Connect with us

පුවත්

ජනාධිපතිවරණ උණුසුම: පක්ෂ කිහිපයක තීන්දුව අද

Published

on

ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය දක්වන අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබදව දෙමළ ප්‍රගතිශීලි සංධානය සහ පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදුර්දීන් නායකත්වය දරණ සමස්ත ලංකා මහජන කොංග්‍රසය අද (06) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ඒ අනුව, දෙමළ ප්‍රගතිශීලි සන්ධානය දහවල් කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවා තිබේ.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එම සංධානයේ නායක මනෝ ගනේෂන් මෙන්ම නියෝජ්‍ය නායකවරුන්වන පාර්ලිමේන්තු මන්ත්‍රි පී දිගම්බරන් සහ වී.රාධක්‍රිෂ්ණන් එක් වීමට නියමිතය.

මේ අතර, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ උත්තරීත්තර මණ්ඩලය වැල්ලවත්තේ පිහිටි එම පක්ෂ කාර්යාලයේදී රැස් වීමට නියමිතව ඇත.

ඉන් අනතුරුව ජනාධිපතිවරණයේදී සහාය දෙන අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදුර්දීන් මහතා පවසා තිබුණි.

ඉදිරි ජනධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කළ අතර එම පක්ෂය මෙම තීරණය ගනු ලැබුවේ පසුගියදා පැවති එම පක්ෂයේ උත්තරීත්තර මණ්ඩල රැස්වීමේදීයි.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

බත්තරමුල්ල, නෙලු‍ම් මාවත පක්ෂ මූලස්ථානයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයකදී අපේක්ෂකයා කවුරුන්ද යන්න ප්‍රකාශයට පත් කරන බව එම පක්ෂයේ උසස් නිළධාරියෙකු සදහන් කලේය.

පුවත්

තාවකාලික හැඳුනුම්පතක්

Published

on

By

මෙවර 2024 ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට වලංගු හැඳුනුම්පතක් නොමැති ඡන්ද දායකයින් සඳහා තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පතක් ලබා ගැනීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිසම පවසයි.

එම කොමිසම පැවසුවේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන් එම තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පත ලබා ගත හැකි බවය.

ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හෝ වතු අධිකාරී හරහා ඒ සඳහා අයැදුම්පත් ඉදිරිපත් කළ යුතු බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

Continue Reading

පුවත්

දුම්රිය ස්ථානාධිපතිවරයක් මත්ද්‍රව්‍ය සමඟ කොටුවෙයි

Published

on

By

දුම්රිය ස්ථානාධිපතිවරයකු සහ දුම්රිය සහායකවරයකු අයිස් මත්ද්‍රව්‍ය තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය පවසයි.

එම සැකකරුවන් සමග රුපියල් ලක්ෂ 20 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250 මිලිග්‍රෑම් 320 ක් මෙන්ම ප්‍රවාහනයට යොදා ගත් යතුරුපැදිය ද පොලිස් බාරයට ගෙන තිබෙන බව පැවසේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ වයස අවුරුදු 29 හා 30 අතර පසුවන ගම්පහ මුදුන්ගොඩ සහ මීගමුව දෙමන්හන්දිය පදිංචිකරුවන්ය.

Continue Reading

පුවත්

වැස්ස වැඩි වෙන ලකුණු

Published

on

By

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අද (09) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

ඉන් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

මීට අමතරව ඌව පළාතෙත්, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට, මොණරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද පෙන්වා දෙයි.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved