Connect with us

පුවත්

ජපන් සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරු JDS වෙනුවෙන් අත්සන් තබති

Published

on

ජපන් විදේශ කටයුතු අමාත්‍ය ගරු. කමිකාවා යෝකෝ මැතිණිය සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය ගරු ඒම්. යූ. ඒම්. අලි සබ්රි මහතා, ජපානයේ සිය නිල සංචාරය අතරතුර, ඊයේ (02) ටෝකියෝ හි දී මානව සම්පත් සංවර්ධනය සඳහා වූ ශිෂ්‍යත්ව වැඩසටහන (JDS ලෙස හඳුන්වන) සඳහා හුවමාරු සටහන් පත්‍රයට අත්සන් තැබීය.

මෙය ශ්‍රී ලංකාවේ මානව සම්පත් සංවර්ධනය සඳහා වූ ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා නව සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇත.

මෙම හුවමාරු සටහන් පත්‍රය හරහා, ව්‍යාපෘතිය වෙනුවෙන් ජපන් රජය දළ වශයෙන් රුපියල් මිලියන 578 ක් (ජපන් යෙන් මිලියන 304) වටිනා ආධාර ප්‍රදාන ලබා දී ඇත.

මෙම ව්‍යාපෘතිය මගින් රාජ්‍ය අංශයේ තරුණ දක්ෂ පරිපාලන නිලධාරීන්හට  ජපානයේ විවිධ විශ්ව විද්‍යාලවල පුහුණු වීමේ අවස්ථා ලබා දී ඔවුන්ගේ දැනුම හා කුසලතා වර්ධනය කර ඔවුන් තම ක්ෂේත්‍රවල අනාගත ජාතික නායකයින් ලෙස සුදුසුකම් ලබා ගැනීමට සැලැස්වීම මින් අරමුණු කරයි. මේ යටතේ රාජ්‍ය අංශයේ නිලධාරීන් 17 ත් දෙනෙකු 2025 න් ආරම්භ වන වසර 2 සිට 3 දක්වා ශාස්ත්‍රපති හෝ ආචාර්ය උපාධි පාඨමාලා හැදෑරීමට යොමු කරනු ලැබේ. ඔවුන්ගේ පර්යේෂණ ක්ෂේත්‍ර අතරට රාජ්‍ය ප්‍රතිපත්ති, සාර්ව ආර්ථික විද්‍යාව, රාජ්‍ය මූල්‍ය සහ ආයෝජන කළමනාකරණය, කර්මාන්ත සංවර්ධන ප්‍රතිපත්ති සහ ආයෝජන ප්‍රවර්ධනය, සහ නාගරික හා ප්‍රාදේශීය සංවර්ධනය ඇතුලත් වේ.

2010 වසර ආරම්භයේ සිට මේ දක්වා, JDS ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ නිලධාරීන් 222 දෙනෙකුට සහාය ලබා දී ඇත. මෙම ව්‍යාපෘතිය පුද්ගල ධාරිතාවන් ඉහළ නැංවීමට පමණක් නොව  රාජ්‍ය අංශයේ ආයතනික ධාරිතාව වැඩිදියුණු කිරීමට ද දායක වන අතර එමඟින් ශ්‍රී ලංකාව ශක්තිමත්
සහ තිරසාර සංවර්ධනයට යොමු කිරීමට ‌මෙම ප්‍රයත්නය සහාය වනු ඇත.

දෙරට අතර සබඳතා ශක්තිමත් කරනා පාලමක් ලෙස කටයුතු කරමින් ජපානය සමඟ ද්විපාර්ශ්වික සබඳතා වල  අත්තිවාරම් තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි මෙමගින් අපේක්ෂා කෙරේ.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved