බම්බලපිටිය, ඩුප්ලිකේෂන් පාර, ජුබිලි බුලස් හංදිය අසල දී අද (14) අලුයම බස් රථයක් අනතුරට ලක්ව තිබේ.
කොළඹ සිට කතරගම බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් තුම්මුල්ල දෙස සිට පැමිණි ලොරි රථයක ගැටී මාර්ගයේ පෙරළී ගොස් ඇති බව බම්බලපිටිය පොලීසිය සඳහන් කරයි.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 15 දෙනෙකු පමණ සිට ඇති අතර, ඉන් තුවාල ලැබු කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයින් 5 දෙනෙක් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
බස් රථය විදුලි පහන් සංඥා නොතකා ධාවනය කිරීම හේතුවෙන් අනතුර සිදුව ඇති බව සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇත.
අනතුර සම්බන්ධයෙන් බම්බලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.