2024 ජනාධිපතිවරණයට මේ දක්වා අපේක්ෂකයන් සිව් දෙනෙකු පමණක් ඇප තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
ඔවුන් සියලු දෙනාම ඇප තැන්පත් කරනු ලැබුවේ, පසුගිය සිකුරාදා ය (25).
ස්වාධීන අපේක්ෂකයින් දෙදෙනෙකු ද ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සරත් කීර්තිරත්න යන මහත්වරුන් මෙලෙස මුදල් ගෙවා ඇති බව සඳහන්ය.
එමෙන්ම සමාජ ක්‍රියාකාරි ඔෂල හේරත් මහතා අභිනව නිවහල් පෙරමුණ යටතේ ඇප තබා තිබේ.
ලංකා කම්කරු පක්ෂය නියෝජනය කරමින්, ඒ.එස්.පී ලියනගේ මහතා ඇප තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කලේය.
මේ අතර පසුගිය සිකුරාදා ඇප තැන්පත් කිරීමට පැමිණි ජනසෙත පෙරමුණේ නායක සීලරතන හිමියන් මුදල් පසුම්බිය අමතක වීම හේතුවෙන් මුදල් ගෙවීමට නොහැකි විය.
උන්වහන්සේ අද (29) දින පැමිණ ඇප තැන්පත් කරන බව එදින මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණද සීලරතන හිමියන් අද ඇප තැන්පත් කිරීමට සඳහා නොපැමිණි බවටයි තොරතුරු වාර්තා වේ.