වැඩිම වැය ශීර්ෂයක් පෙන්නුම් කරන අමාත්‍යාංශ 10හි වියදම් විශ්ලේෂණය කිරීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජනපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අරලියගහ මන්දිරයේ අද (08) පැවති “ජාතික ඇගයීම් ප්‍රතිපත්ති රාමුව” එළිදැක්වීමේ උත්සවයට සහභාගී වෙමිනි.
මෙම අමාත්‍යාංශ 10 හි වියදම් විශ්ලේෂණය කරන අතරවාරයේ එම වාර්තා ඉදිරිපත් කිරීමටත් අදාළ විශ්ලේෂණ වාර්තා භාෂා ත්‍රිත්වයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කටයුතු කරන බව ජනපතිවරයා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ ජාතික ප්‍රතිපත්ති යාන්ත්‍රණය මත පදනම්ව බලය බෙදාහැරීමට ඉඩ දිය හැකි බවයි.
ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ කෙටුම්පතක් 2023 වසර අවසන් වීමට පෙර ඉදිරිපත් කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් තමන් ඉල්ලා ඇති බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ආරක්‍ෂක අමාත්‍යාංශය ශ්‍රී ලංකාව සඳහා වන දීර්ඝ කාලීන ආරක්‍ෂක ප්‍රතිපත්තියක් මත කටයුතු කරනු ඇති අතර, ජාතික ප්‍රතිපත්ති සකස් කිරීමේදී අනෙකුත් අමාත්‍යාංශ ද ජාතික ප්‍රතිපත්ති රාමුව අනුගමනය කරනු ඇතැයි තමා විශ්වාස කරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේ දැනට පවතින ප්‍රතිපත්ති රාමුව තුළ විශාල රික්තයක් පවතින බව සඳහන් කළ ජනාධිපතිවරයා, ජාතික ප්‍රතිපත්තියක් නොමැතිකම, නිදහස් වෙළෙඳපොළ ආර්ථිකය සඳහා සැලකිය යුතු අඩුපාඩුවක් බව පෙන්වා දුන්නේය.
පාර්ලිමේන්තුව විසින් ජාතික ප්‍රතිපත්ති පිළිබඳ වාර්තාවක් ලබා ගැනීම සඳහා කමිටුවක් පත් කර ඇති අතර, එම ජාතික ප්‍රතිපත්ති රාමුව තුළ බලය බෙදීමද සිදුවිය හැකි බව ඔහු අවධාරණය කළේය.