Connect with us

පුවත්

ටීවී රේටිං ක්‍රමය අක්‍රමවත් හා පක්ෂාග්‍රාහියි – අනූෂ පැල්පිට

Published

on

රූපවාහිනී නාලිකා ශ්‍රේණිගතකිරීමේ ක්‍රමය (Rating) නිවැරදි නොවන බවත් එය අක්‍රමවත් සහ පක්ෂග්‍රාහී ආකාරයකට සිදුවන්නක් බවත් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ 2019, 2020 සහ 2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂාකිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (25) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අනූෂ පැල්පිට මහතා සඳහන් කළේ රේටින් ලබාගැනීම ගණනය කිරීම සඳහා අහඹු ලෙස තෝරාගත් රූපවාහිනී යන්ත්‍ර 400ක පමණ උපකරණයක් සවිකොට දත්ත ලබාගන්නා බවයි. මෙහිදී ප්‍රධාන මාධ්‍ය ආයතන තුනක් පමණ එම ගණනයකිරීම් සිදු කරණ ආයතනවලට මුදල් ලබාදී මෙම උපකරණ සවිකළ රූපවාහිනී යන්ත්‍ර 300 පමණ මිලදීගෙන ඇති බවත් මේ නිසා ලැබෙන දත්ත නිවැරදි නොවන බවත් ඒ මහතා පෙන්වා දුනනේය.

එසේම රාජ්‍ය මාධ්‍ය සඳහා පෞද්ගලික මාධ්‍ය ආයතනවලට වඩා වැඩි වගකීමක් පවතින බැවින් නාලිකා ශ්‍රේණිගතකිරීමේදී ඉදිරියට පැමිණීම අරමුණුකොටගෙනම කටයුතු කළ නොහැකි බවත් හෙතෙම සඳහන් කළේය.

එසේම මාධ්‍යවේදීන් සඳහා හැදුනුම්පත් නිකුත් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ අතර වඩාත් සක්‍රීයව ප්‍රවෘත්ති ලබාදීමට දායකත්වය ලබාදෙන මාධ්‍යවේදීන් ඇගයීමේ ක්‍රමයක් සකස්කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී කමිටුවේදී සාකච්ඡා කෙරිණි.

තවද මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණු ලෙස දක්වා තිබූ කාර්යයන් 18ක වර්තමාන ක්‍රියාකාරීත්වය පිළිබඳවද සාකච්ඡා විය. විශේෂයෙන්ම මෙහිදී විදේශ කටයුතු අමාත්‍යාංශ හරහා දේශීය තොරතුරු විදේශීය රටවලටත්, විදේශ තොරතුරු මෙරට ජනතාවටත් ලබාදීම සම්බන්ධයෙන් ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස්කිරීම පිළිබඳ දීර්ඝව සාකච්ඡා කෙරිණි.

රුපියල් මිලියන 108ක් වැයකොට ප්‍රංශයෙන් මිලදීගත් දැනට භාවිතයෙන් ඉවත් කළ තාක්ෂණයක් සහිත නෙගටිව්පට යොදන යන්ත්‍රය සහ පොසිටිව්පට සෝදන යන්ත්‍රය පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ 1999 වර්ෂයේ මෙම යන්ත්‍රය මිලදීගෙන ඇති බවත් මේ වන විට මෙම තාක්ෂණය යල් පැන‌ගොස් ඇති බවත්ය. එසේම මෙම යන්ත්‍රය එක් වරක් හෝ භාවිතයට ගෙන නොමැති බවත් එය චීනච්චට්ටිවලින් නිපදවා ඇති බැවින් යකඩ වලට විකිණීම හෝ කළ නොහැකි බවත් නිලධාරීන් පෙන්වා දුන්නේය.

එසේම ස්වාධීන රූපවාහිනීසේවය සහ ජාතික රූපවාහිනී සංස්ථාව ලාබ ලබන තත්ත්වයට පත්කිරීම පිළිබඳවද, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරී සැලැස්ම සහ එහි ප්‍රගතිය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය.

පුවත්

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

Published

on

By

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03)  ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්,
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්
කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත්
 මිලදී ගන්නා බවය.

Continue Reading

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved