Connect with us

පුවත්

ජලනි  නිසා ගුවන් හමුදාවත් අවුලක

Published

on

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මිය පලාලි ගුවන් හමුදා කඳවුරට ඇතුළු වෙන අවස්ථාවකදී ගුවන් හමුදා නිලධාරීන් විසින් ඇයට ගෞරව ආචාර දක්වන අයුරු දක්වන වීඩියෝවක් පිළිබඳව සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් මතුව තිබේ.

ජලනි ප්‍රේමදාස මහත්මියට මෙලෙස ආචාර දැක්වීම සම්බන්ධයෙන් ‘ඩේලි මිරර්’ ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක කැප්ටන් එරන්ද ගීගනගේ මහතාගෙන් විමසීමකදී ඔහු පවසා ඇත්තේ, එලෙස ආචාර කර ඇත්තේ එම අවස්ථාවේදී ජලනි ප්‍රේමදාස මහත්මිය සමඟ පැමිණි පිරිස අතර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජී එල් පීරිස් මහතාට බවය.

සාමාන්‍ය වශයෙන් මෙලෙස ගෞරව ආචාර දක්වන්නේ රාජ්‍ය නායකයින් වෙත සහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත පමණක් බව සඳහන්ය.

පලාලි ගුවන් හමුදා කඳවුරේ පැවති උත්සවයක් සඳහා ජලනි ප්‍රේමදාස මහත්මියගේ ප්‍රධානත්වයෙන් අදාළ පිරිස පැමිණ තිබූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්.පීරිස් මහතාද ඇයගේ පිටුපසින් පැමිණෙනු දක්නට ලැබුණි.

කෙසේ වෙතත්, අදාළ වීඩියෝව නැරඹීමේදී මෙලෙස පැමිණි කණ්ඩායමේ ප්‍රධානියා ලෙස ජලනි ප්‍රේමදාස සියල්ලට ඉදිරියෙන් පැමිණෙන බවත් ඒ වන විටත් ගුවන් හමුදා භටයන් ඇයට ආචාර කරමින් සිටින අයුරු දක්නට ලැබෙන බවත් නිරීක්ෂණය වේ.

ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණෙන ඇයට හින්දු ක්‍රමය අනුව විශේෂ සලුවක් උරහිසට දමා පිළිගන්නා විටත් ජී.ඇල්. පීරිස් මහතා ඇයගේ පසුපසින් පැමිණෙන අයුරු දක්නට ලැබේ.

එහිදී එම පිරිසට ගුවන් හමුදාව විසින් ආචාර දක්වා තිබූ අතර අදාළ වීඩියෝව සමඟි ජන බලවේගයේ ආසන සංවිධායකවරයෙකු විසින් ෆේස්බුක් වෙත උඩුගත කර තිබූ අතර මේ වන විට එම වීඩියෝවෙන් අචාර දක්වන කොටස සංස්කරණය කර ඉවත් කර ඇති බවද වාර්තා වේ.

පුවත්

බූස්සේ රැඳවියන් පිරිසක් විරෝධයක් අරඹයි

Published

on

By

බන්ධනාගාරය තුළ සිදුකරන දැඩි සෝදිසි කිරීම්වලට විරෝධය පළ කරමින් බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 5දෙනෙකු බන්ධනාගාරයේ වහළය මත නැග විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

අද (18) උදෑසන සිට මෙම රැඳවියන් විරෝධතාවයේ නිරතවෙන බව සඳහන් වෙයි.

Continue Reading

පුවත්

කොළඹ පුරපතිනිය වැඩ අරඹයි (වීඩියෝ)

Published

on

By

කොළඹ පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය අද (18) එම ධුරයේ වැඩ ආරම්භ කර තිබේ.

2025 පළාත් පාලන මැතිවරණයේදී වැඩි අවධානයක් යොමව තිබුණු අපේක්ෂිකාව වූ ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස බහුතර මන්ත්‍රීවරුන්ගේ මනාපයෙන් පෙරේදා (16) දින තේරී පත්වූවාය.

ඇය නගරාධිපති තෝරාපත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වූ රහස් ඡන්දයෙන් ඡන්ද 61ක් දිනා ගනිමින් කොළඹ 26 වන පුරපතිනිය බවට පත්වුණි.

ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය කොළඹ මහ නගර සභාවේ දෙවන පුරපතිනිය ලෙස ඉතිහාසයට එක්වන අතර හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක කොළඹ නගර සභාවට පත් වූ පළමු නගරාධිපතිවරිය වේ.

Continue Reading

ඡායාරූප සටහන

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කළ බිහිසුණු අනතුර  (ඡායා)

Published

on

By

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ මීන්නාන ප්‍රදේශයේ බස් රථයක් සහ බහාලුම් රථයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබේ.

අනතුර අද (18) උදෑසන සිදුව ඇති අතර, අනතුරින් පසුව කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්ගය පැයක පමණ කාලයක් වාහන ගමනාගමනයට අවහිර වී තිබුණි.

අනතුරින් තුවාල ලැබු 18 දෙනෙකු පමණ ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන අතර අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඇහැළියගොඩ පොලීසිය විසින් සිදුකරනු ලබයි.

ඡායා – Accident 1st

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved