Connect with us

පුවත්

ජනාධිපති හම්බවෙන්න කලබල කළ අයෙක් අත්අඩංගුවට

Published

on

පිළියන්දල – ජාලියගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ලොරි රථයකට කඩුවක් අතැතිව නැග ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට අවශ්‍ය බව පවසමින් කලහකාරීව හැසුරුණු පුද්ගලයෙකු පොලිසිය මැදිහත් වී පාලනයකර අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසයි.

පොලිසිය පවසන්නේ, පිළියන්දල – තුම්බෝවිල ප්‍රදේශයේ පදිංචි (53) හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවය.

මෙම පුද්ගලයා (26) දින පෙරවරුවේ ජාලියගොඩ හන්දියට කඩුවක් රැගෙන පැමිණ අසල්වාසීන්ට පරුෂ වචන කියමින් කලාකාරීව හැසිරී තිබේ.

ඒ අතරතුරදී අවට පිරිස පරුෂ වචන නොකියන ලෙසට දැනුම් දීමෙන් පසුව ඊට උරණ වී අසල නවතා තිබූ ලොරි රථයකට නැග ජනාධිපති අනුරු කුමාර දිසානායක මහතා හමුවීමට අවශ්‍ය බවත් එසේ නොවන්නේ නම් බෙල්ල කපාගෙන සියදිවි හානි කර ගන්නා බව පවසමින් කලහකාරීව හැසිරී තිබෙන බව පොලීසිය පවසයි.

පසුව තත්ත්වය පාලනය කිරීමට අසල්වාසීන්ට නොහැකි වූ නිසා මේ බව පිළියන්දල පොලිසියට දැනුම් දීමෙන් පසුව නිලධාරි කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ තත්ත්වය පාලනය කලේය.

අනතුරුව කලහකාරී හැසුරුණු  එම පුද්ගලයා යම් රෝගී තත්ත්වයකින් පෙළෙන බව අනාවරණය වී ඇතැයි පොලීසිය වැඩිදුරටත් කියා සිටියේය.

පුවත්

අදින් ඇරඹෙන “ප්‍රජා ශක්ති”

Published

on

By

ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීමේ ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන අද ආරම්භ වෙයි.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ,  ප්‍රධාන අරමුණු තුනක් ඔස්සේ සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්‍රතිලාභ  සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා එම වැඩපිලිවෙල තුළින් අපේක්ෂා කරන බවයි.

ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන යටතේ මෙරට ග්‍රාම නිලධාරී වසම් 14,000 ක ප්‍රජා සංවර්ධන සභා පිහිටුවීමටද කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසුවේ ය.

ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ, වැඩපිළිවෙළ අධීක්ෂණය ජාතික ප්‍රතිපත්ති සභාවක් මගින් සිදු කෙරෙන බවයි.

Continue Reading

පුවත්

එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

Published

on

By

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading

පුවත්

සිසුවෙකු පා පුවරුවෙන් ඇද වැටීමේ සිද්ධියට සිසු සැරියේ රියදුරු සහ කොන්දොස්තරගේ වැඩ තහනම්

Published

on

By

මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සිසු සැරිය බස් රථයක පා පුවරුවෙන් සිසුවෙකු ඇදවැටුණු සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී රියදුරු හා කොන්දොස්තරගේ අපරික්ෂාකාරී සහ නොසැලකිලිමත් රිය ධාවනය මෙම අනතුරට හේතුවී ඇතැයි නිරීක්ෂණය වූ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

ඊයේ (03) දින වාර්තා වූ මෙම සිද්ධිය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ ඒ අනුව මෙම බස් රථයේ සේවය කළ රියදුරු මහතාගේ හා කොන්දොස්තර මහතාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට වයඹ පළාත් ප්‍රවාහන අධිකාරිය විසින් පියවර ගත් බවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved