Connect with us

පුවත්

ට්‍රැෆ්‍රික් එක ගැන බලන්න ඩ්‍රෝන කැමරා

Published

on

රථවාහන තදබදය නිරීක්ෂණය කිරීම සඳහා අද (02) සිට යළිත් ඩ්‍රෝන කැමරා යොදවන බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කළේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බවය.

වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවද ඔහු පවසා තිබේ.

කොළඹ නගරයේ සහ තදාසන්න ප‍්‍රදේශවල දෛනිකව පවතින දැඩි රථ වාහන තදබදය අවමකර ජනතාවට සහනයක් සැලසීමේ අරමුණෙන් මෙම ක‍්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ක්‍රීඩා

19න් පහළ T20 බාලිකා ලෝක කුසලානය මලයාසියාවේදී ඇරඹෙයි

Published

on

By

වයස අවුරුදු 19න් පහළ T20 බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (18) මලයාසියාවේදී ආරම්භ වේ.

කණ්ඩායම් 16ක් මෙවර තරගාවලියට එක්ව සිටිති.

ශ්‍රී ලංකා කණ්ඩායම ඒ කාණ්ඩයෙන් මනුදි නානායක්කාරගේ නායකත්වයෙන් මේ තරගාවලියේදී තරග වැදීමට නියමිතය. 

එම කාණ්ඩයෙන් තරග කරන අනෙකුත් කණ්ඩායම් වන්නේ සත්කාරක මලයාසියාව, බටහිර ඉන්දීය කොදෙව් සහ වත්මන් ලෝක ශූර ඉන්දීය කණ්ඩායමයි.

තරගාවලිය ආරම්භ කරමින් අද දිනයේ තරග 6 ක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය හෙට සත්කාරක මලයාසියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Continue Reading

පුවත්

ඇමරිකාව තුළ TikTok තහනම් කරයි

Published

on

By

එළඹෙන ඉරිදා සිට අමෙරිකා එක්සත් ජනපදය තුළ ටික්ටොක් (TikTok) යෙදවුම තහනම් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

චීනයේ ‘බයිට් ඩාන්ස්’ නම් තාක්ෂණික සමාගමට අයත් ටික්ටොක් (TikTok) සමාජ මාධ්‍ය යෙදවුම ලොවපුරා අතිශයින් ප්‍රචලිත වූවකි.

2012 වසරේදී නිර්මාණය කෙරුණු මෙම යෙදවුම ඉතාම කෙටි කලක් තුළ ලොව වඩාත් වේගවත්ම සමාජ මාධ්‍ය ජාලය ලෙස ප්‍රසිද්ධ විය.

ටික්ටොක් යෙදවුම සඳහා අන්තර්ගත නිර්මාණකරුවන් රාශියක් ලොවපුරා බිහිවූයේ ඊට වෙනමම කර්මාන්තයක් ලෝකයේ බිහිකරමිනි.

මේ අතර චීන නිෂ්පාදනයක් වන ටික්ටොක් (TikTok) යෙදවුම හරහා චීනය අමෙරිකාවේ තොරතුරුවලට පිවිසෙන බවත්, එය අමෙරිකාවට තර්ජනයක් බවටත් එරට රජයේ ජාතික ආරක්ෂක බලධාරීන් චෝදනා කර තිබුණි.

ඒ අනුව ටික්ටොක් අයත් බයිට් ඩාන්ස් සමාගමට නියෝග කෙරුණේ එම යෙදවුම අමෙරිකානුවෙකු වෙත අලෙවි කරන ලෙසය.

නැතිනම් ජනවාරි 19 වැනිදා සිට එම යෙදවුම අමෙරිකාව තුළ තහනම් වනු ඇති බවට දැනුම් දී තිබුණි.

ඒ අනුව එම සමාගම එම නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබූ අතර එය ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය සිය පූර්ව තීන්දුව තහවුරු කළේය.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මිලියන ගණනක් වූ අමෙරිකානු ටික්ටොක් පරිශීලකයන් සහ අන්තර්ගත නිර්මාණකරුවන් මෙම නියෝගය පිළිබඳ සිය කනස්සල්ල පළ කරන බවයි.

කෙසේනමුත් මෙම නියෝගය ක්‍රියාත්මක කිරීම ට්‍රම්ප් පාලනයට භාරවනු ඇතැයි ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

මේ අතර අමෙරිකාවේ තේරීපත් වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ටික්ටොක් යෙදවුම පිළිබඳ තීරණය තමා ඉදිරියේදී දැනුම් දෙන බවය.

විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ‘එම තීන්දුව කුමක්දැයි බලාසිටින ලෙස’ ඔහු සඳහන් කර තිබේ.

Continue Reading

පුවත්

ගාසා තීරයේ සටන් විරාමයකට ඊශ්‍රායල කැබිනට් අනුමැතිය

Published

on

By

ගාසා තීරයේ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා වන ගිවිසුමකට අත්සන් තැබීමට ඊශ්‍රායල කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.  

කැබිනට් අමාත්‍යවරුන්, හමාස් සංවිධානය සමග ගිවිසුම්ගත වීමට සිය අනුමැතිය ලබාදුන්නේ පැය 6ක පමණ රැස්වීමකින් අනතුරුව බව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලය නිවේදනය කර ඇත.

ඒ අනුව ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම හෙට සිට ආරම්භ කිරීමට නියමිතය.

යුද්ධය අවසන් කිරීමේ පළමු අදියර ලෙස සැලකෙන මෙම සටන් විරාමය හරහා, සති හයක කාලයක් තුළ ගාසා හි රඳවා සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 33 දෙනෙකු සහ ඊශ්‍රායල බන්ධනාගාර වල රඳවා සිටින සියළුම පලස්තීන කාන්තාවන් සහ දරුවන් නිදහස් කෙරේ.

කෙසේ නමුත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අද අලුයමද, ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාර වලින් පලස්තීනුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවයි.

ඒ අනුව සටන් විරාමය පිළිබඳව නිවේදනය කෙරුණු පසුගිය බදාදා දිනයේ සිට මේ දක්වා මියගොස් ඇති පලස්තීනුවන් සංඛ්‍යාව 119ක් දක්වා ඉහළ ගොස් ඇති බවද පැවසේ.

ඊජිප්තුව සහ අමෙරිකාවේ මැදිහත්වීමෙන් කටාර් රාජ්‍යයේ දෝහා අගනුවර පැවති සාම සාකච්ඡා වලින් පසු මෙම සටන් විරාමය පිළිබඳව නිවේදනය කෙරිණ.

නමුත් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පෙරේදා ප්‍රකාශ කළේ, හමාස් සංවිධානය විසින් ඇතැම් කොන්දේසි වෙනස් කිරීමට උත්සහ දරණ බැවින් ගිවිසුමට අත්සන් තැබීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දීම කල් දමන බවයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved