Connect with us

පුවත්

ජනාධිපතිවරණ රාජකාරිවලට පොලීසියේ 54,000ක්

Published

on

නීති විරෝධී මැතිවරණ පොස්ටර් හා කටවුට් ඉවත් කිරීම සඳහා කම්කරුවන් 1500 ක් බඳවා ගත් බව පොලීසිය පවසයි.

මැතිවරණ කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා සඳහන් කළේ , දීප ව්‍යාප්තව නීති විරෝධී මැතිවරණ ප්‍රචාරක කටයුතු පාලනයට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

මේ අතර, පොලීසියේ 54,000ක් ජනාධිපතිවරණයේ රාජකාරි සඳහා යොදවන බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා පැවසුවේ ය. 

පුවත්

කෝටි 24ක කොකේන් එක්ක විදේශිකයෙකු ගුවන්තොටේ දී මාට්ටු

Published

on

By

රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද (20) අලුයම රේගු මත්ද්‍රව්‍ය පාළන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු 59 හැවිරිදි බ්‍රසීල ජාතික ගුරුවරයෙකි.

මොහු මෙම කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 855 ක් බර කොකේන් මත්ද්‍රව්‍ය තොගය බ්‍රසීලයෙන් රැගෙන, ඒවා කාඩ්බෝඩ් මත අලවා, ඒවා මත කළු පැහැති කඩදාසි අලවා, එම කාඩ්පත් 02 බැගින් කුඩා බෑග් 07 ක් තුළ අසුරා , පසුව ඒවා තම ගමන් මල්ලෙහි අසුරා ගෙන තිබුණි.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාවට ආවේණික නව මදුරු විශේෂයක්

Published

on

By

ශ්‍රී ලංකාවට ආවේණික නව මදුරු විශේෂයක් හඳුනාගෙන තිබේ.

ඒ, මීරිගම ප්‍රදේශයෙනි.

එම මදුරු විශේෂය නම් කර ඇත්තේ, කියුලෙක්ස් ලොපසෙරමියා සින්ටලස් ලෙසයි.

ප්‍රධාන පෙළේ වෛරස් වාහකයෙකු ලෙස එම මදුරු විශේෂ හඳුනාගෙන ඇතැයි, වෛද්‍ය පර්යේෂණායතනයේ කීට විද්‍යාඥ ගයාන් කුමාරසිංහ මහතා සඳහන් කළේ ය.

(News 1st) 

Continue Reading

පුවත්

සියලු තැපැල් ඡන්ද පත්‍රිකා අද මැතිවරණ කොමිසමට

Published

on

By

සියලු තැපැල් ඡන්ද පත්‍රිකා අද (20) දින මැතිවරණ කොමිසමට භාරදෙන බව රජයේ මුද්‍රණාලය පවසයි.

අධිකරණය පැනවූ වාරණයක් හේතුවෙන් පළාත් පාලන ආයතන 102 ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය ප්‍රමාද වී තිබුණි.

ඒ අනුව, මේ වන විට එම ආයතනවලට අදාළ සියලු තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කෙරෙන බව, රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved