Connect with us

පුවත්

ජනාධිපතිගේ ධූර කාලය සම්බන්ධ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

Published

on

ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම විභාගයට නොගෙන රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

එම නඩු ගාස්තුව මසක් ඇතුළත අධිකරණයේ තැන්පත් කළ යුතු බවට ද පෙත්සම්කරුට නියම කර ඇත.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබාදෙන තුරු දැනට සැලසුම් කෙරෙමින් පවතින පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර ඇත.

ව්‍යවසායකයෙකු වන සී. ඩී. ලෙනව මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

———————–

(මුල් පුවත පෙ.ව. 11:08 , ජූලි 8 2024)

ජනපති ධුර කාලය පැහැදිලියි – නීතිපති

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථානුකූලව ජනපති නිල ධුර කාලය වසර 5ක් බව පැහැදිලි බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

ඒ ජනපති ධුර කාලය සම්බන්ධයෙන් සී.ඩී. ලෙනව නම් අයෙකු ඉදිරිපත් කළ පෙත්සම අද (08) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විභාගයට ගත් අවස්ථාවේදී යි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කාද සිල්වා විසින් අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස මූලික විරෝධතා මතුකරන ලදී.

මේ වන විට නීතිඥවරු විසින් කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබේ.

————————–

(මුල් පුවත පෙ.ව. 7:34 , ජූලි 8 2024)

ජනාධිපතිවරණය වලක්වන පෙත්සම අද සලකා බලයි!

ජනපති ධූර කාලය අවුරුද 05 ක්ද? 06 ක්ද? යන්න විසඳන තෙක්, ජනපතිවරණය පැවැත්වීම වලක්වන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇති පෙත්සම අද (08) සලකා බැලීමට නියමිතය.

 පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීමට නියමිත මේ මූලික අයිතිවාසකම් පෙත්සම මගින් ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වන දිනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපනයක් දෙනතුරු මැතිවරණ කොමිසමට, ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා තිබේ.

අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරුන් වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මලල්ගොඩ, මුර්ද්‍ර ප්‍රනාන්දු, ප්‍රීතී පද්මන් සුරසේන සහ එස්. තුරේරාජා යන අය පත් කර තිබේ..

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අධිකරණය විසින් අර්ථ කථනය කරන තෙක් ජනාධිපතිවරණය පැවැත්වීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පසුගියදා ගොනු කළේ ය.

ඒ ව්‍යාපාරික චමින්ද්‍ර දයාන් ලේනව මහතා විසින් ය.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ජනාධිපතිවරයාගේ ධුර කාලය දැක්වෙන 30 දෙක වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 හය වන ව්‍යවස්ථාවට අනුව නියමිත ආකාරයට සංශෝධනයවී නොමැති බව පෙත්සමෙන් පෙන්වා දෙයි.

පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ මෙම පෙත්සම් විභාගය අවසන්වන තෙක් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමෙන් වළකින ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, සාමාජිකයින් හා කොමසාරිස් ජෙනරාල්වරයාට නියෝග කරන ලෙසයි.

ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6 ක් ලෙස සලකා ඉදිරි ජනාධිපතිවරණය පවත්වන ලෙස මැතිවරණ කොමිසමට නියෝග කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබේ.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved