Connect with us

පුවත්

ඩයනාට එරෙහි නඩුව විභාගයට දින නියම වෙයි

Published

on

ජාතික හැදුනුම්පත සකස් කිරීම සදහා කූඨ ලේඛන ඉදිරිපත් කරමින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජනරාල්වරයා ඇතුලු නිලධාරීන් රැවටීම ඇතුලු චෝදනා 03ක් යටතේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන වසරේ ජනවාරි 09 වනදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කලේය.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ අද (04) එම නඩුව කැදවන ලදී.

එම අවස්ථාවේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අධිකරණය හමුවේ පෙනී සිට තිබුණි.

මෙම නඩුවට අදාළ නඩු භාණ්ඩ ආරක්ෂා සහිතව සේප්පුවේ තැන්පත් කර තබන ලෙස එහිදී විනිසුරුවරයා නඩු භාණ්ඩ භාරකරුට නියෝග කර තිබේ.

එමෙන්ම, සාක්ෂි ලබා දීම සදහා 01, 04 සහ 12 යන පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමටද එහිදී විනිසුරුවරයා නියෝග කරනු ලැබීය.

2004 ඔක්තෝම්බර් මස 09 වනදා සහ 2004 දෙසැම්බර් මස 01 වනදා යන කාල සිමාව අතරතුරදී ශ්‍රී ලාංකීය පුරවැසියකු නොවන බව දැන්වීමට හා සිය නම ඩයනා ගමගේ ලෙස නීත්‍යානුතකූලව සංශෝධනය කර නොතිබියදී එම නමින් ජාතික හැදුනුම්පත ලබා ගැනීමට කූඨ ලේඛන ඉදිරිපත් කිරීම, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජනරාල්වරයා ඇතුලු නිලධාරීන් රැවටීම ඇතුලු චෝදනා 03ක් යටතේ මෙම නඩුව පවරා ඇත.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved