Connect with us

පුවත්

වැට් එක ගහලා අගමැතිගේ ගෙදර පාටි දාලා; ෆ්ලැට් ‌වෙන්න බොන්න නම් තිබිල නෑ

Published

on

වැට් බදු පනත සම්මත කිරීමෙන් පසු ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන්ට අගමැතිවරයා අරලියගහ මන්දිරයේ රාත්‍රියේ ප්‍රිය සම්භාෂණයක් පවත්වා ඇතැයි සතිඅන්ත පුවත්පතක් වාර්තා කර තිබේ.

අගමැතිවරයා  සූදානම් කළ එම සාදයට ජනාධිපතිවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු මන්ත්‍රිවරු රැසක් එක්ව සිටි බව පැවසේ.

මෙම සාදයට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරු හතරදෙනකුද සහාගිවී සිටි බව වාර්තා වේ. 

ඇතැම් මන්ත්‍රිවරු පැමිණ සිටියේ සිය බිරින්දෑවරු සමග බවත්, ‌කෙසේවුවද, අගමැතිවරයා මධුවිත සූදානම් කර නොතිබීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරු අසරණ වූ බවද වාර්තා වේ.

මූලාශ්‍රය – අරුණ

පුවත්

යුරෝපයට පනින්න ලංකාවේ සිටි බංගලියෝ

Published

on

By

යුරෝපයට පලායාම සඳහා මෙරටට පැමිණ නීතීවිරෝධී ලෙස රැඳී සිටි බංග්ලාදේශ ජාතිකයින් 10 දෙනෙකු කටුනායක, අඩිඅම්බලම ප්‍රදේශයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ආඩිඅම්බලම ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක රැඳී සිටිය දී එම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඔවුන් බංග්ලාදේශයේ සිට ඉන්දියාව වෙත ගොස් එතැන් සිට පසුගිය පෙබරවාරි මාසයේ දී සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් බංග්ලාදේශ ජාතිකයින්ට මෙරට රැඳී සිටීම සඳහා හිමිව තිබූ වීසා කාලය ඉක්මවා ගොස් තිබූ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මොවුන් සියලුදෙනා අවුරුදු 20ත් 30ත් අතර වයස්වල පසුවන පිරිමි පුද්ගලයින් වන අතර ශ්‍රී ලංකාවේ සිට ඩුබායි වෙත ගොස් යුරෝපා රටවලට පිවිසීමට සැලසුම් කර තිබූ බව සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් බංග්ලාදේශ ජාතිකයින් වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ රැඳවීමට පියවර ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Continue Reading

පුවත්

වහල පියැසි සෝලා ගෙවීම් අඩු කිරීමට කැබිනට්ටුවට යෝජනාවක්!

Published

on

By

වහල පියැසි මත සවිකරන සෝලා පැනල සඳහා විදුලි ඒකකයකට ගෙවනු ලබන මුදල සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

විදුලි බල මණ්ඩලයේ නිර්දේශවලට අනුව අදාළ සංශෝධනයන් සිදුකිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බව බලශක්ති අමාත්‍යංශය ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ අනුව ඉදිරියේ දී පියැසි මත සවිකරනු ලබන සෝලා සඳහා විදුලි ඒකකයකට ගෙවනු ලබන මිල ගණන් සංශෝධනය කර ඇති අතර උත්පාදනය කරනු ලබන විදුලි ඒකක ප්‍රමාණයට අනුව එම මිල ගණන් වෙනස් කිරීමට යෝජනා කර තිබේ.

මේ වන විට විදුලි ඒකකයක් සඳහා රුපියල් 27ක මුදලක් ගෙවනු ලබන අතර නව සංශෝධනයත් සමග එය රුපියල් 19 දක්වා අඩු කිරීමට නියමිතය.

කිලෝවොට් 20ට අඩු උත්පාදනය කරන සෝලා පද්ධති සඳහා ඒකකයකට රුපියල් 19ක ගෙවීමක් සිදුකරන අතර කිලෝවොට් 20ත් 100ත් අතර විදුලි උත්පාදන පද්ධතියක් සඳහා ඒකකයකට රුපියල් 17ක මුදලක් ද කිලෝවොට් 100ත් 500ත් අතර පද්ධතියක් සඳහා ඒකකයකට රුපියල් 15ක මුදලක් ද ගෙවීමට යෝජනා කර ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් මෙම මිල සංශෝධනයන් දැනට ස්ථාපිත කර ඇති සෝලා පද්ධති සඳහා අදාළ නොවන අතර නව සෝලා පද්ධති ස්ථාපිත කිරීමේ දී පමණක් මෙම සංශෝධනයන් සිදුකිරීමට නියමිතව තිබේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දෙවුන්දර වෙඩිතැබීමට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

Published

on

By

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස සිංහාසන මාර්ගයේදී පසුගියදා තරුණයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරු පෙරේදා (23) අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගන්දර පොලිස් වසමේදීය.

වෙඩිතැබීම සඳහා සැකකරුවන් පැමිණි බවට සැකකරන වෑන් රථයට ඔවුන් විසින්ම ගිනි තබා අනර්ථය සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් මෙම සැකකරු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ගන්දර පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් ගන්දර පොලීසිය හා මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved