාලුමක් තුළ තිබියදි මෙම මෝටර් රථය සොයාගෙන තිබේ.

එමෙන්ම පසුගිය මාස දෙක තුළ නීති විරෝධීව ගෙන්වන ලද වාහන අමතර කොටස් 200ක්ද රේගුව අද (06) මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කරන ලදී.

Continue Reading

පුවත්

විදුලි ගාස්තු සංශෝධනය ගැන විශේෂ දැනුම්දීමක්

Published

on

By

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යොමුකර තිබේ.

ඒ අනුව විදුලිබල මණ්ඩලය එම යෝජනා ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ පවතින විදුලි ගාස්තු සංශෝධනයකින් තොරව ඉදිරි මාස 6 පවත්වාගෙන යා යුතු බවය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ලොහාන් යළිත් අත්අඩංගුවට

Published

on

By

ඇප මත මුදා හැර සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා යළි අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ බීමතින් රිය පැදවීම හේතුවෙන් සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙනි.

කොල්ලුපිටිය ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඔහු ඊයේ (05) දින ඇප මත මුදා හැරීමටද අධිකරණය නියෝග කර තිබුණි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved