Connect with us

පුවත්

ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිසක් නඩුවකින් නිදහස්

Published

on

2021 වසරේදී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ඉවත් කරගන්නා ලෙස රජයට බල කරමින් පැවති උද්ඝෝෂණයක් සිදු කළ පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සිදුවීමට අදාළව වසර තුනක් තිස්සේ පැවති නඩුවෙන් එහි සියලු විත්තිකරුවන් නිදහස් කර තිබේ.

2021 වසරේ ජූලි 08 වන දින පාර්ලිමේන්තුව අසල පැවති  කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට  එරෙහිව පැවති විරෝධතාවයකට සහභාගීවූ මෙම පිරිස නිරෝධායන නීති කඩකල බවට වූ චෝදනාවට අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරුණත් පොලීසිය ඔවුන් බලහත්කාරයෙන් බස් රථයකට නංවාගෙන නිරෝධායනයට යැයි පවසා මුලතිව් හී ගුවන් හමුදා කදවුරකට යොමු කලේය.

එහිදී, එම පිරිස පීසීආර් පරීක්ෂණවලට යොමු කෙරුණු අතර ඉන් තහවුරු වී තිබුණේ ඔවුන් කිසිවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවය.

කෙසේවෙතත්, එහිදී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා, ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥාණානන්ද හිමියන්, ජාතික භික්ෂු පෙරමුණේ මාධ්‍ය ලේකම් පූජ්‍ය කොස්වත්තේ මහානාම හිමියන් ඇතුළු පිරිසක් දින 8 ක කාලයක් මුලතිව් ගුවන් හමුදා කදවුරක බලහත්කාරයෙන් රඳවා තැබුණි.

අද දිනයේ එම නඩුවට අදාළ විත්තිකරුවන් 34 දෙනෙක් අද අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජෝස්ප් ස්ටාලින් මහතා සඳහන් කළේ උද්ඝෝෂණයක නිරත වූ පිරිසක් මෙලෙස බලහත්කාරයෙන් නිරෝධානයට යොමු කර රඳවා තබා ගැනීම සම්බන්දයෙන් වර්තමාන පොලිස්පතිවරයාගේ මැදිහත්වීමෙන් පරීක්ෂණයක් කළ යුතු බවය.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved