Connect with us

පුවත්

ජේ.එෆ්. චිකන් සෝසේජස් වල පොලිතින් කැබැල්ලක්; අයෙ අහුවුණොත් අධ්‍යක්ෂක මණ්ඩලයම හිරේ

Published

on

පොලිතින් කැබලි සහිත සෝසේජස් කරලක් නිෂ්පාදනය කර බෙදා හැරීම කළ බවට වරද පිළිගත් නාත්තන්ඩිය පාර මාරවිල ජය ෆාම් (JF Chicken – Jaya Farm)හි අධ්‍යක්ෂවරයකු වන ඇන්. ඒ. කේ. චාමර නිශ්ශංක නැමැත්තෙකුට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විසින් රුපියල් විසි දහසක දඩ නියම කළේය.

එසේම, කුඩා දරුවන් හට විවිධ ලෙඩ රෝග සැදීමට මඟ පාදන මෙවැනි නිෂ්පාදන සිදු කර නැවත අධිකරණය ඉදිරියට පැමිණිය හොත් මුළු අධ්‍යක්ෂක මණ්ඩලයම කැඳවා සිර දඩුවම් නියම කරන බවට ද ඔහුට තරයේ අවවාද කළේය. 

එම සොසේජස් කරල සහිත බනිස් ගෙඩියක් විකිණීම කළ බවට වරද පිළිගත් දංඕවිට නාඔලිවුස් හෝටලයෙහි කේ. පී. බී. අබේවීර නැමැත්තෙකුට රුපියල් දස දහසක දඩ නියම කැරිණි.

විත්තිකාර හෝටලයෙන් දරුවකුට කෑමට දීම සඳහා මිල දී ගත් සොසේජස් කරලක් සහිත බනිස් ගෙඩියක සොසේජස් කරල ඇතුළත පොලිතින් කැබලි තිබූ හෙයින් දංඕවිට මහජන සෞඛ්‍ය පරීක්ෂක ඇස්. ඇම්. ඇස්. සිරිවර්ධන මහතා ප්‍රමුඛ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් විසින් විත්තිකාර ව්‍යාපාරිකයන් දෙදෙනාට එරෙහිව නඩු පවරා තිබුණි.

එම නඩුව ඉකුත් 02 වැනි දා පස්වරුවේ නැවත කැඳවූ අවස්ථාවේ විත්තිකාර ව්‍යාපාරිකයන් දෙදෙනා චෝදනාවලට වරද පිළිගත් අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් අහිංසක ජනතාවගේ දරුවන් ආසාවට ආහාරයට ගැනීම සඳහා සොසේජස් බනිස් මව් පියන්ගෙන් ඉල්ලා සිටින බව කියා සිටියේය.

එසේ දරුවන්ගේ ඉල්ලීමට අනුව මව් පියන් සොසේජස් බනිස් මිල දී ගෙන දරුවන්ට ආහාරයට දීම නිතර සිදුවන බවත් මේ අයුරින් අප ද්‍රව්‍යය සහිත බනිස් ඇතුළු ආහාර කෑමට ගන්නා කුඩා දරු දැරියන් පිළිකා වැනි විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වන බවත් මින් ඉදිරියට මෙවැනි චෝදනා යටතේ අධිකරණය ඉදිරියට පැමිණියහොත් නිෂ්පාදන සමාගමේ මුළු අධ්‍යක්ෂක මණ්ඩලයම අධිකරණය ඉදිරියට කැඳවා සිර දඩුවම් නියම කරන බවට විත්තිකාර සමාගම වෙනුවෙන් පෙනී සිටි විත්තිකාර ව්‍යාපාරිකයාට මහේස්ත්‍රාත්වරයා තරයේ අවවාද කළේය.

විත්තිය වෙනුවෙන් නීතීඥ රුක්මන් සිල්වා මහතා කරුණු දක්වමින් අත් වැරදීමකින් මේ සිද්ධිය සිදු වී ඇති බවත් මින් ඉදිරියට මෙවැනි දෙයක් සිදු නොවීමට නිෂ්පාදන සමාගම වග බලා ගන්නා බවට පොරොන්දු වන බවත් කියා සිටියේය.

දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම්වලින් අනතුරුව එසේ විත්තිකාර ව්‍යාපාරිකයින් දෙදෙනාට දඩ නියම කෙරිණි.

විත්තිය වෙනුවෙන් නීතීඥ රුක්මන් සිල්වා මහතා පෙනී සිටියේය.

දංඕවිට මහජන සෞඛ්‍ය පරීක්ෂක ඇස්. ඇම්. ඇස්. සිරිවර්ධන මහතා පැමිණිල්ල මෙහෙය විය.

පුවත්

Company 65ක් හැමදාම වරායෙන් බඩු පන්නවා.ආණ්ඩුවත් හොරුන්ව රකිනවා (වීඩියෝ)

Published

on

By

රේගුව හරහා පරීක්ෂා නොකර බහාලුම් පිට කිරීමට අදාළව නිකුත් වූ ජනාධිපති විමර්ශන කමිටු වාර්තාව සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගැනීම සහ මෙම වංචාවට සම්බන්ධ සමාගම් හිමියන්ගේ නම් හෙළිදරව් නොකර සිටීමට රජය ගන්නා උත්සාහය සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් විශේෂ අනාවරණයක් සිදුකරන ලදී.

ඊයේ (06) දින එම පක්ෂය විසින් සංවිධානය කර තිබූ විශේෂ මාධ්‍ය හමුවේදී අදාළ තොරතුරු පිළිබඳ අනාවරණය විය.

එහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා, 

2025 07 06 දින පැවති මාධ්‍යය හමුවේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා දැක්වූ අදහස් #flsplanka #PeoplesPower #viralvideoシ

Posted by Front Line Socialist Party on Sunday, July 6, 2025

Continue Reading

පුවත්

එස්.එම්. චන්ද්‍රසේ­නට පිටින් කෑම ගේන්න අවසර නැහැ

Published

on

By

රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටින හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍ර­සේන මහ­තාට පිට­තින් ආහාර දීමට කළ ඉල්ලීම බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව විසින් ප්‍රති­ක්ෂේප කර තිබේ.

රක්ෂිත බන්ධ­නා­ගාරගත කළ රැඳ­වූ­ව­කුට පිට­තින් ආහාර ගෙන ඒමට ඉල්ලී­මක් කළ යුත්තේ එම රැඳ­වූ­වාගේ පවුලේ සාමා­ජි­ක­යකු වුවද මෙම ඉල්ලීම කර තිබුණේ එස්.එම්. චන්ද්‍ර­සේන මහ­තාගේ හිටපු ලේක­ම්ව­ර­යකු විසිනි.

ඔහු පවුලේ සමී­ප­ත­ම­යකු නොවන නිසා එම ඉල්ලීම බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්­තුව විසින් ප්‍රති­ක්ෂේප කර තිබේ.

මේ අතර  බන්ධ­නා­ගාර වෛද්‍ය­වරු සිදු කළ පරි­ක්ෂා­වේදී ඔහු යහ­පත් සෞඛ්‍ය තත්ත්ව­යෙන් පසුවූ බවට ද අනා­ව­ර­ණය වී තිබේ.

මේ හේතුවෙන් ඊයේ (06) දිනයේ ද හිටපු අමාත්‍යවරයා  බන්ධ­නා­ගා­ර­යෙන් ලබා­දෙන ආහාර කෑමට ගෙන ඇතැයි බන්ධ­නා­ගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

Continue Reading

පුවත්

වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය අත්අඩංගුවට

Published

on

By

ජයවර්ධනපුර රෝහලේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින, වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පසුගියදා අල්ලස් කොමිසමේ නිලධාරිනියකට තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වේ.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved