Connect with us

පුවත්

ජාතික ජන බලවේගය අද කොමිසමට

Published

on

ජාතික ජන බලවේගය පක්ෂ නායකයින් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතව තිබේ.

පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පිරිසක් ඒ සඳහා එක්වීමට නියමිත බව සඳහන්ය.

පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම පිළිබඳව එහිදී මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

පුවත්

ජනපති සමඟ විශේෂ ඉෆ්තාර් එකක්

Published

on

By

ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් පවත්වනු ලබන ඉෆ්තාර් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (14) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

ඉස්ලාම් ආගමික නායකයින් මෙන්ම ඉස්ලාම් බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර ඉස්ලාම් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මෙම උත්සවය පැවැත්විණි.

නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා මෙහි පිළිගැනීමේ කතාව සිදු කළ අතර ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතාද උත්සව සභාව ඇමතීය.

ෂෙයික් අබ්දුල්ලා ෂහීඩ් මව්ලවිතුමා “රාමසාන් මාසයේ වැදගත්කම” පිළිබඳ විශේෂ දේශනයක් සිදු කරන ලදී.

විශේෂ යාඥා මෙහෙයෙන් පසු ප.ව 6.23ට අද දින උපවාසය අත්හැරීමේ කටයුතු ආරම්භ වූ අතර ඉන් අනතුරුව විශේෂ භෝජන සංග්‍රහයක්ද පැවැත්විණි.

මේ අතර ජනාධිපතිවරයා ඉෆ්තාර් උත්සවය සඳහා එක්ව සිටි ඉස්ලාම් බැතිමතුන් සමග සුහද කතාබහකටද එක් විය.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යුසුෆ් යන මහත්වරු සහ ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරුද, රාජ්‍ය නිලධාරින්, මහකොමසාරිස්වරු, තානාපතිවරු, මාධ්‍යවේදින් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

පුවත්

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අප්‍රේල් මුල දිවයිනට

Published

on

By

එළැඹෙන අප්‍රේල් මස මුල්දින කිහිපයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරට සංචාරයක නිරතවීමට නියමිත බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේය.

අද (15) පාර්ලිමේතුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එම සංචාරයේදී දෙරට අතර නව ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසීය.

Continue Reading

පුවත්

හිස් වූ අසුන ගැන කථානායක සභාවට දැනුම්දෙයි

Published

on

By

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාලි නලීම් මහතා ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව අද (15) පාර්ලිමේන්තුවේදී කථානායකවරයා විසින් සභාවට දැනුම් දෙන ලදී.

ඉදිරි පළාත් පාලන මැතිවණයේදී එරාවූර් නගර සභාවට ඉදිරිපත් වීම සඳහා ඔහු මෙලෙස ඉල්ලා අස්වූ බව ඊයේ (14) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා පැවසීය.

සාලි නලීම් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණි.

සබැඳි පුවත්
සාලි නලීම් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved