Connect with us

පුවත්

ජාතික ලැයිස්තු අපේක්ෂකයින් 74කට නඩු

Published

on

පසුගිය මහ මැතිවරණයේ වියදම් වාර්තා ලබා නොදුන් දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තුවල සිටි අපේක්ෂකයින් 74කට නඩු පැවරීමකට තීරණය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටියේ, වියදම් වාර්තා ලබා නොදුන් මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 800කට වැඩි පිරිසකට නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවය.

මේ වනවිට ඊට අදාළ කටයුතු සිදු වන බවත් ඒ ඒ පොලිස් ස්ථානවල නඩු ගොනු කිරීම් සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කලේය.

පුවත්

රේගු අධ්‍යක්ෂ ජනරාල්ගේ නමින් වංචනික මුදල් ඉල්ලීමේ ජාවාරමක්

Published

on

By

රේගු අධ්‍යක්ෂ ජනරාලවරයාගේ නාමය හා තනතුර වංචනිකව යොදා ගනිමින් වට්ස්ඇප් පණිවුඩ හරහා විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ඉල්ලීමේ සංවිධානාත්මක ජාවාරමක් ගැන තොරතුරු වාර්තා වී ඇතැයි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පවසයි.

“DGC Mr. Nonis” යන නමින් වූ වට්ස්ඇප් අංකයකින් බැංකු ගිනුම් අංක ද සඳහන් කරමින් සහ විවිධ හේතු දක්වමින් මෙම ඉල්ලීම් කරන බවත් මෙම වංචනික පුද්ගලයන්ගේ ක්‍රියාකලාපයන්ට හසු නොවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා සඳහන් කලේය.

එවැනි ඉල්ලීමක් ලදහොත් ලඟම ඇති පොලිස් ස්ථානයට දන්වා සිටින ලෙස ඉල්ලා සිටින බව ද සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

Continue Reading

පුවත්

ගණේමුල්ල සංජීව ඝාතනය ගැන පොලීසිය කතා කරයි

Published

on

By

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ ගණේමුල්ලේ සංජීව වෙඩිතබා ඝාතනය කිරීම සඳහා නීතිඥවරයෙකු සහ නීතිඥවරියක් ලෙස වෙස්වලාගත් දෙදෙනෙකු පැමිණ ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා කියා සිටියේය.

නීතිඥයෙකු ලෙස වෙස්වලාගත් පුද්ගලයා හිස් අතින් අධිකරණය තුළට පැමිණ ඇති බවත් ඉන් අනතුරුව අදාළ කාන්තාවගෙන් ගිනිඅවිය ලබාගෙන ඇති බවත් සිදුකළ පරීක්ෂණ අනුව හෙළි වී ඇතැයි පොලීසිය පැවසීය.

ගණේමුල්ල සංජීව විත්තු කූඩුවේ සිට ඉන් බැසීමට ආසන්න වෙන අවස්ථාවේ අදාළ පුද්ගලයා විසින් වෙඩිතැබීම සිදුකර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ ගණේමුල්ලේ සංජීව අද (19) උදෑසන වෙඩිතබා ඝාතනය කළ අතර මේ සම්බන්ධයෙන් විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළු විශේෂ කණ්ඩායම් 5ක් යටතේ සිදුකරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ අතර ගණේමුල්ල සංජීව නමැත්තා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන සඳහා අවශ්‍ය කරන සියලු CCTV දර්ශන පොලීසිය වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය එහි රෙජිස්ටර්වරයාට නියම කර තිබේ.

මෙම සිද්ධියට අදාළව කෙසෙල්වත්ත පොලීසිය විසින් දහවල් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කරුණු වාර්තා කළේය.

අධිකරණ නිලධාරීන් ඇතුළු සෙසු පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුවන බවත් ඉදිරි විමර්ශන කටයුතු සඳහා සීසීටීවී දර්ශන ලබා ගැනීමට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

එම ඉල්ලීම පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විමර්ශන කටයුතු සඳහා පොලීසියට අවශ්‍ය කරන සීසීටීවී දර්ශන මුදාහැරීමට පියවර ගන්නා ලෙස දැන්වීය.

(පෙර පුවත 2025 පෙබරවාරි 19පෙ.ව.10.25)


අලුත්කඩේ උසාවියේ වෙඩි තැබීමකින් ගණේමුල්ල සංජීව මරුට

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඇතුළතදී  වෙඩි තැබීමක් සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ, වෙඩි තැබීමෙන් සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

ගණේමුල්ල සංජීව නැමැත්තාව නඩු කටයුත්තක් සඳහා බූස්ස බන්ධනාගාරයේ සිට අද (19) පෙරවරුවේ අලුත්කඩේ අධිකරණය වෙත රැගෙනවිත් තිබුණි.

නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇතැයි අනාවරණය වී තිබේ.

Continue Reading

පුවත්

මිද්දෙණියේ වෙඩි තැබීම ගැන තවත් තොරතුරු හෙළිවේ(UPDATE)

Published

on

By

මිද්දෙණිය, කඩේවත්ත හන්දිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ, අරුණ විදානගමගේ නොහොත් “කජ්ජා” නැමැති අනුවර්ත නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකි.

ඔහු අපරාධ රැසකට සම්බන්ධ බවට තොරතුරු අනාවරණ වී තිබේ.

මියගිය පුද්ගලයාගේ බිරිඳ විදෙස් ගතව සිටින අතර ඔහු දරුවන් දෙදෙනා සමග ජීවත්ව ඇති බවට මූලික විමර්ශනෙවලදී අනාවරණය වී ඇත.

මිද්දෙණිය, කඩේවත්ත හන්දිය ප්‍රදේශයේ ඊයේ (18) රාත්‍රියේ  සිදුකළ වෙඩිතැබීමකින් සය හැවිරිදි දැරියක ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ඉලක්ක කළ එම වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ 9 හැවිරිදි තවත් පිරිමි දරුවෙකු මේවනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවය.

වෙඩිතැබීම සිදුකරන අවස්ථාවේදී  ඔහුගේ දියණිය සහ පුත්‍රයාද ඔහු සමග යතුරුපැදියේ ගමන් කර තිබුණි.

වෙඩි ප්‍රහාරයෙන් වෙඩික්කරුවන්ගේ ඉලක්කය වූ 39 හැවිරිදි අරුණ විදානගමගේ නොහොත් කජ්ජා නැමැති අනුවර්ත නාමයෙන් හඳුන්වන පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබුණි.

ඉන් යතුරුපැදියේ ගමන් කළ කුඩා දියණිය සහ පුත්‍රයාද බරපතළ තුවාල ලබා ඇති අතර  6 හැවිරිදි දියණිය තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ 09 හැවිරිදි පුත්‍රයා මේවනවිට ප්‍රතිකාර ඇඹිලිපිටිය මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.

පොලීසිය පැවසුවේ ඨ්56 වර්ගයේ ගිනිඅවියක් යොදා ගනිමින් වෙඩිතැබීම සිදුකර ඇති බවය.

වෙඩික්කරුවන් අත්අඩංගුවට ගැනීමට මිද්දෙණිය පොලිසීය විමර්ශන ආරම්භ කර තිබේ

(පෙර පුවත 2025 පෙබරවාරි 19පෙ.ව11.19)


මිද්දෙණිය වෙඩිතැබීමෙන් තුවාල ලැබූ  පිරිමි දරුවාත් මරුට

මිද්දෙණිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතකළ සිටි පිරිමි දරුවා මියගොස් තිබේ.

ඔහු ඇඹිලිපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (19) මෙලෙස මියගොස් ඇත.

මියගොස් ඇත්තේ 09 හැවිරිදි පිරිමි දරුවෙකි.

(පෙර පුවත 2025 පෙබරවාරි 19පෙ.ව.7.08)


මිද්දෙණියේ වෙඩි තැබීමක්, තාත්තයි හය හැවිරිදි දුවයි මරුට

තංගල්ල, මිද්දෙණිය කඩේ වත්ත මංසන්ධියේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු හා දියණිය මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, අදාළ පුද්ගලයා සිය දියණිය හා පුත්‍රයා සමග ඊයේ (18) රාත්‍රී 10.15 ට පමණ යතුරු පැදියකින් යමින් සිටියදී නාඳුනන පිරිසක් විසින් වෙඩි තැබීම කර ඇති බවයි.

වෙඩි තැබීමෙන් 39 හැවිරිදි පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් තිබේ.

තුවාල ලැබූ ඔහුගේ දියණිය තංගල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර පුත්‍රයා ඇතුළත් කර ඇත්තේ, ඇඹිලිපිටිය රෝහලටයි.

6 හැවිරිදි දියණිය රෝහලේදී මියගොස් ඇත.

T 56 ගිනි අවියකින් වෙඩි තැබීම කර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved