Connect with us

පුවත්

ජාතික රෝහලේ හිඟ විදුලි බිලෙන් කෝටි 12ක් ගෙවයි!

Published

on

කොළඹ ජාතික රෝහලේ රුපියල් කෝටි දහතුනක හිඟ විදුලි බිලෙන් රුපියල් කෝටි දොළහක් අද (28 වැනිදා) විදුලිබල මණ්ඩලයට පියවයි.

එම රුපියල් කෝටි දොළහක මුදල සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ (27 වැනිදා) ජාතික රෝහලට ලබා දුන්නේ ය.

කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් හතක රුපියල් කෝටි දහසයක හිඟ විදුලි බිල් පවතින බව ‘අරුණ‘ පුවත්පත ඊයේ අනාවරණය කළ අතර මෙම තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සහ අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින් අතර සාකච්ඡාවක් පැවැත්විණි. ඉහත මුදල ලබා දීමට තීරණය කර ඇත්තේ එම සාකච්ඡාවේ දී ය.

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පාලනය වන කිසිදු රෝහලක විදුලිය ඉදිරි මාස 2ක කාලයක් සඳහා විසන්ධි නොකිරීෙම් සහතිකය ලංකා විදුලිබල මණ්ඩලය ලබා දුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක ප්‍රකාශ කරයි. මහනුවරදී මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය. සෞඛ්‍ය ඇමැතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා සමග ඇතිකරගත් එකඟතාවයකට අනුව මෙම සහතිකය ලබා දී ඇත.

කොළඹ ජාතික රෝහල, ද සොයිසා කාන්තා රෝහල, ශ්‍රී ලංකා ජාතික දන්ත රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල, මාලිගාවත්ත වෘක්කවේද කාන්දු පෙරීම හා වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානය, ජාතික අක්ෂි රෝහල, කාසල් වීදියේ කාන්තා රෝහල එම රෝහල් හතක රුපියල් කෝටි දහසයකට ආසන්න හිඟ විදුලිය බිල කඩිනමින් ගෙවීමට අපොහොසත් වුවහොත් සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් රෝහල් හතක විදුලිය විසන්ධි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබිණි.

(අරුණ)

පුවත්

සජබේ අවුලක්: තවත් තිදෙනෙක් ඉල්ලා අස්වෙයි

Published

on

By

ජාතික සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙකු අද (24) සිට සිය ආසන සංවිධායක ධූරවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

මෙසේ ආසන සංවිධායක ධූරවලින් ඉවත්ව ඇත්තේ, මාතලේ ප්‍රධාන සංවිධායක වසන්ත අලුවිහාරේ, දඹුල්ල ප්‍රධාන සංවිධායක චම්පික විජේරත්න සහ රත්තොට ආසන සංවිධායකවරයා වන රජිත් අලුවිහාරේ යන තිදෙනාය.

හිටපු රාජ්‍ය අමාත්‍යය රජිත් අළුවිහාරේ මහතා පවසන්නේ, ඔවුන් තිදෙනාම සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිත බවය.

දිගින් දිගටම පක්ෂය මගින් සිදු කරන ලද විවිධ කෙනෙහිලි කම් නිසා මෙම තීරණය ගත් බවත් තවත් බොහෝ පිරිසක් මේ ආකාරයෙන් තම ආසන සංවිධායක ධූරවලින් විසිහතර දින ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිතව තිබෙන බවත් රජිත් අලුවිහාරේ මහතා පවසා තිබේ.

Continue Reading

පුවත්

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Published

on

By

අද (24) සහ හෙට (25) දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය හා 2024 සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින සිසුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම් දීමක් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ යම් සිසුවෙකුට එම විභාග දෙකටම එකම දිනයකදී පෙනි සිටීමට සිදුව ඇත්නම්, ඔවුන්ට අ.පො.ස. සාමාන්‍යපෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා වෙනත් දිනයක් ලබා ගත හැකි බවය.

ඒ සඳහා තමන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රය සහ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍රය හෝ එහි සහතික කළ පිටපතක් ලබන අඟහරුවාදාට පෙර අදාළ අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතු බව ද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Continue Reading

පුවත්

නිළි රැජිනගේ අවසන් කටයුතු අනිද්දා

Published

on

By

හෙළ සිනමාවේ නිළි රැජින අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව එළැඹෙන 26වනදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිතව ඇත

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved