Connect with us

පුවත්

ජනාධිපති අරමුදලේ සල්ලිවලට මොකද කළේ; රනිල්ගෙන් උත්තර

Published

on

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම පාලන සමය තුළදී ජනාධිපති අරමුදලින් මුදල් ලබාදී ඇති ආකාරය පිළිබඳ ඊයේ (19) නිවේදනයක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කර තිබුණි.

එහි දැක්වෙන්නේ 2022 වසර අවසන්වනවිට, පැවති සියලු අයැදුම්පත් සඳහා ගෙවීම් සිදුකල බවත් ඒ සඳහා රුපියල් මිලියන 1515ක්, 2023 වර්ෂයේ රුපියල් මිලියන 839ක් හා 2024 වර්ෂයේ සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ දළ වශයෙන් රුපියල් මිලියන 450ක් රෝගීන් සඳහා වෛද්‍යාධාර ලෙස ගෙවා ඇති බවය.

මහජන නියෝජිතයන් පෞද්ගලිකවම විවිධ ඉල්ලීම් ඉදිරිපත් කළද එක ඉල්ලීමකට හැර අනෙකුත් සියලු ඉල්ලීම් සඳහා ජනාධිපති අරමුදලේ පවතින සාමාන්‍ය ක්‍රමවේදය අනුගමනය කරමින් රුපියල් ලක්ෂ 10 ඉක්මවා කිසිදු මූල්‍යාධාරයක් ලබාදී නෙමැති බව හිටපු ජනාධිපතිවරයා පවසයි.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ 2022 ජූලි 31 වනවිට ජනාධිපති අරමුදලේ පැවති රුපියල් මිලියන 7,000ක මුදල විවිධාකාර ගෙවීම් මධ්‍යයේ වුවද 2024 සැප්තැම්බර් 21 වනදා වන විට රුපියල් මිලියන 11,000 ඉක්මවා යන ශේෂයක් පවත්වාගෙන යාමට තමන් කටයුතු කළ බවය.

මේ අතර පසුගිය මාස 11 ක කාලය තුළ තමාගේ ආරක්ෂක වියදම් වෙනුවෙන් රුපියල් මිලියන 82ක් වැයවූ බවට සිදුකරන ප්‍රකාශ සත්‍යයෙන් තොර බවද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පුවත්

වැඩි මිලට බඩු අලෙවි කරන වෙළඳුන් සොයා නඩු පැවරීම දිගටම

Published

on

By

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ආරම්භ කළ විශේෂ විමර්ශන වැඩසටහන අනිද්දා (15) දක්වා ක්‍රියාත්මක බව වාර්තා වේ.

සහල් තොග හා අලෙවිසැල් පාරිභෝගික නිලධාරීන් උපායදූතයන් ලවා පරීක්ෂා කරමින් වැඩි මිලට භාණ්ඩ අලෙවිකරන වෙළඳුන් සොයා නඩු පැවරීම මෙම වැඩසටහනේ දී සිදුකර ඇති බව සඳහන් වේ.

පාරිභෝගික අධිකාරියේ නිලධාරින් පවසන්නේ, අදාළ උත්සව කාලසීමාව තුළ සුපිරි වෙළඳසැල් ද ඇතුළුව සිල්ලර වෙළඳසැල්වල ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට කටයුතු කළ බවයි.

Continue Reading

පුවත්

“ගෝල්ෆේස් දාලා පෙන්නපු වාහන මාලිමා මන්ත්‍රීලා බෙදාගෙන කියලා ආරංචියි’

Published

on

By

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ වනවිට ජනතාව කියන දේ නොඅසන, තමන්ම කියූ දේවල් ද අමතක තත්වයකට පත්ව සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.

හර්ෂණ රාජකරුණා මහතා මේ බව පැවසුවේ ඊයේ (12) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“දැන් මේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් උද්දච්ඡ තත්වයකට පත්වෙලා තියෙනවා. දැන් මේගොල්ලන් ජනතාව කියන දෙයක් අහන්නෑ. කිව්ව දේවල් අමතක වෙලා තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැටුප් එපා කිව්වා, පෙන්ෂන් එපා කිව්වා, නිවාස එපා කිව්වා. හැබැයි අද ඒවා ගැන කතාවක්වත් කරනවාද ? ගෝල්ෆේස් එකේ දාලා වාහන පෙන්නුවේ, ඒ වාහන ටික කොහෙද දැන් ? අපට ආරංචියි ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට ඒ වාහන දීලා දැන්. “

Continue Reading

පුවත්

ජලාශ 36ක් වාන් මට්ටම​ට

Published

on

By

පවතින වර්ෂාව හේතුවෙන් රාජාංගනට, යෝධ වැව, කවුඩුල්ල, නාච්චිදූව, වීරවිල, මහ කනදරාව ඇතුළු ප්‍රධාන ජලාශ 36ක් වාන් මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තුමේන්තුව පවසයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 73 ජල ධාරිතාව 80% මට්ටම ඉක්මවා ඇති බවත් වාරි මාර්ග අධ්‍යක්ෂ එල්. එස් සුරවීර මහත ප්‍රකාශ කරයි.

මෙම ප්‍රධාන ජලාශවලට අමතරව මධ්‍යම ප්‍රමාණයේ ජලාශවල ද ජල මට්ටම විශාල වශයෙන් ඉහල යමින් පවතින බව ද ඒ මහතා සඳහන් කලේය.

ජලාශ ආශ්‍රිත පහත් බිම් වල වෙසෙන ජනතාවට ආපදා කලමණාකරණ මධ්‍යස්ථාන විසින් නිකුත් කරනු ලබන නිවේදන පිළිබඳ නිරන්තර අවධානය යොමුකරන ලෙසත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved