Connect with us

පුවත්

ජොන්ස්ටන්ගේ BMW සෙල්ලම ගැන තවත් තොරතුරු එළියට

Published

on


ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (10) නිකුත් කර තිබුණි.

කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක වාහන අංගනයේ සැක කටයුතු ලෙස නවතා තිබූ BMW වර්ගයේ මෝටර් රථයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් සිදු කළ විමර්ෂනයක් පිළිබඳ ඊයේ සමූහ මංකොල්ල විමර්ශන අංශය ඊයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්ත කර තිබුණි.

එහිදී විමර්ශන නිලධාරීන් කියා සිටියේ, “WP C 24–0430” දරණ ගරාජ් අංකය සහිත BMW වර්ගයේ කළු පැහැති මෝටර් රථයක් කොළඹ පෞද්ගලික හෝටලයක වාහන අංගනයේ සැකකටයුතු ලෙස නවතා ඇති බවට ලද තොරතරකට අනුව එම ස්ථානය පරික්ෂා කළ බවය.

අදාළ BMW රථය පිළිබඳව හෝටලයේ ආරක්ෂක කළමනාකරුගෙන් සිදු කළ විමසීමකදී ඔහු කියා ඇත්තේ, හෝටලයේ දීර්ඝ කලයක සිට නවාතැන් ගෙන සිටි ගාමිණී අබේරත්න නැමැති පුද්ගලයා පසුගිය ජනාධිපතිවරණයට පෙර දින අදාළ මෝටර් රථය එම ස්ථානයට ගෙනවිත් නැවතූ බවය.

ගාමිණී අබේරත්න නැමැති පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ, එම මෝටර් රථය හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් බවත්, පසුව රැගෙන යන බව පවසමින් ජනාධිපතිවරණයට පෙර මෝටර් රථය රියදුරෙකු අතේ හෝටලයට එවූ බවය.

පසුව, එම හෝටලයේ ආපනශාලා කළමණාකරු ලෙස සේවය කළ ප්‍රසිලා සමන්ති නැමැත්තිය හරහා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට දැනුම් දී කාර් රථයේ යතුර ගෙන්වා ගැනීමට විමර්ශන නිලධාරීන් කටයුතු කර තිබේ.

විමර්ශන නිලධරීන් අධිකරණයට කියා සිටියේ, මෝටර් රථය පරීක්ෂා කිරීමේදී ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් ලියකියවිලි කිහිපයක් BMW රථයේ තිබී හමුවූ බවත්, මෝටර් රථය ලියාපදිංචියට අදාළ කිසිඳු ලේඛනයක් එහි තිබී හමුවී නොමැති බවය.

අනතුරුව විමර්ශන නිලධාරීන් විසින් BMW රථයේ ගරාජ් අංකය වූ WP C 24 – 0430 දරණ අංකයේ ලියාපදිංචිය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් පරික්ෂාවට ලක්කිරීමේදී එහි හිමිකාරිත්වය ලෙස සටහන්ව ඇත්තේ, නාවල ප්‍රදේශයේ පුද්ගලික සමාගමකි.

පසුව එම සමාගමේ හිමිකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමකදී ඔහු පවසා ඇත්තේ, එම මෝටර් රථ අංකය 2024 මාර්තු මාසයේදී මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් තමන් මුදල් ගෙවා ලබාගත්ත ද, තමන්ට අයත් පෞද්ගලික ගුවන් විදුලි ආයතනයක තිබියදී කිසියම් තැනැත්තෙකු එම අංක තහඩුව සොරාගෙන තිබූ බවය.

පසුව එහි චැසි අංකය WBA5E52010G115194 ශ්‍රී ලංකා රේගුව හරහා පරික්ෂා කිරීමේදී ඵම චැසි අංකයට අදාළ වාහනයක් නිත්‍යානුකූලව මෙරටට ආනයනය කර නොමැති බව අනාවරණය වී ඇත.

ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ ඉල්ලීම මත රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පැමිණ ප්‍රශ්නගත කාර්රථය පරික්ෂාවට ලක්කළ අතර එහිදී අනාවරණය වී ඇත්තේ මෙම කාර් රථය කොටස් එකලස් කර සකස් කරන ලද්දක් බවය.

ඒ අනුව, විමර්ශන නිලධාරීන් අධිකරණයට පැවසුවේ, බදු වංචා කරමින් නීති විරෝධීව මෝටර් රථයක් ගෙන්වීම, ලියාපදිංචි නොකළ මෝටර් රථයක් භාවිත කිරීම, සොරාගන්නා ලද ගරාජ් අංක තහඩුවක් මෝටර් රථයට සවිකිරීම සහ වෙනත් මෝටර් රථයක අංක තහඩුවක් අත්අඩංගුවට ගන්නා ලද මෝටර් රථයේ සවිකර නීති විරෝධිව භාවිත කිරීම යන වරදවල් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් සිදුකර ඇති බවය.

සබැඳි පුවත්

පුවත්

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය ගැන ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Published

on

By

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වගකීම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, විද්වතුන් හා මාධ්‍ය සංවිධාන වෙත පැවරෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඊට පහසුකම් සැලසීම පමණක් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකාව BRICS වලට උනන්දුවක් තියෙනවද? මට නම් දැනෙන්නෙ නැහැ – රුසියානු තානාපති

Published

on

By

BRICS සම්මුතිය සමග එක්වීමට උනන්දුවක් දක්වන්නේ නම් රටක් ලෙස ශ්‍රී ලංකාව ඊට ප්‍රායෝගිකව පියවර ගත යුතු බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා පවසයි.

කොළඹදී ඊයේ පැවති විශේෂ සමුළුවක ප්‍රශ්නෝත්තර වටයේදී ඔහු මේ බව කියා සිටියේය.

“ජාත්‍යන්තර නීතීය තුළ බලය යෙදවීම රුසියානු කෝණයෙන්” යන විශේෂ සම්මන්ත්‍රණයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේදී ඊයේ පැවැත්වුණි.

එහිදී  මාධ්‍යවේදීයෙකු විසින් ශ්‍රී ලංකාව BRICS සමග සම්බන්ධ වෙන්නේ කවදාදැයි විමසා සිටියේය.

ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති ලෙවාන් ජගර්යාන් මහතා – “මේ ප්‍රශ්නය මගෙන් කිහිප සැරයක්ම අහලා තියෙනවා.මම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 01 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවෙන්න ගියා රුසියානු ජනාධිපතිතුමාගේ ආරාධනා පත්‍රයකුත් අරගෙන BRICS සමුළුවට සහභාගී වෙන්න කියලා. මම භාෂා පරිවර්තක සමඟ තමයි කතා කළේ. මම දන්නේ නෑ එයා හරියට පරිවර්තනය කළාද කියලා.ජනාධිපතිවරයා මට කිව්වා මහ මැතිවරණය පැවැත්වෙන නිසා ඔහුට රුසියාවට එන්න වෙන්නේ නැහැ කියලා. BRICS සමඟ සම්බන්ධ වෙනවා නම් රුසියාවෙන් විතරක් නෙවෙයි සාමාජික රටවල් සියලුදෙනාගේ සම්මුතියක් තියෙන්න ඕනේ සහ ඒකට පියවර ගණනාවක් තියෙනවා.”

“රුසියාව,චීනය ශ්‍රී ලංකාවට සහයෝගය දෙනවා නමුත් ඒක කරන්න ඉතින් ඔබගේ පැත්තෙනුත් උනන්දුවක් තියෙන්නේ ඕනේ.එහෙම උනන්දුවක් තියෙනවාද? මට නම් දැනෙන්නේ නැහැ.කරුණාකරලා ප්‍රායෝගික පියවර ටිකක් ගන්න. තව දෙයක් ෂැංහයි සහයෝගිතා සංවිධානය ගැනත් ටිකක් අවධානය දෙන්න කියලා ඔබේ රටට කියනවා.”

මාධ්‍යවේදියා – වසර 3ක පමණ සිට යුක්‍රේනයේ කලාප කිහිපයක රුසියාව සිය අණසක පැතිරවූවා. ඒ කලාපවල අනාගතය කුමක්ද?

“ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති – රුසියානු ව්‍යවස්ථාවට අනුව ඩොනෙස්ක්,ලොහාන්ස්ක්,කර්ෂෝන් සහ සපොරෂියා කලාපය අයිති වෙන්නේ රුසියාවට. යුක්‍රේන හමුදාව සමහර තැන්වල ඉන්නවා ඒ අය ඉවත්විය යුතුයි. ඒ කලාප පිළිබඳ අපි සාකච්ඡා කරන්නේ නැහැ, විශේෂයෙන් ඒවා යළි ලබාදීම පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ.”

මූලාශ්‍රය  – අද දෙරණ

Continue Reading

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved