Connect with us

පුවත්

ජර්මානු DW රූපවාහිනියට ජනපතිගෙන් දෝස් මුරයක්

Published

on

පාස්කු ප්‍රහාරය ඇතුළු කිසිදු කරුණක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියයි.

ඔහු මේ බව පැවසුවේ ජර්මනියේ ඩොයිෂ් වෙලේ (DW) පුවත් ඒජන්සිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙහිදී මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්න වලට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා තරමක කේන්තියෙන් පිළිතුරු දීමත් සමග එම සම්මුඛ සාකච්ඡාව තරමක උණුසුම් මුහුණුවරක් ගෙන තිබුණි.

මෙහිදී DW මාධ්‍යවේදියා විකාර කථා කරන බවට මෙන්ම ඇතැම් බටහිර රටවල් ශ්‍රී ලංකාව වැනි ආසියානු රටවල් දෙවැනි පංතියට දමමින් කටයුතු කරන බව ජනපතිවරයා චෝදනා කළේය.

පුද්ගලයන් කිහිපදෛනකු විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා තිබුණද පාර්ලිමේන්තුව එවැන්නක් ඉල්ලා නොතිබුණු බව ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත.

මං ගණුදෙනු කරන්නෙ රදගුරු සංගමය එක්ක

තමන් කාදිනල් සමග කටයුතු නොකරන බවත් කතෝලික රදගුරු සංගමය සමග කටයුතු කරන බවත් ජනපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

තවද චැනල් 4 වීඩියෝව සම්බන්ධයෙන් ‌මේ වන විට කමිටුවක් පත්කර ඇති බව ජනපතිවරයා සම්මුඛ සාකච්ඡාවේදී පැවැසීය.

ලංකාවට ආවට පස්සෙ සිරිසේනව හම්බවෙනවා

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එක් කොමිසමක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කර ඇති බැවින් තමා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව ඔහුවද හමුවීමට නියමිත බව ජනපතිවරයා වැඩිදුරටත් පැවසීය.

නැහැයි කියලා කියන්නෙ නෑ

තවද, සේව් ද චිල්ඩ්‍රන් සංවිධානය මගින් කුසගින්න සම්බන්ධයෙන් එළිදැක්වූ වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පවසා ඇත්තේ මෙම වාර්තාවේ ඇති ප්‍රතිශත සම්බන්ධයෙන් එකඟ නොවුනද එය ප්‍රතික්ෂේප නොකරන බවයි. පසුගිය වසරේ පැවති ආහාර අර්බුදය මේ වන විට අඩු කර ඇති බවද,ඔහු වැඩිදුරටත් පැවසීය.

පිට වැඩක් නෙමෙයි!

ජනපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම ප්‍රහාරය ලංකාවෙන් පිටත සිදුවූවක් නොවන බව ඇමෙරිකාවේ බුද්ධි අංශ වාර්තාවක් ලබා දී ඇති බවත්, බ්‍රිතාන්‍යයේ, ඕස්ට්‍රේලියාවේ, චීනයේ, ඉන්දියාවේ හා පාකිස්තානයේ බුද්ධි අංශ ද වාර්තා ලබාදී ඇති බවත්ය.

පුවත්

වාහන ආනයනයට නිකුත් කළ LC ජපන් බැංකු ඉවත දාලා 

Published

on

By

මෙරටට වාහන ආනයනය කිරීමට නිකුත්කර ඇති ණයවර ලිපි ජපානයේ ඇතැම් ප්‍රමුඛ පෙළේ බැංකු විසින් පිළි නොගැනීම නිසා වාහන ආනයනකරුවන් අසීරුතාවයට පත්ව ඇතැයි වාර්තා වේ.

වසර 2020 මාර්තු මාසයේදී වාහන ආනයන කරන අවස්ථාවේ ණයවර ලිපි 400ත් 500ත් අතර ප්‍රමාණයක් විවෘත කර තිබූ බවත්, අදාළ තත්ත්වය නිසා එම අවස්ථාවේ විවිධ ගැටලු මතුවූ බවත්, ඒ තත්ත්වයත් සමඟ ලංකාවේ ණයවර ලිපි සඳහා තිබූ තත්ත්වය බිංදුවට වැටී ඇතැයි ද ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති  ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා කියා සිටී.

Continue Reading

පුවත්

මාලිමාවේ තවත් මන්ත්‍රී කෙනෙකු රිය අනතුරකට!

Published

on

By

යාපනය දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ පාර්මේතු මන්ත්‍රී කේ. ඉලංකුමාරන් මහතා ගමන් ගත් මෝටර් රථයක් රිය අනතුරකට ලක්ව තිබේ.

මන්ත්‍රීවරයා චාවකච්චේරිය ප්‍රදේශයේදී මෙලෙස අනතුරට පත්ව ඇත.

කිලිනොච්චිය සිට යාපනය දක්වා ගමන් කරමින් සිටියදී වාහනය ඉදිරියෙන් ගමන් කළ කුඩා ලොරි රථයක් චාවකච්චේරි දෙසට හැරී පිටුපසින් පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ මෝටර් රථයේ ගැටී තිබේ.

අනතුරින් මන්ත්‍රීවරයා, ඔහුගේ සහයකයා මහ රථයේ රියදුරු තුවාල ලබා යාපනයට ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධිය සම්බන්ධ චාවකච්චේරිය පොලීසීය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Continue Reading

පුවත්

කදුරුවෙල ත්‍රෛභාෂා පාසල අග්‍රාමාත්‍යවරියගේ නිරීක්ෂණයට

Published

on

By

ඉන්දීය රජයේ ආධාර යටතේ  පොළොන්නරුව, කදුරුවෙල ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින ත්‍රෛභාෂා ජාතික පාසලේ වර්තමාන තත්වය පිළිබඳ පිරික්සා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක් සහ එම පාසලේ ඉදිරි වැඩකටයුතු  පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පෙබරවාරි 14වන දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ මූලිකත්වයෙන් පැවැත්විණි.

කලාපයේ සියලු ජාතීන්, ආගම් නියෝජනය වන පරිදි සියලු දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ පහසුව අරමුණු කරගනිමින් ගොඩනැගෙමින් පැවති මෙම පාසලේ ඉදිකිරීම් කටයුතු  වසර කිහිපයක සිට මන්දගාමීව සිදුවීම සම්බන්ධව මෙහි දී අග්‍රාමාත්‍යවරියගේ අවධානයට යොමු විය.

ඉන්දියන් රජයේ අරමුදල් යටතේ ඉදිවෙන ඉදිරිපස ගොඩනැගිල්ල 75% වැඩ අවසන් අතර, එහි ඉතිරි වැඩ නිම කිරීමට රුපියල් මිලියන 150 ක් පමණ වැය වන බවත්, දෙවන ගොඩනැගිල්ල ශ්‍රී ලංකා රජයේ මුදලින් ඉදිකෙරෙන අතර එහි වැඩ 40% ක් අවසන් බවත්, ඉතිරි වැඩ නිම කිරීමට රුපියල් මිලියන 400 පමණ මුදලක් අවශ්‍ය බවත් ඉදිකිරීම් සමාගම විසින් පෙන්වා දෙන ලදි.

පාසල ආරම්භ වූ පසු එකවර සිසුන් 1600 ක් සඳහා අධ්‍යාපන කටයුතු වල නියැලීමේ පහසුකම් මෙහි ඇති අතර, විශේෂ අධ්‍යාපන ඒකක,  භාෂා පංති කාමර, e-learning පංති කාමර, නේවාසිකාගාර, පරිපාලන ගොඩනැගිල්ල, විද්‍යාගාර පහසුකම් සනීපාරක්ෂක පහසුකම් මෙන්ම ගුරු නිල නිවාස ඇතුළත්වන පරිදි පාසල නිර්මාණය කිරීමට සැළසුම් කර ඇති බව ඉදිකිරීම් සමාගමේ ඉන්ජිනේරුවන් විසින් අග්‍රාමාත්‍යවරිය දැනුවත් කළේය.

මෙම සම්පත් විනාශ වීමට ඉඩ නොහැර  දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගොඩනැගීමට අවශ්‍ය  යෝජනා හා සැලසුම් කඩිනමින් ඉරිදිපත් කරන ලෙස අග්‍රාමාත්‍යවරිය විසින් බලධාරින් වෙත දැනුම් දෙන ලදී.

නිරීක්ෂණ කටයුතු සඳහා නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත්, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි, අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව, උතුරු මැද පළාත් ආණ්ඩුකාරවර වසන්ත ජිනදාස, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් සම්බන්ධ විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved