Connect with us

පුවත්

ට්‍රම්ප්ගේ බද්ද නිසා ලංකා ආර්ථිකයටත් බලපෑම්; වැට් බද්දත් තීරුබදුවලට එකතුකරන්න යයි

Published

on

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ක්‍රියාත්මක කිරීමට යෝජිත නව අන්‍යෝන්‍ය බද්ද (Reciprocal Tax) හේතුවෙන් මෙරටින් ඇමෙරිකාවට අපනයනය කරනු ලබන ඇඟලුම් ඇතුළු නිෂ්පාදනවලට බලවත් පහරක් වදිනු ඇතැයි වාර්තා වේ.

ලබන අප්‍රේල් මාසයේ සිට මෙකී නව බදු ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමට ඇමෙරිකානු රජය තීන්දු කර ඇත.

ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා බදු ආදායම් පරතරය දෙරටටම සමාන්තර අයුරින් ක්‍රියාත්මක කිරීම නව බද්දේ අරමුණ බව සඳහන්ය.

දැනට වාර්තා වන ආකාරයට ඇමෙරිකාව ශ්‍රී ලංකාවෙන් වසරකට අමෙරිකානු ඩොලර් බිලියන 3 ක මිලදී ගැනීම් සිදු කරන අතර ශ්‍රී ලංකාව වසරකට ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 600 ක මිලදී ගැනීම් සිදු කරයි. 

මෙම තත්ත්වය යටතේ ඇමෙරිකාවට වාර්ෂිකව සිදු කරන ඩොලර් බිලියන 2 කට අධික වෙළෙඳ අවාසිය පියවා ගැනීමට එරටට ආනයනය කරනු ලබන ශ්‍රී ලාංකික භාණ්ඩ හා සේවා වෙනුවෙන් වන බදු අනුපාත ඉහළ නැංවීම සිදුකෙරෙනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.

මෙය ශ්‍රී ලංකාවට පමණක් බලපාන බද්දක් නොවන අතර ට්‍රම්ප් පරිපාලනය විසින් ලොව බොහෝ රටවල් සඳහා ක්‍රියාත්මක කෙරෙන්නක් බවද සඳහන්ය. 

කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා අය කරන වැට් බද්ද ද තීරු බද්දක් ලෙස සැලකීමට ට්‍රම්ප් පරිපාලනය තීන්දු කර තිබේ.

මූලාශ්‍රය – දේශය

පුවත්

ඉන්දියාව සමඟ අත්සන් කළ අවබෝධතා ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්

Published

on

By

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය ඇතුළු අමාත්‍ය මණ්ඩලය නම් කර ඇත.

පෙත්සම්කරු කියා සිටින්නේ ඉකුත් දා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුම හේතුවෙන් මෙරට ආණ්ඩුක්‍රමව ව්‍යවස්ථාවට මෙන්ම ජාත්‍යන්තර නීතියට ද පටහැනි බවය.

මෙම අවබෝධතා ගිවිසුමේ අන්තර්ගත කරුණු පිළිබඳව මෙතෙක් මහජනතාව දැනුවත් කර නොමැති අතර එය ජනතාවගේ ව්‍යවස්ථාදායක අයිතිය උල්ලංඝනය කිරීමක් බව පෙත්සමෙන් චෝදනා කර තිබේ.

මෙම අවබෝධතා ගිවිසුම තුළින් ශ්‍රී ලංකාවේ ස්වෛරී භාවයට මෙන්ම භෞමික අඛණ්ඩතාවයට ද හානි සිදු වී ඇති අතර මෙම අවබෝධතා ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකොට අත්සන් තැබීමට රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් පෙත්සමෙන් චෝදනා කර ඇත.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝග නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයද සිටියි.

ඊට අමතරව සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් වග උත්තරකරුවන්ගෙන් රුපියල් ලක්ෂ 20ක වන්දියක් අයකර දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

Continue Reading

පුවත්

නව මන්ත්‍රීවරයෙක් අද දිවුරුම් දෙයි

Published

on

By

සමන්ත රණසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ අද (08) දිවුරුම් දුන්නේය.

අභාවප්‍රාප්ත කෝසල නුවන් ජයවීරගේ මහතාගෙන් පුරප්පාඩු වූ ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා සමන්ත රණසිංහ මහතාව එලෙස පත් කෙරුණි.

සමන්ත රණසිංහ මහතා 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය රඹුක්කන ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළේය.

Continue Reading

පුවත්

පාර්ලිමේන්තුව රැස්වේ (සජීවී විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

මැයි මස පළමුවැනි රැස්වීම් සතියේ පළමුවැනි රැස්වීම් දිනය ලෙස අද (08) පෙ.ව. 9.30ට පාර්ලිමේන්තුව රැස්විය.

අද (08) පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.

පෙ.ව. 10.00 – පෙ.ව. 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර,

පෙ.ව. 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ.

පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා  රේගු ආඥා පනතේ (235 අධිකාරිය වූ) “අ” උපලේඛනයේ විධිවිධාන යටතේ ආනයන තීරුබදු සම්බන්ධයෙන් 2025.04.09 දින ඉදිරිපත් කරන ලද අංක 2421/05 දරන 2025.01.27 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයට අදාළ යෝජනා සම්මතය විවාදයට ගැනීමට තීරණය වී ඇත.

ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට ද නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved