Connect with us

පුවත්

ජෙට් ස්කී පදින්නෙක් පාරු කඹයක පැටලී මරුට

Published

on

පානදුර දිග්ගල ප්‍රදේශයේ බොල්ගොඩ ගගේ විනෝදයට ජෙට් ස්කි පදිමින් සිටි පුද්ගලයකු ගග හරහා දිවෙන පාලම් පාරුව ගැටගසා තිබූ කඹයේ පැටලී අද (25) දියේ ගිලී මියගොස් ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .

මෙසේ මියගොස් ඇත්තේ පානදුර දිග්ගල පදිංචිව සිටී 42 හැවිරිදි අවිවාහකයෙකි.

මියගොස් ඇති පුද්ගලයා පුරුද්දක් ලෙස ජෙට්ස්කි පදින අයෙකු බව පැවසේ.

ධීවර යාත්‍රා සහ ජෙට් ස්කි මගින් අතුරුදන් පුද්ගලයා සොයා මෙහෙයුම් කල අතර, පැය දෙකකට පමණ පසුව ඔවුන් විසින් සිරුර දිග්ගල තොටුපොලට රැගෙන විත් ත්‍රීරෝද රථයකින් පානදුර මූලික රෝහලට රැගෙන ගිය නමුත් ඔහු ඒ වනවිටත් මියගොස් සිටී බව වාර්තා වේ.

පුවත්

විජයදාසට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කරයි

Published

on

By

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ජුනි මස 27 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය විසින් නියෝග කරන ලදී.

මෙම නඩුව අද (27) කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ කැඳවීම සිදුවිය.

දිසා විනිසුරු සඳුන් විතාන මහතා නියෝග කළේ, තමා මේ හා සමාන තවත් නඩුකරයක් විභාග කරන බැවින් මෙම නඩුව කොළඹ දිසා අධිකරණයේ අංක 07 අධිකරණ ශාලාවේ විනිසුරුවරයා වෙත යොමු කරන බවය.

ඉන් අනතුරුව කොළඹ දිසා අධිකරණයේ අංක 07 ශාලාවේ අතිරේක දිසා විනිසුරුවරයා ඉදිරියේ මෙම නඩුව කැඳවන ලදී.

එහිදී මෙම නඩුවට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබාදෙන ලෙස වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

ඒ අනුව, අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදුන් විනිසුරුවරයා නඩුව නැවත ජුනි මස 27 වනදා කැඳවන ලෙස නියෝග කලේය.

අමාත්‍යවරුන් වූ ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර සහ දුමින්ද දිසානායක විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.

Continue Reading

පුවත්

තාඹුගලට ඇප

Published

on

By

රක්ෂිත බන්ධනාගාරගතව සිටි අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගල ඇප මත මුදාහැර තිබේ.

හෙලිකොප්ටරයක් ලබා ගැනීම සඳහා මුදල් ලබාගෙන රුපියල් මිලියන 70 වංචා කළේය යන්න මත ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ මහත්මිය අද(27) නියෝග කර ඇත්තේ සැකකරු ඇප මත මුදාහරින ලෙසයි.

සබැඳි පුවත්:

https://sinhala.srilankamirror.com/news/%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%8F-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F-%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A/

Continue Reading

පුවත්

රටින් පලා යාමට තැත්කල ජාතික ඔලිම්පික් කමිටු නිලධාරියා අත්අඩංගුවට

Published

on

By

ජාතික ඔලිම්පික් කමිටු නිලධාරියෙකු රටින් පලා යාමට උත්සාහ කිරීමේදී ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ මාධ්‍ය කළමණාකාර ගෝබිනාත් සිවරාජා නම් අයෙකි.

ඔහුට පවතින විදෙස් ගමන් තහනම නොතකා රටින් පලා යාමට උත්සාහ කරමින් සිටියදී අද (27) අලුයම ගුවන් තොටුපළ ආගමන හා විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා අද (27) මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

දැනට විමර්ශනය කරමින් පවතින වංචා නඩුවක ප්‍රධාන සැකකරු වන ගෝබිනාත් සිවරාජාට විදෙස් ගමන් තහනමක් පනවා තිබුණි.

වංචා සහ දූෂණ සම්බන්ධ නඩු සම්බන්ධයෙන් අදාළ නඩු විභාගය සිදුවෙමින් පවතින අතරතුර පනවා තිබූ විදෙස් ගමන් තහනම නොතකා තම සගයෙක් සමග යුරෝපයට යෑමට උත්සාහ කල අවස්ථාවේ ගුවන්තොටුපලේදී ඔහුව අත් අඩංගුවට පත්ව ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved