Connect with us

පුවත්

ඩබ්ලිව් පීසී ග‌ේ නිරුවත් උඩුකය නෙට් එකට දැමූ පීසී අයිස් කාරයෙක්!

Published

on

සිය පොලිස් පෙම්වතියගේ නිරුවත් ළැම ප්‍රද‌ේශය‌ේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පොලිස් මූලස්ථානයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් පෙරේදා (15) අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සිය පොලිස් පෙම්වතිය සමඟ වීඩියෝ දුරකතන සංවාදයක් යන අතරතුරදී ඇගේ ළැම බැලීමට ආශාවක් ඇතැයි සඳහන් කරමින් ඇයට පෙරැත්ත කර ළැම ප්‍රදේශය පෙන්වාගෙන එය පටිගත කර මෙලෙස ප්‍රචාරය කර ඇත.

මෙම අපරාධයට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයා අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට තදින්ම ඇබ්බැහි වී සිටින්නකු බව ද ඔහුව අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කිරීමේදී අනාවරණය වී ඇත.

ඇය විසින් සිය පොලිස් පෙම්වතාට ළැම ප්‍රදේශය පෙන්වා ඇත්තේ පොලිස් නිල ඇඳුමින් සැරසී සිටියදීය. 

ඊට අමතරව දෙදෙනා නතිවම හමුවූ අවස්ථාවලදී හෝටල්වලදී එකට සිටි අවස්ථා ද වීඩියෝගත කර ඒවා ද මෙම නිලධාරියා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ඇති බව සඳහන්ය.

ඇය නිල ඇඳුමින් සිටියදී ළැම පෙන්වීම සිදු වන්නේ 2022 වසරේ අගෝස්තු 12 වැනිදා හෝ ඒ ආසන්න දිනයකදී බව සඳහන්ය. 

එකල ඇය සේවයේ නිරතව සිට ඇත්තේ මිල්ලනිය පොලිස් ස්ථානයට අනුයුක්තවය. 

ඇය පවසන්නේ මිල්ලනිය පොලිසියේ කාන්තා භට නිවාසයේදී එම සිදු වීම වූ බවය.

අනතුරුව දෙදෙනා විටින් විට හමුවී ඇති බවත් ඒ හැම දෙයක්ම මෙම නිලධාරියා විසින් රහසිගතව වීඩියෝගත කරගෙන සිට ඇති බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය. 

මෙම නිලධාරියාගේ ඇතැම් හැසිරීම් ගැන කලකිරී නිලධාරිනිය විසින් ඔහුව අතහැර දැමීමෙන් පසු මෙම වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමට පටන්ගෙන තිබෙන බව කියැවේ. 

තමාගේ නිරුවත් ඡායාරූප හා දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන බව මෙම නිලධාරිනිය දැන ගෙන ඇත්ත‌ේ පසුගිය 06 වැනිදාය. 

පසුව ඇය ඉකුත් 07 වැනිදා මේ ගැන පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කර තිබේ.

ඒ අනුව කළ විමර්ශනයකින් අනතුරුව මෙම නිලධාරියාව අත්අඩංගුවට ගෙන ඇත. 

මේ වන විට මෙම නිලධාරිනිය දිවුලපිටිය පොලිස් ස්ථානයට අනුයුක්ත සේවයේ නිරතව සිට ඇත. 

එබැවින් මීගමුව සහකාර පොලිස් අධිකාරිවරයා විසින් ඇගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම ගැන විනය පරීක්ෂණයක් ද කර තිබේ. 

ඇය විසින් පොලිස් නිල ඇඳුමින් ළැම පෙන්වීම මුල්කරගෙන ඇගේ වැඩ තහනම් කිරීමට මෙහිදී මීගමුව සහකාර පොලිස් අධිකාරිවරයා විසින් පියවර ගෙන ඇත.

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved