Connect with us

පුවත්

ජොනී වැලිකඩ සිට කුරුණෑගල ජනතාව අමතයි, සූත්තර පුංචෙක් ගැනත් කියයි

Published

on

නීති විරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ කාර් රථයක් භාවිත කරන ලදැයි කියන සිද්ධික් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර ඇතැයි වාර්තා වේ.

ඒ, කුරුණෑගල ප්‍රදේශයේ සිය පාක්ෂිකයන් ආමන්ත්‍රණය කරමිනි.

උපුටාගැනීම…

ආදරණීය හිතවත,

2024 මැතිවරණය වෙනුවෙන් ඔබ වෙත ආමන්ත්‍රණය කරණ ලිපිය මෙවැනි එකක් වේ යැයි ඔබ කිසිසේත් අපේක්ෂා නොකල බව මම හොඳින් දනිමි.

එහෙත් 2015 දී මෙන්ම අදත් දේශපාලනිකව පරාජය කළ නොහැකි චරිත චෝදනා අවලාද මතින් අක්‍රීය කර ඉන් නොනැවති රාජ්‍ය බලය යොදා හිරේ විලංගුවේ දමා හෝ මර්දනය කිරීමෙන් තම දේශපාලනික උවමනාවන් ඉටු කර ගැනීමට උත්සහ කරන අවස්ථාවාදීන්ගේ කූඨප්‍රාප්තිය රග දැක්වීම ආරම්භ කර ඇත.

එදාට වඩා අද ඇති එකම වෙනස නම් තිරය යට සිට නූල් ඇඳි සූත්තර පුංචා අද ජනාධිපති පුටුවේ සිට එය මෙහෙය වීම පමණි.

මම විශ්වාස කරන දේශපාලනය වෙනුවෙන් මෙවැනි අභියෝග මට නම් නිය තුඩක තැවරී දුහුවිල්ලක් තරම් නොවේ.

මා ජිවිතයේ මුහුන දුන් අභියෝග හා සැසදීමේදී මේවා කිසිසේත් තැකිය යුත්තක් නොවන්නේය.

මේ රටේ මිනිසුන් වෙනුවෙන්, කුරැණැගල ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් මා විශ්වාස කරන දර්ශනය වෙනුවෙන් පෙනී සිටීම වරදක් කොට, මාගේ දෙමව්පියන් ගොඩනංවන ලද මා උපන් නිවස පවා දවා අලුකර බිමට සමතලා කර නැවැත්විය නොහැකි මා, හිර ගෙදර පෙන්වා නැවැත්විය හැකියැයි සිතීම විහිළුවකි.

ආදරය විශ්වාසය හා ලෙන්ගතුකමින් පිරී ගිය ලක්ෂ සංඛ්‍යාත පිරිසකට තමාගේම නිවස හා කාර්යාලය වූ මා උපන් රත්කරව්ව නිවසත් විල්ගොඩ කාර්යාලයත් වෛරයේත් කුහකකමේත් ගිලුණු අතලොස්සක් එක්ව ගිනි තබා අලු කලද ඔබ වන් මිනිසුන් ගේ ආදරණීය විශ්වාසය ඇති තාක් මා වැන්නන් බිම දැමිය නොහැකි බව අප විසින්ම ඔප්පු කල යුතුය කාලය පැමිණ ඇත.

කුරැණෑගල මිනිසුන්ගේ ආදරය හා විශ්වාසය මතින් ශක්තිමත් වු මාගේ දේශපාළනයට තිත තැබීමට තබා සෙලවීමටවත් නොහැකි බව පෙන්විය යුතු අවස්ථාව උදාවී ඇත.

වසර තිස් ගණනක වූ මාගේ දේශපාලන ගමන් මග කවදත් ශක්තිමත් කලේ ඔබ වැන්නන්ගේ කැපවීමයී

සෑම මැතිවරණයකදීම දිස්ත්‍රික්කයේ මා ලැබූ ඉහලම මනාප සංඛ්‍යාවෙන් කියවෙන්නේ ඔබ වැන්නන්ගේ ශක්තියයි.

කහපත්වල, දඹදෙනිය වැනි ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්තාන වල සිට ක්‍රිඩාපිටි ., ගෘහස්ථ ක්‍රිඩාගාර හරහා කාපට් පාරවල් මෙන්ම අධිවේගී මර්ග දක්වා විහිදෙන්නේ ඔබගේ ආදරයේ මහගු ඵලයයි.

නිකවැරටිය ඈත වන්නියේ නිවසක් දැල්වූ කුප්පි ලාම්පුව නිවා දැල්වූ විදුලි බුබුලේ සිට කුරුණෑගල වැව රවුම බඩගමුව , බතලගොඩ රක්ෂිතයේ ඇවිදින මංතීරු දක්වා විහිදුනේ ඒ ලෙන්ගතුකමයි.

ඒ කැපවීම ශක්තිය ආදරය ලෙන්ගතුකම වෙන කිසිදාටත් වඩා ඔබගෙන් මා වෙත ඇවැසි මොහොත පැමින ඇත.

විරැද්ධවාදීන් නගන අශික්ෂිත අවලාද බොරු චෝදනා සඳහා සත්‍යයේ ශක්තිය මත පිහිටා නිශේධනය කිරිමට මා කටයුතු කරණ බව මගේ ජනතාවට දැනුම් දෙන්න.

අප විශ්වාස කරණ දේශපාලනය වෙනුවෙන් ඕනෑමැ පරිත්‍යාගයක් ඉටු කිරීමට සූදානම් බව අපගේ පාක්ෂිකයන්ට දැනුම් දෙන්න.

මහින්ද රාජපක්ෂ නැමැති මේ රට බේරාගත් නායකයා වෙනුවෙන් ඇති ගෞරවය හා ආදරය එලෙසම බව පවසන්න.

කිනම් බාදක මැද හෝ නාමල් රාජපක්ෂ ප්‍රමුඛ පොදුජන පෙරමුනත් අපේ පාක්ෂිකයනුත් සුරකින බව පවසන්න.

මාගේ අවසන් හුස්ම දක්වාම මා විසින් ඔප්පු කොට සහතික කල ඔබගේ විශ්වාසයත් බලාපොරොත්තුවත් නොබිදින බවත් පවසන්න.

මා තවමත් ඔබ දන්නා ජොනීම බව පවසන්න

එය සපත කිරීම සඳහා ඔබගේ සහය හැකි ඉහලම අයුරින් ලබා දෙන්න.

එක්ව ජයගමු.

එක්සත්ව නැගිටිමු.

බොරැව යටපත් කර සත්‍ය තහවුරු කරමු.

ජයවේවා!

ජොන්ස්ටන් ප්‍රනාන්දු

මැගසීන් බන්ධනාගාරයේ සිට

උපුටාගැනීම අවසන්..

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved