Connect with us

පුවත්

“ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය ඇතුලෙ හොඳ කාරණා තියෙනවා”

Published

on

බලශක්තිය, විදුලි බිල, ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්තිය පිළිබඳ ඕනම විවාදයකට තමා සූදානම් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

පසුගියදා (20) කොළඹ පැවති පුළුවන් ශ්‍රී ලංකා මාධ්‍ය හමුවට එක්වෙමින් අමාතය කංචන විජේසේකර මහතා මේ   බව සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණ බලාගාර ඉදිකිරීම අවහිර කරමින්, ඒවාදේශපාලන ප්‍රශ්න බවට පත් කරගෙන කළ බාධා හරහා රටේ බලශක්ති ක්ෂේත්‍රය අර්බුදයකට මුහුණ පෑ බව අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙහිදී පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කංචන විජේසේකර මහතා,

“ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය ඇතුලෙ තියෙනවා හොඳ කාරණා. එතුමන්ලා විරුද්ධ වුණ නිසා කරන්න බැරි වුණ සුළං බලාගාර ඉදි කළ යුතුයි. මෙගාවොට් 40ක ධාරිතාවක් අපේ රටේ තියෙනවා. පහුගිය කාලෙම සුළං බලාගාර ඉදිකිරීමට යාමේදී පාරිසරික ගැටලු ඔවුන් මතු කළා. පාරිසරික ගැටලුව සමනය කරගෙන ඒ කටයුත්ත කරන්න වෙන විකල්ප වැඩපිළිවෙලක් එතුමන්ට තියෙනවද කියලා කියන්න ඕනේ. පිරිපහදුව සහ ප්‍රතිසංස්කරණය ප්‍රතිව්‍යුහගත කරණය කිරීම පිළිබඳ වැඩසටහන් එතුමන්ලා ඉදිරිපත් කරලා තියෙනවා. මෑතකදී හරි අනුර කුමාර දිසානායක ඇතුළු පක්ෂයේ නායකයන් විදුලිබල මණ්ඩලය සහ ලංකා කණිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතුයි කියලා පිළි අරගෙන තියෙනවා. හැබැයි ඔවුන්ගේ දේශපාලන පක්ෂ නියෝජනය කරන වෘත්තිය සමිතිය ඒක ප්‍රතික්ෂේප කරනවා.

අපි දැන් සතුටු වෙනවා, අඩුම තරමේ මේ පිරිස අනුර කුමාර දිසානායක ඇතුළු පක්ෂයේ නායකයන් විදුලිබල මණ්ඩලය සහ ලංකා කණිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතුයි කියලා පිළි අරගෙන තියෙනවා. ඒ වෙනුවෙන් අපි යෝජනා ඉදිරිපත් කළ අවස්ථාවේ පාර්ලිමේන්තුවේදී ඊට විරුද්ධව ඡන්ද දුන්නා. ඔවුන් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්තිය පිළිබඳ ඕනම විවාදයකට මම සූදානම්. අනුර කුමාර දිසානායක මැතිතුමාට අපි ආරාධනා කරනවා පාර්ලිමේන්තුවෙන් එළිය විවාදයකට එන්න කියලා. මීට පෙරත් මම එතුමාට විවිදයකට ආරාධනා කළා. බල ශක්තිය විදුලි බිල සම්බන්ධයෙන්, විදුලි ජනනය පිළිබඳව, ප්‍රසම්පාදනය පිළිබඳව ඕනෑම විවාදයකට මම සූදානම්. මේක අභියෝගයක් නෙවෙයි. ආරාධනාවක්. සංවාදයට එන්න. අපි මේ ක්ෂේත්‍රය පිළිබඳ හොඳ සංවාදයක් ඇතිකර ගනිමු.”

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved