Connect with us

පුවත්

“ජනාධිපති අපේක්ෂකවරු වැඩිවීම රටට සුභ නැහැ”

Published

on

ජනාධිපති අපේක්ෂකවරු විශාල ප්‍රමාණයක් ජනාධිපතිවරණය සඳහා තරඟ වැදිම රටට සුභදායක නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (12) සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදීය.

එහිදි අදහස් දක්වමින් තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ට මුලික සුදුසුකම් සහිත නිර්ණායක පද්ධතියක් දේශපාලන පක්ෂවල සහ මහජනතාවගේ අදහස් ගෙන සකස් කළ යුතු බවය.

එහිදී අදහස් පල කල පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ,

”ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් ප්‍රමාණය වැඩි වුණොත් ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය වැඩි කරන්න සිදුවෙන බව මැතිවරණ කොමිසම කියනවා. එලෙස ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය වැඩිවුණොත් එක් අපේක්ෂකයෙක් සඳහා මිලියන 200ක අමතර වියදමක් දරන්න සිදුවෙන බව මැතිවරණ කොමිසන් සභාව කියනවා. රටේ ජනතාවගේ මුදල් විශාල නාස්තියකට ගමන් කරන බව මෙවැනි ප්‍රකාශ හරහා ඉස්මතු වෙනවා. පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකුට හෝ පාර්ලිමේන්තුවේ හිටපු සහ සිටින මන්ත්‍රීවරයෙකුට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන්න හැකි බව ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. කෙසේ නමුත් මේ තත්ත්වය වළක්වා ගන්න ඉදිරියේදී කටයුතු කළ යුතු වෙනවා. බොහෝ අපෙක්ෂකයන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන්නේ ප්‍රධාන අපෙක්ෂකයන්ට සහය වෙන්න. ඒ නිසා මේ සම්බන්ධයෙන් නැවත සිතිය යුතුයි. මෙලෙස ජනාධිපති අපෙක්ෂකවරු විශාල ප්‍රමාණයක් ජනාධිපතිවරණය සඳහා තරඟ වැදිම රටට සුභදායක නෑ. ඒ නිසා මෙම ක්‍රියාවලියේදී යම් යම් වෙනස්කිරිම් සිදු කළ යුතුයි. ජනාධිපති මැතිවරණයකට ඉදිරිපත් වන අපෙක්ෂකයෙකුට මුලික සුදුකම් මාලාවක් ඇතුළත් කළ යුතුයි. මුලින්ම ඇප මුදල මිලිනයක් දක්වා වැඩි කළ යුතුයි. ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපෙක්ෂකයන්ට මුලික සුදුසුකම් සහිත නිර්ණායක පද්ධතියක් පිළිගත් දේශපාලන පක්ෂවල සහ මහජනතාවගේ අදහස් අරගෙන සකස් කළ යුතුයි. එසේ සිදුකළොත් ඊළඟ ජනාධිපතිවරණයේදී හෝ මේ තත්ත්වය වළක්වා ගන්න පුලුවන්. මැතිවරණ ක්‍රියාවලිය සරල කිරිමට කටයුතු කළ යුතුයි”

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved