Connect with us

පුවත්

ජනාධිපතිවරණය කල්දාන්නැයි ඉල්ලා තවත් පෙත්සමක්

Published

on

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති නිසා එය ජනමතවිචාරණයකට යොමු කර ඉන් අනුමැතිය ලබාගන්නා තුරු ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර  ඇත.

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින්, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර ඇත.

පෙත්සම්කරු කියා සිටින්නේ, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව සංශෝධනය කොට තේරී පත්වෙන පාර්ලිමේන්තුවක් වසරක් ගෙවී යාමෙන් පසුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා සතු බලය අහිමි කිරීමට කටයුතු කර ඇති බවය.

එම සංශෝධනය ජනමතවිචාරණයකට යොමු කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් තීන්දු කර තිබුණ ද එය ජනමතවිචාරණයකින් මේ දක්වා අනුමත වී නොමැති බව පෙත්සම්කරු කියා සිටී.

එම සංශෝධනය ජනමතවිචාරණයකින් අනුමත වී ජනාධිපතිවරයා ඊට අත්සන් තබා නොමැති නිසා එය නීතියක් වශයෙන් සැලකිය නොහැකි බවත් පෙත්සම්කරු පෙන්වා දී ඇත.

එසේ තිබියදී 19 වන සංශෝධනය තවදුරටත් නීතියක් වශයෙන් පිළිගෙන කටයුතු කිරීම වැරදි සහගත බවත් ඔහු පෙන්වා දෙයි.

පුවත්

පොහොට්ටුවේ වලි වේදිකාවට

Published

on

By

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් රත්තොට ජන රැළියක් ඊයේ (10) පවත්වා තිබුණි.

මෙම ජන රැළියේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත ඩයස් මහතාට විරෝධයක් එල්ල වි තිබේ.

මෙම ජන රැළියේදී නිශාන්ත ඩයස් මහතා රැළිය අමතමින් සිටියදී ඊට විරෝධය පළ කරමින් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටේගොඩ මහතා විසින් වේදිකාවෙන් පිටව ගොස් තිබුණි.

පසුගියදා නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලග්ගල පැවති ජන රැළියකදී නාලක කෝට්ටේගොඩ මහතා අදහස් පළ කරමින් සිටියදී රැලියට එක්ව සිටි පිරිසක් ඔහුට විරෝධය පළ කර තිබේ.

එහිදී විරෝධය පළ කළ පිරිස පවසා තිබුණේ , නාලක කෝට්ටේගොඩ මහතා ඉවත් කර තිලක් බණ්ඩාර මහතාව ලග්ගල ආසනයේ සංවිධායක ධූරයට පත් කරන ලෙසය.

Continue Reading

පුවත්

තැපැල් ඡන්දෙ දාන්න තවත් අවස්ථාවක්

Published

on

By



මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා අද (11) සහ හෙට (12) හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

තැපැල් ඡන්ද භාවිතය සඳහා ලබා දී තිබු පසුගිය 4,5 සහ 6 යන දිනවල ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ සියලු රාජ්‍ය සේවකයින් සඳහා මෙම දින දෙක තුළ තැපැල් ඡන්ද භාවිත කිරීමට හැකියාව පවතී.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ මෙම දෙදින තුළදීත් තැපැල් ඡන්ද භාවිත කිරීමට නොහැකි වුවහොත් ඒ සඳහා වෙනත් කිසිදු දිනයක් හෝ ජනාධිපතිවරණය පැවැත්වෙන සැප්තැම්බර් මස 21 වැනිදා හෝ ඡන්දය භාවිත කිරීමට නොහැකි වන බවය.

ඒ අනුව අද දිනයේ දී තැපැල් ඡන්දය භාවිත කරන ඡන්දදායකයින් හට සිය සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගොස් ඡන්දය භාවිත කිරීමේ හැකියාව පවතී.

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක්

Published

on

By

අයහපත් කාලගුණය හේතුවෙන් පාර්ලිමේන්තු මාර්ගයේ දැඩි රථවාහන තද බදයක් ඇති බව පොලිසිය පවසයි.

ඒ අනුව, මෙම මාර්ගයේ ගමන් කරන රථ වාහන හැකිතාක් දුරට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාවට දැනුවත් කර සිටී.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved