Connect with us

පුවත්

ජවිපෙ ඝාතන යැයි රෝහිනීගෙන් දීර්ඝ ලැයිස්තුවක්

Published

on

88-89 කාලයේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කළේ යැයි පවසමින් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිනී කවිරත්න මහත්මිය  දීර්ඝ ලේඛණ කිහිපයක් පාර්ලිමේන්තුවේ සභාගත කළාය.

අද (10) පාර්ලිමේන්තුවේදී ආරම්භ වූ බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදයේදී අදහස් දැක්වූ මන්ත්‍රීවරිය,

“1985 – 1991 භීෂණ සමය කියන්නේ වලක්වා ගත හැකිව තිබූ, නමුත් මෝඩ, උද්දච්ච, බලලෝභී දේශපාලනය විසින් සිදු කළ විනාශයකි. මානව සංහතියේ අඛණ්ඩ පැවැත්ම තීරණය වන්නේ අතීතයෙන් අප ඉගෙන ගන්නා පාඩම්වලින්. මිහිමත නැවත ඇති නොවිය යුතු ඛෙදවාචකයක් ගැන සිදු කරන මේ විවාදයේ කතාවක් පැවැත්වීම 89 දී ජවිපෙ භිෂණයෙන් – මරණයෙන් බේරිලා අතිරික්ත ජීවිත කාලයක් ගෙවන මට ලැබුණු  දෛවෝපගත අවස්ථාවක් හැටියට සලකනවා.

‘යම් අරගලයක් මල්එල ගැන්වීමට තිබෙන හැකියාව ස්වල්ප නිසාම, සාධාරණ යැයි විශ්වාස කෙරෙන අරමුණක් වෙනුවෙන් සහාය දැක්වීමෙන් වැලකී නොසිටිය යුතුය’ කියලා ඒබ්‍රහම් ලින්කන් කියනවා.

මට 87 -89 යුගයේ කුරිරු බව නිසා දෛවය විසින්ම  වගකීම පැවරී තිබෙනවා යැයි මම සිතනවා. මම මේ කතා කරන්නේ කිසිවෙකුත් ජයග්‍රහණය නොලැබූ පරාජය, දුක වේදනාව, පසුතැවීම, ආබාධිතයෝ, ඉතිරි කරපු තවමත් සුවපත් නොවූ ඛෙදවාචකයක් ගැන.

1985 – 1991 ජවිපෙ දෙවන කැරැල්ල ශ්‍රී ලංකා රාජ්‍යයේ පාලනයට ආපු සෑම පාලකයාම – ජනාධිපතිවරයාම – අගමැතිවරයාම හිතේ කහටක් නැතුව අමතක කරලා දාපු දෙයක්.

1992 සිට 2024 දක්වා කිසිම රාජ්‍ය නායකයෙක් ’87 – 89’ කර තබාගෙන යන්නට උත්සහ කළේ නෑ.

1991 දී ජනාධිපති ආර්. ප්‍රේමදාස, තරුණ අසහන කොමිසම දාලා දෙවන කැරැල්ලට හේතු සොයලා, නැවත අරගලයක් ජනසංහාරයක් දකුණේ සිදු නොවන තත්වයකට පත් කරන්න උත්සහ දැරැවා.

1992 සිට ඩී.බී. විජේතුංග ජනාධිපතිතුමා ජවිපෙ ට රට තුල දේශපාලනය කරන්න කිසිම බාධාවක් ඇති කළේ නෑ. ඒ නිසා තමයි 1994,  ජාතිය ගලවා ගැනීමේ පෙරමුණේ ජනිත් විපුලගුණට හම්බන්තොටින් පාර්ලිමේන්තුවට එන්න පුළුවන් වුණේ.

1994 දී බලයට ආපු චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ජවිපෙ එක්ක ආණ්ඩු කළා. විජය කුමාරතුංග මරපු  ලයනල් රණසිංහගේ ජවිපෙ නායකයෝ එක්ක පරිවාස ආණ්ඩු හැදුවා. 2004 දී අවු. 2 ක එජාප ආණ්ඩුව පෙරළන්න කටයුතු කළා. චන්ද්‍රිකා ජනාධිපතිතුමිය අතීතය අමතක නොකලා නම් එහෙම කරන්න බෑනේ.

2005 දී මහින්ද රාජපක්ෂ මැතිතුමා ජවිපෙ එක්ක ආණ්ඩු පිහිටෙව්වා. 1990 දී ජවිපෙ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමාට  කිව්වේ පාවාදුන්න ‍’ද්‍රෝහියා කියලයි’

2010 දී එජාපය – ජවිපෙ සරත් ෆොන්සේකා වෙනුවෙන් එකම වේදිකාවට නැග්ගා.  එජාපය අතීතය අමතක නොකළා නම් එහෙම වෙන්නේ නෑනේ

2015 දී යහපාලනය වෙනුවෙන් මෛත්‍රී යුගයක් ගේන්න එජාපය එක්ක ජවිපෙ වේදිකා ගැහුවා

2018 දවස් 52 දී අපිටත් වැඩිය රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව රකින්න විජිත හේරත් මන්ත්‍රීතුමා විශ්වාස භංගයත් අරගෙන කතානායකතුමා ලඟට දුවපු හැටි අපි දැක්කා. දවස් 52 ආණ්ඩුව කාළේ මලික් සමරවික්‍රම මැතිතුමායි, ජවිපෙ වැඩ කරපු හැටි මතකයි.

2024 ජනාධිපතිවරණයේ දී මාලිමාවට තල්ලුව දුන්න කෝච්චි ඇන්ජිම වුණා.

2024 දී රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමා, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මැතිතුමා බලයට ගේන්න වක්‍රව උපකාර කලා..

1990 සිට 2024 දක්වා රාජ්‍ය පාලකයෝ 85-91 භිෂණ යුගය අමතක කරලා දැම්මා කියන්නේ ඒකයි.

ඔබට මතක ඇති, මගෙත් එක්ක ගමගෙදර දිසානායක ඇමතිතුමා භිෂණ සමය ගැන පැටලිලා සතියකට පස්සේ, රනිල් වික්‍රමසිංහ මැතිතුමා අල්ජසීරා සාකච්ඡාවේ පැටලුණා.ඇත්තටම, පෙරටුගාමී පක්ෂ‍ය ආණ්ඩුව මේ උගුලේ පටලැව්වා! ආණ්ඩුව වලේ වැටුණා.

අද 87 – 91 ගැන නොදන්න පරම්පරාවක්, ලෝකයක් මේ භිෂණය ගැන කතා කරනවා. එහි එක් තැනක තියෙනවා,  ‘කඩාකප්පල්කාරීන්ගෙන් එල්ලවු තර්ජනය කාර්යක්ෂමව මර්ධනය කිරීමට හැකිවූයේ ඒ ඒ ප්‍රදේශවල කඩාකප්පල්කාරී මර්ධන ඒකකවලට බව’ඒ කියන්නේ කුමක්ද? ලංකාව පුරා තිබුණු රැඳවුම් මධ්‍යස්ථාන පොලිස් හමුදා ඒකක නැත්තම් දිගටම ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වනු ඇති බව නේද?

ජවිපෙ විසින් ඝාතනය කරපු 6,661 කින් කොටසක් වන, එජාප සමාජිකයින්ගේ ලැයිස්තුව සභාගත කළා.

‘අමන දේශපාලන බල පොරය නිසා’ වලක්වා ගන්නට බැරිවුණු අවස්ථාව මළමිණී 41,813 ක් මතින් ගොඩනැගුණු ඛේදවාචකය ගැන මුලින්ම කියන්න ඕනි 1987 -1990 භිෂණයේ දී පුද්ගලයින් 67,652 ක් මැරණා කියන එක ගැන කිසිම සාක්ෂියක් නෑ…….

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved