Connect with us

පුවත්

ජාතිවාදී කතා කී රනිල් සමාව ගතයුතු බව අනුර කියයි; බැදුම්කරයට සම්බන්ධ නැතැයි රනිල් කියයි

Published

on

රනිල් වික්‍රමසිංහ තමන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් වැරදි අර්තකථන දී ජාතිවාදය වැපිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ඔහු ජනතාවගෙන් සමාව ගත යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.

අද (08) පෙරවරුවේ කොළඹදී පවත්වන ලද අන්තර් සමාගම් සේවක සංගමයේ 25 වෙනි ජාතික මහ සමුළුව අමතමිණි මේ බව සඳහන් කළ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක වැඩිදුරටත් පැවසූයේ උතුරේ ජනතාවගේ නියෝජිතයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් රනිල් වික්‍රමසිහගේ ප්‍රකාශය මුළුමනින්ම බැහැර කර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් සුමන්තිරන් මන්ත්‍රීවරයාට ස්තුතිය පල කළේය.

මේ වනවිට පරාජය පිළිබඳව තහවුරු වී තිබෙන පසුබිමක “මා මිත්‍ර” යනුවෙන් තමන්ව ආමන්ත්‍රණය කළද බැඳුම්කර කොල්ලය සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියට රනිල් වික්‍රමසිංහ ඇතුළු සියලු වගඋත්තරකරුවන් කැඳවන බවත් ඒ පිළිබඳව තේරුම්ගෙන ඇති ඔවුන් ප්‍රචාරය කරන ජාතිවාදී උපක්‍රමවලට හසු නොවන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

මම බැඳුම්කර මගඩියට සම්බන්ධ නැහැ – රනිල්දකුණේ මතයට හවුල් නොවුන හොත් උතුරේ ජනතාව වෙනසට විරුද්ධ වූවන් ලෙස දකුණේ ජනතාව විසින් සිතනු ඇතැයි අනුර දිසානායක යාපනයට පැමිණ කියා තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජන රැළියේදී පසුගිය 07 දා පැවසීය.

අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ද ඔහු එහිදී කීය.

මේ අතර, බැඳුම්කර මගඩියට තමාගේ කිසිදු සම්බන්ධකමක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුස්ලිම් සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් සමග කොළඹදී පැවැති හමුවකදී කියා සිටියේය.

ඔබ වරක් මිස්ටර් ක්ලීන් යන නාමය සමග කටයුතු කළා නමුත්, මහජන මතය දැන් වෙනස් වෙලා තිබෙනවා. බැඳුම්කර වංචාවේ සිට මේ දක්වා ඔබගේ පාලනය යටතේ සිදුවූ විවිධ ගණුදෙනු මේ වෙනසට හේතුවී තිබෙන බවයි පෙනෙන්නේ. ඇයි ඔබ මෙය සිදුවීමට ඉඩදුන්නේ යැයි සිවිල් ක්‍රියාකාරිකයකු විමසූ පැනයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“බැඳුම්කර වංචාව ගැන මට මොකක්ද කරන්න පුළුවන්. සියලුදෙනාටම නඩු පවරා මහාධිකරණ මට්ටමින් සහ අභියාචනාධිකරණ මට්ටමින් ඔවුන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා. මම කොමිසම හමුවට ගියා කොමිසම කිව්වා මට ඒකට කරන්න දෙයක් නැහැ කියලා. එහෙත් ඔබ කියනවා මම දූෂිතයි කියලා. බැඳුම්කර මගඩියට මගේ සම්බන්ධයක් නෑ. මම ගිහින් මාව නිදහස් කළා. එයාලා අහපු හැම ප්‍රශ්නයකටම මම උත්තර දුන්නා.

මම වෙනත් කතාවක් කියන්නද. මම ජනාධිපතිවරයා වුණාට පස්සේ ආණ්ඩුවේ ඇමැතිවරයකුට චෝදනා කළා. මම ඔහුව ආරක්ෂා කළේ නෑ. ඔහු ඉල්ලා අස්වුණා. ඇමැති කෙනකුට නඩු දාපු තව එක ආණ්ඩුවක් කියන්න. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගෙන් පස්සේ කිසිවකු එහෙම කරලා නෑ.’’ යැයි ජනාධිපතිවරයා කීවේය.

කැබිනට් තීරණ

පොදු ප්‍රවාහනට ළඟදීම මෙට්‍රෝ බස් 100ක්

Published

on

By

පොදු ප්‍රවාහනයේ නවීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙට්‍රෝ බස් රථ 100ක් ධාවනයට එක්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

සුවපහසු, දියුණු තාක්ෂණයෙන් යුතු එම බස් රථ හඳුන්වා දීමට 2025 අයවැය මඟින් ද යෝජනා වුණි.

ඒ අනුව බස්නාහිර පළාතේ කොළඹ ඇතුළුව, මාකුඹුර, කඩුවෙල, කඩවත සහ මොරටුව යන ප්‍රධාන මාර්ග කොරිඩෝ කිහිපයක් ඔස්සේ මගී ප්‍රවාහනය සඳහා මෙම පහත් පිවිසුම් සහිත බස් රථ එක්වෙනු ඇත.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගේ යෝජනාව සැලකිල්ලට ගෙන 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පරිපාලිත සමාගමක් ස්ථාපිත කර යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Continue Reading

කැබිනට් තීරණ

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න (UPDATE)

Published

on

By

ඊයේ (ජූනි 02) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය :


(පෙර පුවත 2025 ජූනි ප.ව.12.49 )

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩ ඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved