Connect with us

පුවත්

ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්තු හිටපු මැති ඇමතිවරු

Published

on

2005 -2024 කාලය තුළ ජනාධිපති අරමුදලෙන් වෙන් කරන ලද ගෙවීම් සම්බන්ධ තොරතුරු අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (17) පාර්ලිමේන්තුවේදී හෙළි කළේය.

එහිදී ඔහු සඳහන් කළේ මෙම අරමුදලේ මුදල් වෙන් කර ඇත්තේ මෙරට දරිද්‍රතාවයට සහන සැලසීම ඇතුලු සුබසාධක කටයුතු සඳහා බවය. 

“අපේ රටේ දරුවන්ටත් උදව් කරන්න පුළුවන් අරමුදලක් තිබෙනවා. ජනාධිපතිවරයාගේ අරමුදල් පනත. ඒකේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා උදව් කළයුතු ආකාරය.” 

1 දරිද්‍රතාවයට සහන සැලසීම සඳහා
2 අධ්‍යාපනය හෝ ඥානය වර්ධනය කිරීම සඳහා
3 ආගම නංවාලීම සඳහා
4 ජාතිය වෙනුවෙන් සේවයක් කර ඇති තැනැත්තන්ට ප්‍රදානයක් කිරීම සඳහා
5 ජනාධිපති හෝ මණ්ඩලය තීරණය කරන ආකාරයට යහපත සඳහා

“2005 -2024 ජනාධිපති අරමුදලෙන් වෙන් කරන ලද ගෙවීම් සම්බන්ධ තොරතුරු මා සතුව තිබෙනවා.”

පී. හැරිසන් 
පියසේන ගමගේ  
සුමේදා ජයසේන 
මනෝජ් සිරිසේන 
පී දයාරත්න 
එස්.සී මුතුකුමාරණ 
වාසුදේව නානායක්කාර 
එස් බී නාවින්න 

“මේ අයගේ නම් කෙලින්ම තිබෙනවා. තව නම් කිහිපයක් තිබෙනවා…සොයාගන්න ටිකක් මහන්සි වෙන්න ඕනේ.”

“දයාසිරි පද්මකුමාර ජයසේකර වෙන්න ඕනේ..”
පියල් නිශාන්ත ද සිල්වා
සුසිල් ප්‍රේමජයන්ත
ඉසුර දේවප්‍රිය

“මේ කට්ටියක්.. තව ඉන්නවා…”

ජගත් කුමාර – රු.  ලක්ෂ 10යි
කේ පී එස් කුමාරසිරි – රු 953,430
ජයලත් ජයවර්ධන – රු ලක්ෂ 10යි
නාමල් ගුණවර්ධන – රු ලක්ෂ 10යි
ධර්මදාස බණ්ඩා – රු ලක්ෂ 10යි
විදුර වික්‍රමනායක – රු ලක්ෂ 15යි
විමලවීර දිසානායක – රු ලක්ෂ 30යි
ලකී ජයවර්ධන – රු ලක්ෂ 16.2යි
පී චන්ද්‍රසේකරන් – රු ලක්ෂ 14යි
ජෝන් අමරතුංග – රු ලක්ෂ 40යි
ජෝසප් මයිකල් පෙරේරා – රු ලක්ෂ 27යි
ටී බී ඒකනායක – රු ලක්ෂ 48යි
ඩබ්ලිව් එම් එස් ෆොන්සේකා (සරත් ෆොන්සේකා නොවේ) – රු ලක්ෂ 55යි
ජයන්ත වීරසිංහ  – රු ලක්ෂ 90යි
ඇලික් අලුවිහාරේ – රු ලක්ෂ 22යි
රංජිත් අලුවිහාරේ  – රු ලක්ෂ 8.6යි
රාජිත සේනාරත්න – රු ලක්ෂ 100යි
කෙහෙළිය රඹුක්වැල්ල – රු ලක්ෂ 110යි
එම් කේ ඒ ඩී එස් ගුණවර්ධන – රු ලක්ෂ 112යි
රංජිත් සොයිසා – රු ලක්ෂ 188යි
දි මු ජයරත්න – රු ලක්ෂ 300යි

“මේකෙන් තෝරන්න ඉහත අංශවලින් කොයි එක යටතේද දීලා තියෙන්නේ කියලා.”

පුවත්

ජ’පුර දොස්තර දියණිය අල්ලස් කොමිසමේ 2ක් බයකරලා පොලිසිය අල්ලන්න සොයයි

Published

on

By

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේශී සූරසිංහ නැමැත්තියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට සහභාගි වී අධිකරණයෙන් පිටව යමින් සිටි අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරියට (නීති) එම ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය  මරණ තර්ජන කර ඇති බව කෙසෙල් වත්ත පොලිසිය පවසයි.

අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරිය සහ එම සභාවේ පොලිස් පරීක්ෂකවරයකු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරිය සහ තවත් දෙදෙනකුට එරෙහිව නඩුවට පෙනී සිටිමින් අධිකරණයෙන් පිටව යන අවස්ථාවේදී එම ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය ‘‘උඹල දෙන්නා මරනවා’‘ යනුවෙන් තර්ජන කර ඇති බව පොලිසිය කියයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කෙසෙල් වත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading

පුවත්

පර්පෙචුවල් ට්‍රෙෂරීස්හි ව්‍යාපාර කටයුතු තවත් මාස 6කට දික්කරයි!

Published

on

By

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමේ තීරණය තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර ඇත්තේ සිදුකරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගත් බවය.

ඒ අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රථමික අලෙවිකරුවෙකු වශයෙන් සිදුකරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අද (05) සිට  තවත් මාස 6කින් දිර්ඝ කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ.

Continue Reading

පුවත්

අර්ජුන සතු “කැප්ටන් කූල්” නම දෝනිට ලියා ගැනීමේ උත්සාහයක!

Published

on

By

1990 දශකයේ දී හිටපු ප්‍රකට ක්‍රීඩා විචාරකයකු වූ බ්‍රිතාන්‍ය ජාතික ටෝනි ග්‍රේග් විසින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග හැඳින්වීමට භාවිත කරන ලද “කැප්ටන් කූල්”‍ යන හැඳින්වීම වෙළෙඳ සන්නාමයක් ලෙස තමන් වෙනුවෙන් ලියාපදිංචි කිරීමට හිටපු ඉන්දීය ක්‍රිකට් නායකයකු වන මහේන්ද්‍ර සිං දෝනි විසින් ඉන්දියාවේ වෙළෙඳ ලකුණු පාලක ජනරාල් කාර්යාලය වෙත අයැදුම්පතක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

මේ බව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය විශේෂ වාර්තාවක් මගින් ප්‍රකාශයට පත් කර ඇත. 

අර්ජුනට පසුව තමන්ද මෙම නාමයෙන් හැඳින්වීම නිසා ඔහු මේ ඉල්ලීම කර ඇතැයි පැවසේ.

2025 ජූනි මස 16 වැනි දින දෝනි විසින් කරන ලද මේ ඉල්ලීම ඉන්දියාවේ වාණිජ සහ කර්මාන්ත අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය. 

මෙකී සන්නාමය යටතේ ක්‍රීඩා පුහුණු පහසුකම් සැපයීමට අදාළ සේවා සැපයුම අපේක්ෂා කරන බව දෝනිගේ අයැදුම්පත්‍රයේ‍ සඳහන්ය. 

එහෙත් මේ සම්බන්ධයෙන් දින එකසිය විස්සක් තුළ විරෝධතා ඉදිරිපත් කළ හැකි බව ද එම අමාත්‍යංශය කියයි.

මේ පිළිබඳව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය සමඟ සාකච්ඡා කළ ක්‍රිකට් විචාරකයන් කිහිප දෙනකු ප්‍රකාශ කර ඇත්තේ අර්ජුන රණතුංගට අයත් වෙළෙඳ සන්නාමය ලබා ගැනීමට ඉන්දියාවේ හිටපු ක්‍රිකට් නායකයා විසින් කරන ලද ඉල්ලීම පිළිගත නොහැකි බවයි. 

එය වරදක් බවත් ඔවුන් සඳහන් කර ඇත. 

ඇතැමකු සඳහන් කර තිබුණේ අර්ජුන රණතුංගට මෙම හැඳින්වීම ලබා දී තිබුණද ඔහු ඊට අයිතිවාසිකම් කීමට ඉදිරිපත් නොවීම නිසා මෙම තත්ත්වය උද්ගත වූ බවය.

දැනට 44 වැනි වියේ පසුවන මහේන්ද්‍ර සිං දෝණිට පසුගිය දා ජාත්‍යන්ත ක්‍රිකට් කවුන්සිලය “හෝල් ඔෆ් ෆේම්ස්”‍ යන ගෞරව නාමය ද පුද කරනු ලැබූ බව මේ සම්බන්ධයෙන් පළ කළ බ්‍රිතාන්‍ය ගුවන්විදුලි වාර්තාවේ දැක්වෙයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved