Connect with us

පුවත්

ඥානසාර හිමි අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්

Published

on

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (09) නියෝග කර තිබේ.

2016 වසරේදී ජාතික බල සේනා සංවිධානය කොළඹ කොම්පඤ්ඤවීදය නිපොන් හෝටලයේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී කුරානයට, ඉස්ලාම් ධර්මයට අපහාස වන අයුරින් වැරදි අසත්‍ය ප්‍රකාශ මාධ්‍යට පළ කිරීම සම්බන්ධයෙන් ගොණු කර ඇති නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ විවෘත අධිකරණයේ උන්වහන්සේ පෙනී නොසිටිම හේතුවෙනි.

කොම්පඤ්ඤවීදිය පොලීසිය පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටි බවට වාර්තාවේ.

නඩු විභාගය ලබන 2025 වසරේ මාර්තු මස 5වනදා දක්වා කල් තබා තිබේ.

පුවත්

වන්දනාවේ ගිය බස් රථයක් මාර්ගයෙන් ඉවතට – 37කට තුවාල

Published

on

By

ඊයේ (12) රාත්‍රී කාලයේදී අලදෙණිය පොලිස් වසමේ යටිහලගල කුළුගම්මන මාර්ගයේ සිදුවූ අනතුරකින් 37 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඒ යටිහලගල දෙස සිට කුළුගම්මන දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බෑවුමකට ගොස් සිදුවූ අනතුරකිනි.

තුවාල ලබූ පුද්ගලයින් පේරාදෙණිය හා තිත්තපජ්ජල රෝහල්වලට ඇතුලත් කර තිබේ.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ වන්දනා ගමනක් සඳහා පැමිණි පිරිසකි.

තුවාල ලැබූ පුද්ගලයන්ගේ තත්ත්වය බරපතල නොවන අතර අනතුර සම්බන්ධයෙන් අලදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ඡායා – Accident 1st

Continue Reading

පුවත්

ගැරඬිඇල්ලේ බස් අනතුර ගැන සොයන්න විශේෂ කමිටුවක්

Published

on

By

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළි සිදුවූ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කමිටුවක් පත්කර තිබේ.

එම කමිටුව සඳහා තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු ඇතුළත් බව පොලීසිය පවසයි.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි මෙම කමිටුව පත්කර ඇත.

මෙම බස් රථ අනතුරට හේතු පාදක වූ කරුණු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මෙම කමිටුව පත් කර ඇතැයි පොලීසිය නිවේදනය කරයි.

එමෙනම් අදාළ කමිටුව මගින් අනතුරට හේතු වූ කරුණු සම්බන්ධයෙන් මූලික පැතිකඩයන් කිහිපයක් ආවරණය වන පරිදි විමර්ශන සිදු කිරීමට නියමිත අතර ඉදිරියේදී මෙවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන ලෙසද වැඩබලන පොලිස්පතිවරයා විසින් දන්වා ඇත.

මේ අතර කොත්මලේ, ගැරඩිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරින් තුවාල ලබා පේරාදෙණිය ළමා රෝහලේ ප්‍රතිකාර ලබන ළමුන්ගේ සුවදුක් සොයාබැලීම සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පොල්රාජ් මහත්මිය ඇතුළු පිරිසක් රෝහල වෙත ගොස් තිබේ.

අදාළ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර විමසා බැලීමෙන් අනතුරුව ඔවුන්ගේ ඉදිරි කටයුතු පිළිබඳව රජයෙන් ලබාදිය යුතු සහයෝගය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි.

අනතුරින් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන එකම පවුලේ දරුවන් තිදෙනා සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුව තිබේ.

මේ අතර පුද්ගලයින් 22කුගේ ජීවිත අහිමි කරමින් පසුගියදා සිදුවූ අදාළ අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය ශෝක පණිවිඩයක් නිකුත් කර තිබේ.

සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් චීන තානාපති කාර්යාලය පවසන්නේ අදාළ අනතුරින් ජීවිතය අහිමි වූ පුද්ගලයින්ගේ පවුල්වලට සිය රජයේ සහ ජනතාවගේ බලවත් ශෝකය පළකරන බවය.

අනතුර සම්බන්ධයෙන් තමන් කම්පනයට පත්වූ බවත් තුවාල ලැබූ පුද්ගලයින්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් එහි සඳහන්ය.

Continue Reading

ක්‍රීඩා

IPL යළි ඇරඹෙන දිනය?

Published

on

By

අතරමැද නවතා දැමුණු ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලිය නැවතත් මැයි මස 17 වන දින සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩාංගණ 6 කදී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වෙයි.

පළමු තරගය ලෙස මැයි මස 17 වන දින රොයල් චැලෙන්ජර්ස් බැංගලොර් කණ්ඩායම සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අතර තරගය පැවැත්වෙයි.

ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ජුනි මස 3 වන දින පැවැත්වීමට නියමිතයි.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved