Connect with us

පුවත්

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන්

Published

on

මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පවත්වනු ලබන ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අනිද්දා පැවැත්වීමට නියමිතය.

අනිද්දා පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 13,421ක ඡන්ද විමසීම පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කලේය.

ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඊයේ (18) මධ්‍යම රාත්‍රි 12.00න් අවසන් වු අතර මැතිවරණය පැවැත්වෙන කාලසීමාව දක්වා වු කාලය නිහඬ කාලය ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, මෙම කාලසීමාව තුළ කිසිදු ආකාරයක ප්‍රචාරණ කටයුත්තක් තහනම් වන අතර මැතිවරණ නීති රීති උල්ලංඝනය කරන ඕනෑම පාර්ශයක් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට හැකියාව පවතින බවය.

ජනාධිපතිවරණය පැවැත්වීමට අවශ්‍ය සියලු මූලික කටයුතු මේ වන විටත් සැලසුම් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කලේය.

ඡන්ද දායකයෙකු ඡන්ද මධ්‍යස්ථාන වෙත යාමේ දී රැගෙන යා යුතු දේ පිළිබඳව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටියේ,

“ඔබ අනිවාර්යෙන්ම හැඳුනුම්පත, නිල ඡන්ද පත්‍රිකාව සමග රැගෙන යා යුතුයි. පුද්ගලයින් ලියාපදිංචි දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ ජාතික හැඳුනුම්පත, ඒ වගේම වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රයක් රැගෙන යා හැකියි. මේ වන විටත් වලංගු බලපත්‍ර එලෙස රැගෙන යා හැකියි. පුජක පක්ෂය වෙනුවෙන් නිකුත් කරන හැඳුනුම්පත භාවිත කළ හැකියි. විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත හා ආබාධිත ඡන්ද දායකයින් සඳහා කොමිසම නිකුත් කළ තාවකාලික හැඳුනුම්පත හෝ කිසිදු හැඳුනුම්පතක් නොමැති නම් ග්‍රාම නිලධාරීවරයා හරහා කොමිසම නිකුත් කළ තාවකාලික හැඳුනුම්පත යන ඕනෑම එකක් ඡන්දය දැමීමට වලංගු වේ.”

මෙවර ජනාධිපතිවරණයේ දී තමන්ට කැමති අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ මනාප සලකුණු කිරීමට හැකියාව පවතී.

ඡන්දය සලකුණු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි කරන මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා,

“යම් කෙනෙකුට ඡන්ද භාවිත කිරීමට අවශ්‍ය නම් කතිරය ලකුණ භාවිත කළ හැකියි. පහුගිය මැතිවරණ හා සමානව කතිර ලකුණ කොමිෂන් සභාව පිළිගනු ලබනවා. ඊට අමතරව අරාබි ඉලක්කම් 1 ලකුණ යොදා ඔබට ඡන්දය භාවිත කළ හැකියි. ඔබට යම් අයෙකුට මනාප සලකුණු කරන් අවශ්‍ය වන්නේ, නම් අනිවාර්යයෙන්ම අරාබි ඉලක්කම් 1 සහ අරාබි ඉලක්කම් 2න් එක් මනාපයකුත් අවශ්‍ය නම් මනාප දෙකක් ලකුණු කිරීමේ හැකියාව තියෙනවා. තුනෙන් දෙවැනි මනාපයත් ලකුණු කළ හැකියි. යම් අයෙකුට මනාප ලකුණු කිරීමට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම ඔබ අරාබි ඉලක්කම් 1,2,3 භාවිත කළ යුතුයි. මෙයින් බැහැරව කුමක් භාවිත කළත් එය ප්‍රතික්ෂේපිත ඡන්දයක් ලෙස සැලකේ.”

මේ අතර, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයින් හට ඒවා ලබා ගැනීම සඳහා ලබන සෙනසුරාදා දිනයේ ද තැපැල් කාර්යාල විවෘතව තැබීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved