Connect with us

පුවත්

ටෙලිකොම් විකිණීම ජාතික ආරක්ෂාව‍ට තර්ජනයක්‍

Published

on

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීම ජාතික ආරක්ෂාව බරපතළ අනතුරක හෙළීමක් වන නිසා එම ආයතනය පෞද්ගලීකරණය නොකළ යුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කර තිබේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිකුත් කළ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට වන බලපෑම පිළිබඳ වාර්තාවේ මේ බව සඳහන්ය.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පිළිබඳව කවර හෝ තීරණයක් ගැනීමට පෙර ජාතික ආරක්ෂාවට සිදුවිය හැකි බලපෑම ආදිය ගැන විමසිලිමත් විය යුතු බව සඳහන් වේ.

විදුලි සංදේශ පද්ධතියට එල්ල වන සාර්ථක සයිබර් ප්‍රහාරයකට ජාතික ආරක්ෂාව බරපතළ අනතුරකට ලක් කළ හැකි බවත් දුරකථන භාවිතා කරන්නන් දහස් ගණනකගේ සේවා අඩාළ කිරීම ගනුදෙනුකරුවන් දස ලක්ෂ ගණනකට අන්තර්ජාල පහසුකම් අහිමි කිරීම ව්‍යාපාර අකර්මණ්‍ය කිරීම මෙන්ම රජයේ මෙහෙයුම් වසා දැමීම කළ හැකි බවත් එම වාර්තාවේ සඳහන්ය.

රජයේ සහ ආරක්ෂක අංශවල සියලු වෙබ් අඩවි පවත්වාගෙන යනු ලබන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් හරහා වන අතර ඒ හේතුවෙන් රජයට පෞද්ගලික සමාගමකින් එම සේවාවන් ලබා ගැනීමේදී දැරිය යුතු වියදමට සාපේක්ෂව ඉහළ යනු ඇත.

ශ්‍රී ලංකා ටෙලිකොම් යනු රටේ පැරැණිතම විදුලි සංදේශ සේවා සපයන්නා වන හෙයින් ඊට දශක ගණනාවක් පුරා විහිදුණු දත්ත පද්ධතියක් තිබෙන අතර එය පෞද්ගලිකරණය කළහොත් එම සියලු දත්ත පෞද්ගලික සමාගම්වලට විවෘත වන බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

පුවත්

දුම්රිය ස්ථානාධිපත්වරු අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ

Published

on

By

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය මෙම වැඩවර්ජනය කිරීමට නියමිතව ඇත.

මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය රැසක් අවලංගු කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයිද වාර්තා වේ.

Continue Reading

පුවත්

කොටහේනේ යළි වෙඩි තැබීමක්

Published

on

By

කොටහේන ප්‍රදේශයේ තැබීමක් සිදුව තිබේ.

වෙඩි වැදීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

Continue Reading

පුවත්

ලාභ ලැබූ විදුලිබල මණ්ඩලේ යළි පාඩු ලැබීම අරඹලා

Published

on

By

ලංකා විදුලිබල මණ්ඩලය 2025 මාර්තු 31න් අවසන් කාර්තුව වෙනුවෙන් රු. බිලියන 18.47 ක අලාභයක් වාර්තා කර ඇති බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා වල දැක්වෙන බව වාර්තා වේ.

විදුලිබල මණ්ඩලය 2024 මාර්තු කාර්තුවේ දී රු. බිලියන 84.67 ක ලාභයක් වාර්තා කර තිබූ අතර ඒ හා සැසඳීමේ දී මෙය 121.8% ක ලාභදායීත්වයේ පහළ යාමකි.

මණ්ඩලය මෙලෙස යම් කාර්තුවක අලාභයක් වාර්තා කර ඇත්තේ 2024 දෙසැම්බර් 31 දක්වා අඛණ්ඩව කාර්තු 5ක් පුරාවට ලාභ ලබා තිබෙන පසුබිමක වීම විශේෂත්වයකි.

මණ්ඩලයේ ආදායම ද පසුගිය කාර්තුව තුළ දී රු. බිලියන 167.78 සිට රු. බිලියන 93.92 ක් දක්වා 44%කින් පහළ ගොස් ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ඉතිහාසයේ වර්ෂයක් තුළ වාර්තා කරන ලද ඉහළම ලාභ අගය පසුගිය 2024 වර්ෂයේ දී වාර්තා කිරීමට සමත්ව ඇති අතර එම අගය රු. බිලියන 144 කි. 2024 වසරේ කාර්තු හතරේ දීම මණ්ඩලය ලාභ අගයයන් වාර්තා කර තිබීම විශේෂත්වයකි.

මූලාශ්‍රය – අදදෙරණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved