Connect with us

පුවත්

ටෙලිග්‍රෑම් යෙදවුම නිසා සයිබර් ළමා අපයෝජන ඉහල ගිහින් 

Published

on

ටෙලිග්‍රෑම් යෙදවුම භාවිතයෙන් සිදුවන සයිබර් ළමා අපයෝජන ක්‍රමයෙන් ඉහළ ගොස් ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විමර්ශන හා සයිබර් ආවේෂණ ඒකකයේ ස්ථානභාර විමර්ශන නිලධාරි චම්පික කේ. අයගම මහතා කියයි.

පසුගිය වසරේදී වාර්තා වූ සයිබර් ළමා අපයෝජන අතරින් සියයට දෙකක ප්‍රතිශතයක් ටෙලිග්‍රෑම් යෙදවුම ඔස්සේ වූ අපයෝජන වන අතර 2024 වන විට එය සියයට දහය දක්වා වැඩි වී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විමර්ශන හා සයිබර් ආවේෂණ ඒකකය සඳහන් කරයි.

ටෙලිග්‍රෑම් යෙදවුම භාවිතයේ පවතින දැඩි අනාරක්ෂිත භාවය හේතුවෙන් ළමා ආරක්ෂක අධිකාරියේ විමර්ශන හා සයිබර් ආවේෂණ ඒකකයට වාර්තා වන ඇතැම් සිදුවීම්වලට එරෙහිව විරුද්ධව නීතිමය පියවර ගැනීම පවා ගැටලුවක් වී ඇති බව හෙතෙම පෙන්වා දෙයි.

අවුරුදු 14 සහ 17 අතර වයස් කාණ්ඩයේ පසුවන දරු දැරියන් වැඩි වශයෙන් සයිබර් අපයෝජනවලට ගොදුරු වී ඇති බවත් ඉන් බහුතරය දැරියන් බවත් වාර්තා වී ඇත. අපරාධකරුවන් අතර වැඩිහිටි අයවලුන් මෙන්ම දරුවන් සිටින බව සයිබර් ආවේෂණ ඒකකය සඳහන් කරයි. කෙසේවුවද අනෙක් සමාජ මාධ්‍යවල මෙන් ටෙලිග්‍රෑම් යෙදවුම භාවිතයේදී ගිණුම් හිමියා හෝ අපරාධකරු නිශ්චිතවම හඳුනාගත නොහැකි වීම අනතුරුදායක තත්ත්වයක් බව විමර්ශන නිලධාරි චම්පික කේ. අයගම පෙන්වා දෙයි.

ලිංගික ඇවිටිලි කිරීම්, ඡායාරූප විකෘති කර ප්‍රසිද්ධ කිරීම, ඡායාරූප හුවමාරු කිරීම් ආදිය සයිබර් ළමා අපයෝජන අතර බහුල ලෙස වාර්තා වී තිබේ.

අන්තර්ජාලය හරහා හුවමාරු වන ළමා ලිංගික ඡායාරූප හා වීඩියෝ ඉවත් කිරීමට ජාත්‍යන්තර වැඩසටහනක් පැවතියද ටෙලිග්‍රෑම් ආයතනය එයට සහයෝගය දී නොමැති බව විමර්ශන නිලධාරි චම්පික. කේ. අයගම පැවසීය. මේ හේතුවෙන් සයිබර් ළමා අපරාධ පාලනය අපහසු වී ඇත.

මූලාශ්‍රය – අරුණ

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved