Connect with us

පුවත්

ජීවන් කරුණු පහදයි

Published

on

මාතලේ දිස්ත්‍රික්කයේ ඇල්කඩුව වතුයායේ රත්වත්තේ වත්ත තුළ එහි සහකාර කළමනාකරුවෙකු හට ආවේගශීලි ලෙස තමා කතාකරන වීඩියෝ දසුන් සම්බන්ධයෙන් ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොන්ඩමන් මහතා පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

එම සහකාර කළමනාකරුවා විසින් දුප්පත් පවුලක නිවාසයක් බලහත්කාරයෙන් කඩාබිඳ දමමින් ඔවුන්ට හිරිහැර කළ සිද්ධියක් මීට මූලික වී ඇත. තොන්ඩමන් මහතා ඊයේ (20) ගොස් ඇති අතර,  ඔහු හා අදාළ නිලධාරීන් අතර කළහකාරී තත්වයක් නිර්මාණය වූ අයුරු වීඩියෝ දසුන් වලින් දැක්වේ.

මෙම හැසිරීමට එරෙහිව පියවර ගන්නා ලෙස වතුයායේ සභාපතිවරයාගෙන් සහ සාමාන්‍යාධිකාරීවරයාගෙන් ලෙස ඉල්ලා සිටි බවත්, එම අවස්ථාවේ වහාම පියවර ගෙන, සහකාර කළමනාකරු සේවයෙන් ඉවත් කර ඇති බවත්, ඇමැතිවරයා සඳහන් කරයි.

තවද, සභාපතිවරයා, සාමාන්‍යාධිකාරීවරයා සහ අදාළ සිද්ධියට වගකිවයුතු සහකාර කළමණාකාරවරයා ද විපතට පත් පවුලෙන් පෞද්ගලිකව සමාව අයැද ඇතැයිද ඇමතිවරයා පවසයි.

මෙම පවුලට වත්ත තුළ ස්ථිර නිවසක් ඉදිකරදීමටද මෙම වතු පාලනාධිකාරිය එකඟ වී ඇති බවද ඇමතිවරයාගේ පැහදිලි කිරීමේ දැක්වේ.

සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර මනෝ ගනේෂන් මන්ත්‍රීවරයාද වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාව දැනුවත් කරමින් ඉල්ලා ඇත්තේ අදාල සහකාර කළමනාකරු සේවයෙන් ඉවත් කරන ලෙසයි.

පුවත්

නීතිවිරෝධීව ගෙන්වන ලද මෝටර් රථයක් රේගු භාරයට

Published

on

By

තීරු බදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද මෝටර් රථයක් රේගු ආදායම් අධීක්ෂණ ඒකකය විසින් සිය භාරයට ගෙන තිබේ.

එම ඒකකය පැවසුවේ රුපියල් මිලියන 24ක පමණ වටිනාකමින් යුත් ටොයෝටා ප්‍රියස් වර්ගයේ නවීන මෝටර් රථයක් මෙලෙස ගෙන්වා ඇති බවය.

ජපානයේ සිට ගෙන්වන ලද බහාලුමක් තුළ තිබියදි මෙම මෝටර් රථය සොයාගෙන තිබේ.

එමෙන්ම පසුගිය මාස දෙක තුළ නීති විරෝධීව ගෙන්වන ලද වාහන අමතර කොටස් 200ක්ද රේගුව අද (06) මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කරන ලදී.

Continue Reading

පුවත්

විදුලි ගාස්තු සංශෝධනය ගැන විශේෂ දැනුම්දීමක්

Published

on

By

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යොමුකර තිබේ.

ඒ අනුව විදුලිබල මණ්ඩලය එම යෝජනා ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ පවතින විදුලි ගාස්තු සංශෝධනයකින් තොරව ඉදිරි මාස 6 පවත්වාගෙන යා යුතු බවය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ලොහාන් යළිත් අත්අඩංගුවට

Published

on

By

ඇප මත මුදා හැර සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා යළි අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ බීමතින් රිය පැදවීම හේතුවෙන් සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙනි.

කොල්ලුපිටිය ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඔහු ඊයේ (05) දින ඇප මත මුදා හැරීමටද අධිකරණය නියෝග කර තිබුණි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved